Pages

Saturday, May 2, 2015

Let's Learn Spanish! ..Aprendemos Español..ස්පාඤ්ඤ බස උගනිමු..(Lesson Three - lección tres)



"¡Hola!"


අද පාඩමෙන් අපි ඉගෙන ගන්න යන්නෙ තමන්ව අමුත්තෙකුට හදුන්වලා දෙන හැටි...අමුත්තන් දෙදෙනෙක් අතර ඇතිවන මෙන්න මේ සන්වාදය කියවලා ඉමු...


"¡Hola!" ("ඕලා!"- Hello!)
  
"¡Hola!" ("ඕලා!" - Hello!)

Soy Maria...Soy de Colombia     ( සොයි මරියා..සොයි දෙ කොලොම්බියා..)
(මම මරියා..මම කොලොම්බියාවෙන්..)

Soy Roberto... Soy de Argentina     (සොයි රොබැර්තො..සොයි දෙ අර්හෙන්තිනා)
(මම රොබැර්තො..මම ආජන්ටිනාවෙන්..)

Mucho Gusto!     (මුචො ගුස්තො!)
(හදුන ගැනීම සතුටක්..) :)

මේකෙ අළුත් වචන දෙකක් තියනවා;

Soy - මම "වෙමි" කියන එක තමා "සොයි" කියලා කියන්නෙ. 

De - from කියන එක තමා මෙතන "දෙ" කියන්නේ..


මේ සන්වාදයම අපිට වෙනස් විදියකටත් ලියන්න පුළුවන්..

Maria: "¡Hola!" (Hello!)
  
Roberto: "¡Hola!" (Hello!)

Maria: Me llamo Maria...Soy Colombiana    ( මෙ යාමො මරියා..සොයි කොලොම්බියානා..)
(මගේ නම මරියා..මම කොලොම්බියානු ජාතික කාන්තාවක්..)

Roberto: Encantado!     (එන්කන්තාදො!)
(හදුන ගැනීම සතුටක්..) :)

Maria: ¿Cómo te llamas? ¿De dónde eres?  (කොමො තෙ යාමාස්? දෙ දොන්දෙ එරෙස්?)
(ඔයාගෙ නම මොකක්ද? ඔයා කොහෙන්ද?)
 
Me llamo Roberto... Soy Argentino     (මෙ යාමො රොබැර්තො..සොයි අර්හෙන්තිනො)
(මගේ නම රොබැර්තො..මම ආජන්ටිනියානු ජාතිකයෙක්..)

Maria: Encantada! (එන්කන්තාදා)

 මෙතනත් තියනවා අළුත් වචන කිහිපයක්..

1.  Me llamo - මෙ යාමො  ("lla" ශබ්ද වෙන්නෙ 'ය' (ya)  විදියට ) 

Me - මාව 
llamo - අමතනවා (මම)

"මෙ යාමො" කියන එක අපි මෙතන පාවිච්චි කරන්නෙ "මගේ නම.." කියන එක කියන්න."මෙ යාමො මරියා.." කියන්නෙ "මගේ නම මරියා.." කියන එකට...


ඒ වුනත් "මෙ යාමො" කියන එකේ හරි තේරුම නම්, "මම මාව අමතනවා" කියන එක..වෙනත් වචන වලින් කියනවනම් "මම මාව අමතන්නෙ මරියා කියලා.." වගේ. 


2. Colombiana - කොලොම්බියානා - කොලොම්බියානු ජාතික කාන්තාවක්

කොලොම්බියානා කිව්වම අපි ඒ කියන්නෙ කාන්තාවක් ගැන කියල දන්නෙ කොහොමද? ඒ තමයි..කොලොම්බියානා කියනෙ එකේ  අගට යෙදෙන "ආ" ශබ්දයෙන්..කොලොම්බියානො කිව්වොත් ඒක ඉවර වෙන්නෙ "ඕ" ශබ්දයකින් නිසා අපි දන්නවා ඒ කියන්නෙ පිරිමි කෙනෙක් ගැන කියලා.. Arjentino කියලා Roberto කිව්වෙ එය පිරිමි කෙනෙක් නිසා.

