මේ තරම් කතන්දර..
කොහෙන්දෝ හිතට
කතා නොකරම හිටියද
කල්ප ගානක්..
වදන් නොමැතිව හිටියද
කියා ගන්නට..
කෙනෙක් නැතිවම හිටියද..
කියා දෙන්නට..
හිතේ තිබුනද..මේ හැම කතන්දර..
මුදා ලන්නට හැකිනම්
මේ කතා හිස් අහසට..
කුරුල්ලන් වගේ ඉගිලිලා යන්නට..
කෑ ගසා කියන්නට
ලෝකෙටම ඇහෙන්නට...
අඩු තරමෙ නුඹට වත් ඇහෙන්නට....
හිතේ ගුලි වුණු කතන්දර...
කෑ ගසා කියන්නට
ReplyDeleteලෝකෙටම ඇහෙන්නට...
අඩු තරමෙ නුඹට වත් ඇහෙන්නට....
හිතේ ගුලි වුණු කතන්දර... ,,,,,,,,,,,,,,,,,,,,,,,
ලස්සනයි......
ස්තූතියි ශානු..:)
Deleteඅහගෙන ඉන්නම්..
ReplyDeleteඅනේ පුළුවන් නම් ලොකු උදව්වක්....;)
Deleteඔය වයසට කොහොමත් හිතේ ගොඩ ගැහෙනවා...එක එක ජාතියේ
ReplyDelete............කතන්දර...........
ඒක තමා මාත් මේ හිතුවෙ....;)
Deleteලස්සනයි..
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
එසේය මහරජතුමනි..ස්තූතියි මෙහෙ යහපත් වුනාට...!
ReplyDeleteකිසිම දෙයක් හිතේ ගුලි කරගන්න එපා. එළියට දාන්න. ගලා ගෙන යන්න දෙන්න
ReplyDeleteඅහන් ඉන්න කෙනෙකුත් එපැයි...:(
Deleteඒවා මෙහෙම හරි ලියලා දාන්න. කවදා හරි කවුරු හරි ඒවා කියවයි
Delete