Pages

Thursday, June 7, 2012

කතන්දර..



මේ තරම් කතන්දර..
කොහෙන්දෝ හිතට
කතා නොකරම හිටියද 
කල්ප ගානක්.. 
වදන් නොමැතිව හිටියද 
කියා ගන්නට..
කෙනෙක් නැතිවම හිටියද..
කියා දෙන්නට..
හිතේ තිබුනද..මේ හැම කතන්දර..
මුදා ලන්නට හැකිනම් 
මේ කතා හිස් අහසට.. 
කුරුල්ලන් වගේ ඉගිලිලා යන්නට..
කෑ ගසා කියන්නට
ලෝකෙටම ඇහෙන්නට...
අඩු තරමෙ නුඹට වත් ඇහෙන්නට....
හිතේ ගුලි වුණු කතන්දර...

11 comments:

  1. කෑ ගසා කියන්නට
    ලෝකෙටම ඇහෙන්නට...
    අඩු තරමෙ නුඹට වත් ඇහෙන්නට....
    හිතේ ගුලි වුණු කතන්දර... ,,,,,,,,,,,,,,,,,,,,,,,
    ලස්සනයි......

    ReplyDelete
  2. Replies
    1. අනේ පුළුවන් නම් ලොකු උදව්වක්....;)

      Delete
  3. ඔය වයසට කොහොමත් හිතේ ගොඩ ගැහෙනවා...එක එක ජාතියේ
    ............කතන්දර...........

    ReplyDelete
    Replies
    1. ඒක තමා මාත් මේ හිතුවෙ....;)

      Delete
  4. ලස්සනයි..

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. එසේය මහරජතුමනි..ස්තූතියි මෙහෙ යහපත් වුනාට...!

    ReplyDelete
  6. කිසිම දෙයක් හිතේ ගුලි කරගන්න එපා. එළියට දාන්න. ගලා ගෙන යන්න දෙන්න

    ReplyDelete
    Replies
    1. අහන් ඉන්න කෙනෙකුත් එපැයි...:(

      Delete
    2. ඒවා මෙහෙම හරි ලියලා දාන්න. කවදා හරි කවුරු හරි ඒවා කියවයි

      Delete