Pages

Thursday, May 24, 2012

මම බයයි උඹට...



මම පොඩි කාලෙ ඉදලම උඹට තිබුනෙ පුදුම බයක්. මම කොහේ ගියත් හැමතිස්සෙම බය උනා උඹ මගෙ ළගට එයි කියලා. උඹ මගෙ ලගට එනවා කියලා දැනුනොත් මම දුවගෙන යනවා කාව හරි හොයාගෙන. පොඩි කාලෙ ඉදන්ම උඹෙ තියන නපුරු කම මම දැනන් හිටියාමම වෙලාවකට හිතුවා කවුරුවත් උඹට කැමති නැති නිසා මාව හොයන් එනවද කියලාඒත් මම දැක්ක සමහරු උඹට කැමති බව. මම හිතුවේ උන්ට පිස්සු කියලා."උඹත් එක්ක මනුස්සයෙකුට ඉන්න පුළුවන්ද..?" මම එහෙම හිතුවා.අපේ අම්මලා මම පොඩි කාලේ කවදාවත් මාව උඹ එක්ක තියල ගියෙ නෑ. ඒත් ටිකක් ලොකු වෙද්දි ගොල්ලන් උඹව විශ්වාස කරන්න පටන් ගත්තා. මාව උඹ එක්ක තියලා, මාව දාලා ගියා. කරන්න දෙයක් නැති කමට මම උඹ එක්ක හිටියා.  

මම ටිකක් ලොකු වෙද්දි උඹ මගෙන් පලා ගියා. මට යාළුවො ගොඩක් හිටපු නිසා වෙන්න ඇති. අපේ මිත්‍ර සමාජයට උඹට එන්න ඉඩක් තිබ්බෙම නෑ. කාලෙදිත් මට උඹට තිබුණු අකමැත්ත වැඩි මිසක් අඩු උණෙ නෑ. කාලෙදි මට එක එක අය මුණ ගැහුණා. මම කා එක්කත් ආශ්‍රය කළා. කවුරු උණත් උඹට වැඩිය හොදයි , උඹ එක්ක ඉන්නවට වැඩිය ඕන කෙනෙක් එක්ක ඉන්න එක හොදයි කියලයි මම හිතුවෙ. මම දැනගෙන හිටියා, මගේ යාළුවො මාව දාලා ගියොත් උඹ මාව හොයාගෙන එනබව. ඒක හින්දා මම සමහරු නපුරු යාලුවොත් එක්කත් හිටියා, උන්ගේ කෙණෙහිළිකම් විදගෙන. පුළුවන්කමකට නෙවෙයි. උඹට තියන අකමැත්ත නිසා. උඹ මගෙ ළගට එනවට කැමති නැති නිසා. ඇත්ත, අකමැත්තටත් වැඩිය මට තිබුණෙ බයක්. මම මේ ලෝකෙ බයම කෙනා උඹ වෙන්න ඇති. අනිත් ගොඩක් අය වගේ මමත් කැමති පුළුවන් තරම් උඹව අඩුවෙන් ආශ්‍රය කරන්න.

 ඒත් කොහොම උනත් අන්තිමේදි හැමෝම මාව දාලා ගියා. උඹ හෙමිහිට මට කිට්ටු වෙනවා මට දැණුනා. මම උඹව අදුරන්නෙ නෑ වගෙ මග අරින්න හැදුවා. ඒත් හරි ගියෙ නෑ. දරුණු, නපුරු, අදුරු ගති ඇති උඹෙන් බේරෙන්න ලේසි නැහැ. උඹෙන් පලා යන්න මට බැරි වුනා. උඹ මගෙ ඔළුව ඇතුළට රින්ගලා මගෙ මොළය කා දමනවා වගෙ මට දැණුනා. මම මගේ යාළුවන්ගෙ නම් කියලා කෑ ගැහුවා. ඒත් කාටවත් ඇහුණෙ නැහැ.