3. Encantodo/Encantada! - එන්කන්තාදො!/එන්කන්තාදා!

Encantodo  කියන්නෙත් Mucho Gusto කියන්නෙත් හදුන ගැනීම සතුටක් කියන එකට..

හැබැයි එන්කන්තාදො කියන එක ඒක කියන්නෙ ගැහැණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද යන්න මත වෙනස් වෙනවා..පිරිමි කෙනෙක් කියනවනම් Encantodo (එන්කන්තාදො), ගැහැණු කෙනෙක් කියනවනම් Encantada! (එන්කන්තාදා). 
ඒ කියන්නෙ "ඔබ හදුනා ගැනීම නිසා මම සතුටු වෙමි" වගේ තේරුමක් තමා මේකෙන් කියවෙන්නෙ...

4. ¿Cómo te llamas? (කොමො තෙ යාමාස්?)

¿Cómo - How? - කොහොමද?
  te -  You - ඔයාව
  llamas - Call - අමතනවා (You)
 
¿Cómo te llamas? කියන්නේ ඔයාගෙ නම මොකක්ද කියන එකයි..අර කලින් කිව්ව වගේ මේකෙ හරි තේරුම නම් "ඔයා ඔයාව අමතන්නෙ කොහොමද?" කියන එකයි..ඒ කොහොම වුනත් කෙනෙක්ගෙන් නම අහන සාමාන්‍ය විදිය තමා ඒක.. 

5.¿De dónde eres?

De- From

dónde - where

eres - are (you)


¿De dónde eres?  කියන්නෙ "ඔයා කොහෙන්ද?" කියන එකයි..ඔය මොන රටෙන්ද, නැත්තම් මොන නගරයෙන්ද කියන එකයි ඒකෙන් අදහස් වෙන්නෙ..

දැන් ඔයාව කෙනෙක්ට අදුන්වලා දෙන්න..ඔන්න මම පටන් ගත්තා..;



Soy Umaa.. Soy de Sri Lanka..(I am Umaa..I am from Sri Lanka)
සොයි උමා..සොයි දෙ ශ්‍රී ලන්කා..(මම උමා..මම ශ්‍රී ලන්කාවෙන්..)

එහෙම නැත්තම්:
Me llamo Umaa..Soy Sri Lankana..(My name is Umaa..I am a Sri Lankan (Female)
මෙ යාමො උමා..සොයි ශ්‍රී ලන්කානා..(මගේ නම උමා..මම ශ්‍රී ලාන්කීය කාන්තාවක්)
(ඔයා පිරිමි කෙනෙක් නම් කියන්නෙ ශ්‍රී ලන්කානො කියලයී)


දැන් නම් අම්බානක කුණුහරපෙන් බනිනවා ඇති..මේ අහවල් එකක්ද කියලා. :D සැලෙන්න එපා, ඔහොම යන්..!

ඉතිරි පාඩමේදි අපි ක්‍රියා පද (Verbs) ඉගෙන ගමු...

ජය වේවා..ලබන සතියෙත් හමුවෙමු...!

Adios!!

Saturday, April 18, 2015

Aprendemos Español..ස්පාඤ්ඤ බස උගනිමු..(Lesson Two- lección dos)




බ්ලොග් අවකාශෙ හැමෝටම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරන ගමන් අපි වෙඩි වගේ පටන් ගන්න යන්නෙ අපේ දෙවන සතියෙ Spanish පාඩම...

අද ඉගෙන ගන්න යන්නෙ  Greetings එහෙම නැත්තම් ආචාර කිරීම්...

පටන් ගමු Hello නැත්තම් Hi කියන එකෙන්...

 Hello/Hi   -   "¡Hola!"  ("ඕලා!")

