සද නුඹ...
නිමක් නැති අහසට
එළිය දී ගලා එන
සුමුදු සද එළිය නුඹ
මහද උතුරා ගලන…
කුමුදු මල් හිනාවෙන
රෑ යාමෙ කළුවරක
තනිව නුඹ දෙස බලන්
හෙලන සුසුමන් බෝම…
සියවසක් මහලු වුව
කුලුදුල්ය හැගුම් තව
රැයක තනි කම දරන්
හීන පොදි නිදිවරන…
දහස් තරු පිරිවරන්
සිනාසෙනු දැක දැකම
බලා උන්නත් තාම
නුඹ මගෙන් බෝ දුරය…
තරු වලට ඉඩ ඇතත්
මට ඉඩක් නැති හැඩයි
මමයි අහසයි සදයි
යාවෙන්නෙ නැති හැඩයි…
//තරු වලට ඉඩ ඇතත්
ReplyDeleteමට ඉඩක් නැති හැඩයි
මමයි අහසයි සදයි
යාවෙන්නෙ නැති හැඩයි…//
විශිෂ්ටයි.. මුල් කවි ටිකේ අග පද පිළිබඳව තව ටිකක් සැලකිලිමත් වුණා නම් තවත් ගොඩක් හොඳයි!
ස්තුතියි රැන්ගෝ..ඒක තව ටිකක් හදන්න බලන්නම්..
ReplyDelete