ඒත් ටික කාලයක් ගියාම මම උඹට හුරු උණා වගෙ. පොඩි කාලෙ ඉදන් හිතපු තරම්ම උඹ නපුරු නෑ වගෙ කියලා ටික ටික හිතෙන්න පටන් ගත්තා. අඩු තරමින් අර උඹ එක්ක ඉන්න වෙනවට කියල මම හිටපු දරුණු මිනිස්සුන්ට වඩා උඹ හොදයි. උඹට තියන බයට, මම උන් එක්ක ඉදලා කර ගත්තෙ මෝඩ කමක්. උන් මගෙ කාලය විතරක් නෙවෙයි ජීවිතෙත් නාස්ති කරලා කියලා මට දැණුයි තෙරෙන්නෙ. උන් දැනන් හිටියා මම උඹට බය බව. ඒකෙන් උන් කොච්චර ප්‍රයෝජන ගත්තද. අපරාදෙ එහෙම වුනේ. ඒත් තාමත් මම උඹට එහෙමටම කැමති නැහැ. කොහොම උණත් සමහර වෙලාවල් වලට උඹ එක්ක ඉන්න මම කැමතියි. සමහර විට මගෙ වටේ ගොඩක් අය ඉදිද්දිම උඹත් මා එක්ක ඉන්නවා. සමහර විට මම උන්ට බොරු හිනාවක් එක්ක හොද මූනක් පෙන්නලා උඹ එක්ක කතා කර කර ඉන්නවා. සමහර වෙලාවට වැඩ වලින් පීඩනයට පත් වුණාම පැත්තකට වෙලා හිත සන්සුන් කර ගන්න උඹ මට උදව් කරනවාමට මන් ගැනම ගොඩක් දේවල් උඹ කියලා දුන්නා. පාඩම් වෙන කිසිම යාළුවෙක්ගෙන් ඉගෙන ගන්න බැරුව ඇති. මම ඉස්සරට වැඩිය උඹ එක්ක හොද යාළුකමක් ඇති කරගෙන කියලයි හිතෙන්නෙ. කොහොම වුණත්, උඹේ තියන අදුරු ගතිය නිසා, මට උඹ එච්චරම ප්‍රිය මනාප නම් නැහැ. මොකක් හරි හේතුවක් නිසා උඹ එක්ක ගොඩක් වෙලා ඉන්නත් මම බයයි. ඒත් කවුරු හරි ඇහුවොත් මම කියනවා උඹ මගෙ හොද යාළුවෙක් කියලා. ඔව්උඹ මගෙ හොද යාලුවෙක්..............................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................හුදෙකලාව....

8 comments:

  1. හ්ම්ම්...ලස්සනට ලියලා තියෙනවා උමා....මාත් එක්කනම් එයා ගොඩක් වෙලාවට ඉන්නවා.මාත් එයාට කැමති....

    ReplyDelete
  2. මමත් දැන් නම් එයාට ටිකක් කැමතියි..අර කිව්ව වගේ හැම තිස්සෙම නෙවෙයි..ස්තුතියි අපේ බ්ලොග් එක පැත්තෙ ආවට මල්ලී..

    ReplyDelete
  3. හොඳම කලාව "හුදෙකලාව"

    ReplyDelete
  4. මම වැඩිපුර කැමති නම් මිත්‍ර සමාගමයට..ඒත් සමහර වෙලාවට ඒ කලාවත් ඕනේ...

    ReplyDelete
  5. අක්කා මගේ හිතෙත් හිරවෙලා තියෙන ලොකු කතාවක් මේ ඔයා ලියලා තියන්නේ.
    ඇත්තටම මමත් වැඩිපුරමම කැමති යාළුවො එක්ක ඉන්න. ඒත් සමහර වෙලාවට මාව හොයාගෙන එන මේ නපුරු යාළුවා වෙලාවකට හිතවත්තු සේරම මැද්දෙදිත් හීන් සීරුවේ මාව යටපත් කරන් හික පුරා පැතිරෙනවා මටත් ‍නොදැනීම.. ඒ වෙලාවට ජීවිතේ එපා වෙනවා. ඒත් අර කිවිවා වගේ ඒකත් අමුතුම කලාවක්. ඒ වගේම අනෙක් බොහොම කලාවන්ගේ උපත හුදකලාව...

    ReplyDelete
    Replies
    1. ඒක එහෙම තමයි නගා..අපේ වටේ ඉන්න අය අපිට වඩා ගොඩක් වෙනස් උනාම, එයා අපිට කිට්ටු වෙනවා..සමහර වෙලාවට එහෙම නැති උනත්, කොච්චර යාළුවෝ හිටියත්, එයාව එළවලා දාන්න පුලුවන් එකම එක්කෙනෙකුට විතරයි...

      Delete
  6. මගෙනම් හොඳම යාලුවෙක්! සැපේදීත් දුකේදීත් ළඟ ඉන්න හොඳ යාලුවෙක්!!!

    ReplyDelete
  7. එක හරි ලස්සනට ලියල තියෙනව.

    ReplyDelete