"¡Hola!"- "හෙලෝ", නැත්තම් "හායි" කියන එක Spanish වලින් කියන්නෙ "ඕලා!" කියලා.. 
(Spanish වලදි අපි H අකුර ශබ්දකරන්නෙ නෑ කොයිම වෙලාවකදිවත්..)


Good Morning!  -   "¡Buenos Días!" - බුවෙනොස් දියාස්..!

Good Afternoon!/  Good Evening! -  "¡Buenas Tardes!" - බුවෙනස් තාර්දෙස්!

Good Night! -   "¡Buenas Noches!"  - බුවෙනස් නොචෙස්!

Bye - Adiós!   (අදියොස්)

See you later! - Hasta Luego!  (අස්ත ලුවේගො! )

See you soon! - Hasta Pronto!  (අස්ත ප්‍රොන්තො!)

Thank you!  - Gracias! (ග්‍රාසියාස්!)

Thank you very much! - Muchas Gracias! (මුචස් ග්‍රාසියාස්!)

You're Welcome - De nada! -  (දෙ නාදා!)

I'm sorry! - Lo siento! (ලෝ සියෙන්තො!)

 I'm very sorry!- Lo siento mucho! (ලෝ සියෙන්තො මුචෝ!)


Pleased to meet you!  - Mucho Gusto! (මුචො ගුස්තො!)

Por favor...   - Please...(පොර් ෆවොර්..)


අද ඉගෙන ගත්ත වචන වල උච්චාරණය දැනගන්න...මේ වීඩියෝ 2 බලන්න..

https://www.youtube.com/watch?v=SoPiuMh6lnQ

https://www.youtube.com/watch?v=H0jOKhPrSAU

ඔයා Spanish ඉගෙන ගන්න ආසාවෙන් නම් හිටියෙ, ඔන්න දැන් ඔයා පියවර දෙකක් ඉස්සරහින්..මේ ටික හොදට ප්‍රැක්ටිස් කර ගන්න..(දිව උළුක්කු කර නොගන්නා ලෙස තරයේ අවවාද කරමි..:/ )

ඊළග පාඩමෙන් හමුවෙමු..


Adiós!

Hasta Pronto!

-උමා-


 ප.ලි: අමතර ප්‍රශ්න තියෙනව නම් ඕනෙම වෙලාවක මට ලියන්න...hansini.madhuranga@gmail.com

Sunday, April 12, 2015

Let's learn spanish..ස්පාඤ්ඤ බස උගනිමු..(First Lesson - lección uno)



"උමා උඹේ අර බ්ලොග දැන් වහලද බන්...?"

මගෙන් යාළු මිත්තරයෝ ඇහැව්වා පහුගිය අවුරුද්ද පුරාම..

"..එක්සෑම් තියනවා බන්..ලියන්න වෙලා නැහැ.."

"..අසයින්මන්ට් එකක් තියනව බන් ලබන සතියෙ ඩෙඩ් ලයින්.."

"..Thesis ලියනවා මචන් දවල් රෑ නැතුව.."

ඔව්ව තමා මම දීපු හේතු..

"මොනවද බන්ස් මෙලෝ රහක් නෑ උඹෙ ලයිෆ් එක..." උන් නිතරම කියපි..

"කරන වැඩේ බොක්කෙන්ම කරන්න එපාය මචන්ලා..."



හැබැයි පිටිපස්ස හැරිල බැලුවම උන් කියන කතාව ඇත්ත..කාලය ගත වෙලා ජීවිතේ ගෙවිලා හැබැයි මම කරන්න ආස දේවල් මුකුත් කරල නැහැ...කරන්න ආස නැති දේවල් කොහොම හරි කෙරෙනවා..ඒ මොකෝ ඒව ගොඩක් ඒවට ඩෙඩ් ලයින් එකක් තියනවා..නැත්තම් පාස් මාක් එකක් තියනවා..

