Pages

Saturday, May 2, 2015

Let's Learn Spanish! ..Aprendemos Español..ස්පාඤ්ඤ බස උගනිමු..(Lesson Three - lección tres)



"¡Hola!"


අද පාඩමෙන් අපි ඉගෙන ගන්න යන්නෙ තමන්ව අමුත්තෙකුට හදුන්වලා දෙන හැටි...අමුත්තන් දෙදෙනෙක් අතර ඇතිවන මෙන්න මේ සන්වාදය කියවලා ඉමු...


"¡Hola!" ("ඕලා!"- Hello!)
  
"¡Hola!" ("ඕලා!" - Hello!)

Soy Maria...Soy de Colombia     ( සොයි මරියා..සොයි දෙ කොලොම්බියා..)
(මම මරියා..මම කොලොම්බියාවෙන්..)

Soy Roberto... Soy de Argentina     (සොයි රොබැර්තො..සොයි දෙ අර්හෙන්තිනා)
(මම රොබැර්තො..මම ආජන්ටිනාවෙන්..)

Mucho Gusto!     (මුචො ගුස්තො!)
(හදුන ගැනීම සතුටක්..) :)

මේකෙ අළුත් වචන දෙකක් තියනවා;

Soy - මම "වෙමි" කියන එක තමා "සොයි" කියලා කියන්නෙ. 

De - from කියන එක තමා මෙතන "දෙ" කියන්නේ..


මේ සන්වාදයම අපිට වෙනස් විදියකටත් ලියන්න පුළුවන්..

Maria: "¡Hola!" (Hello!)
  
Roberto: "¡Hola!" (Hello!)

Maria: Me llamo Maria...Soy Colombiana    ( මෙ යාමො මරියා..සොයි කොලොම්බියානා..)
(මගේ නම මරියා..මම කොලොම්බියානු ජාතික කාන්තාවක්..)

Roberto: Encantado!     (එන්කන්තාදො!)
(හදුන ගැනීම සතුටක්..) :)

Maria: ¿Cómo te llamas? ¿De dónde eres?  (කොමො තෙ යාමාස්? දෙ දොන්දෙ එරෙස්?)
(ඔයාගෙ නම මොකක්ද? ඔයා කොහෙන්ද?)
 
Me llamo Roberto... Soy Argentino     (මෙ යාමො රොබැර්තො..සොයි අර්හෙන්තිනො)
(මගේ නම රොබැර්තො..මම ආජන්ටිනියානු ජාතිකයෙක්..)

Maria: Encantada! (එන්කන්තාදා)

 මෙතනත් තියනවා අළුත් වචන කිහිපයක්..

1.  Me llamo - මෙ යාමො  ("lla" ශබ්ද වෙන්නෙ 'ය' (ya)  විදියට ) 

Me - මාව 
llamo - අමතනවා (මම)

"මෙ යාමො" කියන එක අපි මෙතන පාවිච්චි කරන්නෙ "මගේ නම.." කියන එක කියන්න."මෙ යාමො මරියා.." කියන්නෙ "මගේ නම මරියා.." කියන එකට...


ඒ වුනත් "මෙ යාමො" කියන එකේ හරි තේරුම නම්, "මම මාව අමතනවා" කියන එක..වෙනත් වචන වලින් කියනවනම් "මම මාව අමතන්නෙ මරියා කියලා.." වගේ. 


2. Colombiana - කොලොම්බියානා - කොලොම්බියානු ජාතික කාන්තාවක්

කොලොම්බියානා කිව්වම අපි ඒ කියන්නෙ කාන්තාවක් ගැන කියල දන්නෙ කොහොමද? ඒ තමයි..කොලොම්බියානා කියනෙ එකේ  අගට යෙදෙන "ආ" ශබ්දයෙන්..කොලොම්බියානො කිව්වොත් ඒක ඉවර වෙන්නෙ "ඕ" ශබ්දයකින් නිසා අපි දන්නවා ඒ කියන්නෙ පිරිමි කෙනෙක් ගැන කියලා.. Arjentino කියලා Roberto කිව්වෙ එය පිරිමි කෙනෙක් නිසා.

3. Encantodo/Encantada! - එන්කන්තාදො!/එන්කන්තාදා!

Encantodo  කියන්නෙත් Mucho Gusto කියන්නෙත් හදුන ගැනීම සතුටක් කියන එකට..

හැබැයි එන්කන්තාදො කියන එක ඒක කියන්නෙ ගැහැණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද යන්න මත වෙනස් වෙනවා..පිරිමි කෙනෙක් කියනවනම් Encantodo (එන්කන්තාදො), ගැහැණු කෙනෙක් කියනවනම් Encantada! (එන්කන්තාදා). 
ඒ කියන්නෙ "ඔබ හදුනා ගැනීම නිසා මම සතුටු වෙමි" වගේ තේරුමක් තමා මේකෙන් කියවෙන්නෙ...

4. ¿Cómo te llamas? (කොමො තෙ යාමාස්?)

¿Cómo - How? - කොහොමද?
  te -  You - ඔයාව
  llamas - Call - අමතනවා (You)
 
¿Cómo te llamas? කියන්නේ ඔයාගෙ නම මොකක්ද කියන එකයි..අර කලින් කිව්ව වගේ මේකෙ හරි තේරුම නම් "ඔයා ඔයාව අමතන්නෙ කොහොමද?" කියන එකයි..ඒ කොහොම වුනත් කෙනෙක්ගෙන් නම අහන සාමාන්‍ය විදිය තමා ඒක.. 

5.¿De dónde eres?

De- From

dónde - where

eres - are (you)


¿De dónde eres?  කියන්නෙ "ඔයා කොහෙන්ද?" කියන එකයි..ඔය මොන රටෙන්ද, නැත්තම් මොන නගරයෙන්ද කියන එකයි ඒකෙන් අදහස් වෙන්නෙ..

දැන් ඔයාව කෙනෙක්ට අදුන්වලා දෙන්න..ඔන්න මම පටන් ගත්තා..;



Soy Umaa.. Soy de Sri Lanka..(I am Umaa..I am from Sri Lanka)
සොයි උමා..සොයි දෙ ශ්‍රී ලන්කා..(මම උමා..මම ශ්‍රී ලන්කාවෙන්..)

එහෙම නැත්තම්:
Me llamo Umaa..Soy Sri Lankana..(My name is Umaa..I am a Sri Lankan (Female)
මෙ යාමො උමා..සොයි ශ්‍රී ලන්කානා..(මගේ නම උමා..මම ශ්‍රී ලාන්කීය කාන්තාවක්)
(ඔයා පිරිමි කෙනෙක් නම් කියන්නෙ ශ්‍රී ලන්කානො කියලයී)


දැන් නම් අම්බානක කුණුහරපෙන් බනිනවා ඇති..මේ අහවල් එකක්ද කියලා. :D සැලෙන්න එපා, ඔහොම යන්..!

ඉතිරි පාඩමේදි අපි ක්‍රියා පද (Verbs) ඉගෙන ගමු...

ජය වේවා..ලබන සතියෙත් හමුවෙමු...!

Adios!!