Thursday, June 14, 2012
දළඹු ගීතය..
මම පුන්චි දළඹුවෙක්..
හෙමි හෙමින් ඇවිදින
කවුරුවත් ආස නැති කැත බූව වලින් පිරි
දළඹුවෙක්..
ඒ වුනත් කවද හරි...
සමනළෙක් වෙනවලු මමත්
පාට පිහාටු තියන
මලින් මලට ඉගිලෙන
ලස්සන පාට සමනළයෙක්...
එතකොට..
මගෙ තටු මොන පාට වේවිද..
කොයි තරම් ඈතට ඉගිලෙන්න හැකිවෙයිද..
එදාට හැමෝම මන් දිහා බලාවි..
ඉතින් තව කොච්චර කල් යයිද..
සමනළයෙක් වෙන්න…
සතියක්-මාසයක්-නෑ ඊටත් වැඩි වේවි
ඊට කලින් මම මැරේවිද..
ඒ වුනත්..
සමනල් පිහාටු ලස්සන වුනාට
හරිම සියුමැලියිලු
යන්තමට බිදිල ගියොතින්
මැරිල යන්නත් හැකිලු
ඒ වුනත් කමක් නෑ..
දළඹුවෙක් වෙලා ගෙවන
මේ ජීවිතේට වඩා,
සමනළයෙක් වෙලා මැරෙන එකත් හොදයි...
අඩු ගනනෙ මට ලෝකෙන්
ආදරේ වත් ලැබේවි නෙ…
එ වුනත් මම තාම දළඹුවෙක්...
කවුරුවත් ආස නැති කැත බූව වලින් පිරි
දළඹුවෙක්...
Subscribe to:
Post Comments (Atom)
දැන් කැත දළඹුවෙක් උනාට කවදා හරි ලස්සන සමනලයෙක් වෙනවනේ.....
ReplyDeleteඑතකන් තමයි එයත් බලාගෙන ඉන්නෙ..:) ස්තූතියි කමෙන්ටුවට මලයා..
Deleteමේකට හොඳ උදාහරණ මනුස්ස ජීවිතෙන් වුණත් ගන්න පුලුවන්
ReplyDeleteමට වෙලාවකට හිතෙනව මාත් උදාහරණයක්ද කියල..ස්තූතියි අපෙ බ්ලොග් එකට ආවට හසිත...:)
Deleteහොද නිසදැසක්...
ReplyDeleteමේ බ්ලොග් එක ප්රසිද්ධ කරගන්න අදහසක් නැද්ද..?
ස්තූතියි සුමිත්...ප්රසිද්ධ කරන්නෙ කොහොමද? කියන්නකො..
Deleteඔය ජනප්රිය බ්ලොග් වලට ගිහිල්ලා ටිකක් ඇවිස්සෙන විදියෙ කමෙන්ට්ස් දාන්න.
Delete:D
Deleteමට හිතෙන විදියට අපි ප්රසිද්ධිය හොයාගන යන්නෙ නැත්නම් ප්රසිද්ධිය අපිව හොයාන එනවා...
Deleteඒකත් ඇත්ත..ඒත් අපිට හුගක් වෙලාවට නැත්තෙ ඉවසීමයි විශ්වාසයයි...දළඹුවන්ට වගෙ...:) ස්තූතියි වැසි දැරියෙ මේ පැත්තෙ ආවට :)
Deleteසින්ඩිකේටර් දෙකතුනකට දාලා දාන්න .......... එතකොට බලන්න එන ගාන වැඩිවෙනවානේ ......... වැඩියෙන් එන තරමටනේ අපි ලියනදේ වටිනා කම වැඩිවෙන් නේ ..........
Deleteසමනළයෙක් වෙන්ඩ කලින්..
ReplyDeleteමං මැරිල යන්නත් පුළුවන්!
ඉතින් මේ අවලස්සන දළඹු ජීවිතේට
පෙම් නොබැද..?
ලස්සන අදහසක් සහෝදරී..
මේ බ්ලොග් එක ෆලෝ කරන්න තැනක් නැහැනේ.
ස්තූතියි අපෙ බ්ලොග් එකට ගොඩ වැදුනට සහෝදරී...ඉක්මනටම දාන්නම්..
Delete