Pages

Thursday, June 14, 2012

දළඹු ගීතය..



මම පුන්චි දළඹුවෙක්..
හෙමි හෙමින් ඇවිදින
කවුරුවත් ආස නැති කැත බූව වලින් පිරි

දළඹුවෙක්..
ඒ වුනත් කවද හරි...
සමනළෙක් වෙනවලු මමත්
පාට පිහාටු තියන
මලින් මලට ඉගිලෙන
ලස්සන පාට සමනළයෙක්...
එතකොට..
මගෙ තටු මොන පාට වේවිද..
කොයි තරම් ඈතට ඉගිලෙන්න හැකිවෙයිද.. 
එදාට හැමෝම මන් දිහා බලාවි..
ඉතින් තව කොච්චර කල් යයිද..
සමන
යෙක් වෙන්න…
සතියක්-මාසයක්-නෑ ඊටත් වැඩි වේවි
ඊට කලින් මම මැරේවිද..
ඒ වුනත්..
සමනල් පිහාටු ලස්සන වුනාට
හරිම සියුමැලියිලු
යන්තමට බිදිල ගියොතින්
මැරිල යන්නත් හැකිලු
ඒ වු
ත් කමක් නෑ..
දළඹුවෙක් වෙලා ගෙවන
මේ ජීවිතේට වඩා,
සමනළයෙක් වෙලා මැරෙන එකත් හොදයි... 
අඩු ගනනෙ මට ලෝකෙන්
ආදරේ  වත් ලැබේවි නෙ…
එ වුනත් මම තාම දළඹුවෙක්...
කවුරුවත් ආස නැති කැත බූව වලින් පිරි
දළඹුවෙක්...

13 comments:

  1. දැන් කැත දළඹුවෙක් උනාට කවදා හරි ලස්සන සමනලයෙක් වෙනවනේ.....

    ReplyDelete
    Replies
    1. එතකන් තමයි එයත් බලාගෙන ඉන්නෙ..:) ස්තූතියි කමෙන්ටුවට මලයා..

      Delete
  2. මේකට හොඳ උදාහරණ මනුස්ස ජීවිතෙන් වුණත් ගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. මට වෙලාවකට හිතෙනව මාත් උදාහරණයක්ද කියල..ස්තූතියි අපෙ බ්ලොග් එකට ආවට හසිත...:)

      Delete
  3. හොද නිසදැසක්...
    මේ බ්ලොග් එක ප්‍රසිද්ධ කරගන්න අදහසක් නැද්ද..?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුමිත්...ප්‍රසිද්ධ කරන්නෙ කොහොමද? කියන්නකො..

      Delete
    2. ඔය ජනප්‍රිය බ්ලොග් වලට ගිහිල්ලා ටිකක් ඇවිස්සෙන විදියෙ කමෙන්ට්ස් දාන්න.

      Delete
    3. මට හිතෙන විදියට අපි ප්‍රසිද්ධිය හොයාගන යන්නෙ නැත්නම් ප්‍රසිද්ධිය අපිව හොයාන එනවා...

      Delete
    4. ඒකත් ඇත්ත..ඒත් අපිට හුගක් වෙලාවට නැත්තෙ ඉවසීමයි විශ්වාසයයි...දළඹුවන්ට වගෙ...:) ස්තූතියි වැසි දැරියෙ මේ පැත්තෙ ආවට :)

      Delete
    5. සින්ඩිකේටර් දෙකතුනකට දාලා දාන්න .......... එතකොට බලන්න එන ගාන වැඩිවෙනවානේ ......... වැඩියෙන් එන තරමටනේ අපි ‍ලියනදේ වටිනා කම වැ‍ඩිවෙන් නේ ..........

      Delete
  4. සමනළයෙක් වෙන්ඩ කලින්..
    මං මැරිල යන්නත් පුළුවන්!
    ඉතින් මේ අවලස්සන දළඹු ජීවිතේට
    පෙම් නොබැද..?


    ලස්සන අදහසක් සහෝදරී..
    මේ බ්ලොග් එක ෆලෝ කරන්න තැනක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අපෙ බ්ලොග් එකට ගොඩ වැදුනට සහෝදරී...ඉක්මනටම දාන්නම්..

      Delete