හැබැයි අපේ ජීවිතේ අපි කරන්න ආස දේවල් වලට, නැත්තම් අපි කරන්න ඕනෙ කියලා හැමදාම හීන දකින දේවල් වලට ඩෙඩ් ලයින් නැහැ..ඒක නිසා ඒව කවදට කලින් කරන්න ඕනෙද කියල අපි දන්නෙ නැහැ..කවුරවත් පාස් මාක් දීල නැති නිසා ඒව කොච්චර හොදට කරන්න ඕනෙද කියල එකක් නැහැ..එයින් මෙයින් වෙන්නෙ අපේ හීන, හීනම වෙලා අපි එක්කම දවසක මැරිල යන එක...

එක්සෑම් ඉවරයි..ඉවරයි..දැන් මන් එළම කිරි කියල කරන්නෙ මන් ආස දේවල්...! ජය වේවා!

අද පටන් ගන්න යන්නෙත් ඒ වාගෙ වැඩක්..මම හදන්නෙ බ්ලොග් අවකාශයෙ යාළු මිත්තරයන්ට ස්පාඤ්ඤ බස උගන්නන්න..ස්පාඤ්ඤ බසට කැමති යාළුවෝ ගොඩක් ඉන්නවා කියලා මම දන්නවා..ඒ අය වෙනුවෙනුයි මේ ලියන්නෙ..



අද හා පුරා කියල පටන් ගත්ත වගේම කම්මැලි නොවී දිගටම කරගෙන යන්නත් පුළුවන් වේවා යන්න මගේ පැතුමයි..නැත්තන් මගේ ස්පාඤ්ඤ පාඩම් පෙළ පිපිඤ්ඤා වෙනවා..

අපි පටන් ගනිමු ගණන් කිරීමෙන්..එකේ සිට විස්සට....හර්ර්ර්රී යාන්...!!!

1 - uno  (උනො )  
2 - Dos  (දොස්)
3 - Tres  (ත්‍රෙස්)
4 - Cuatro (ක්වත්‍රො)
5 - Cinco (සින්කො)
6 - Seis (සෙයිස්)
7 - Siete (සියෙතෙ)
8 - Ocho (ඔචො)
9 - Nueve (නුඑවෙ)
10- Diez (දියෙස්)

කොහොමද? පොඩි බ්‍රේක් එකක් අරන් දහයෙ ඉදන් විස්සට ගණිමු..

11 - Once (ඔන්සෙ)
12 - Doce (දොසෙ)
13 - Trece (ත්‍රෙසෙ)
14 - Catorce (කතොර්සෙ)
15 - Quince (කින්සෙ)
16 - Diez y seis (දියෙස් ඉ සෙයිස්)
17 - Diez y siete (දියෙස් ඉ සියෙතෙ)
18 - Diez y ocho (දියෙස් ඉ ඔචො)
19 - Diez y nueve (දියෙස් ඉ නුඑවෙ)
20 - Veinte (බෙයින්ති)
 


Y කියන්නේ "සහ" නැත්තම් "and" කියන එකට
ඒ කියන්නෙ දහහත කියන්නේ Diez y siete (දියෙස් ඉ සියෙතෙ) නැත්තම් දහයයි හත කියන විදියට..


හරේ...!!!

මේ වීඩියෝව නරඹන්න..අද පාඩම තවත් පැහැදිලි වෙයි..   

https://www.youtube.com/watch?v=cd7QDOfeyoc

දැන් මේක කියවලා එකේ ඉදන් විස්සට ගණන් කරනවාද, නැත්තම් මෙලාකටත් කුණුහරපයෙන් බනිනවාද දන්නෙ නෑ..මේ මොන එකක්ද කියලා..

ඒ කොහොම උනත් ඔබලාගෙන් හොද ප්‍රතිචාර ලැබුනොත් මම ලියනවා දිගටම...ආයි ස්පාඤ්ඤයට, මෙක්සිකෝවට, ආජන්ටිනාවට නැත්නම් ග්වාටමාලාවට ගිහින් එහෙ ඉන්න සෙට් එකට ස්පැනිස් උගන්නන්න පුළුවන් වෙන්න..

ජය වේවා..ඊ ළග පාඩමෙන් හමුවෙමු...!

 -උමා-