Pages

Saturday, July 7, 2012

දුයිෂෙන් සහ ගී කියන පරවියෝ...



ඒ මනරම් ගිම්හාන සැන්දෑවක්...උණුසුම් කාලගුණය නිසාත් සති අන්තය පටන් ගන්න යන නිසාත්, ප්‍රීතිමත් මිනිසුන්ගෙන් ෆැරැන්ස් චතුරශ්‍රය පිරිලා තිබුණා. ඩැනියුබ් ගග දෙසින් නගරය දිහාට සුළග හමාගෙන ආවෙ අපෙ එළිමහන් සැදෑ සාදයට ආව අමුත්තෙක් වගෙ...හදුනන, නාදුනන ආරාධිතයන් අතරෙ, දුයිෂෙන්ගෙ සිනා මුහුණ දැක්කත්, දයිවය මාව ඒ සාදයට යැව්වෙ ඔහුව මුණගස්සන්නමයි කියලා මට ඒ වෙලාවෙ හිතුණෙ නැහැ. “මම සන්ගීත කරුවෙක්, ගුරුවරයෙක්”. දුයිෂෙන් තමන්ව අදුන්වල දුන්නෙ එහෙමයි. ඔහු මා එක්ක කතා කලෙ වසර ගානක් තිස්සෙ දන්න කෙනෙක් වගෙ. ගීයක් ගයන්නැයි මට ආරාධනා කළ ඔහු මට “පුන්චි පරවියා” කියලා නමක් පට බැන්දා. "පුන්චි පරවියො, නුඹෙ හඩ ඉතාම ලස්සනයි, ඒත් නුඹ හදවතින් ගයන්න ඕනෑ..” දුයිෂෙන් ඔහුගෙ හඩින් ගයලා පෙන්නුවා. ඒ හඩ ආවෙ ඔහුගෙ ආත්මයෙන්මයි කියලයි හිතුණෙ. එදා රෑ ඔහුගෙ නැටීම නම් ඉතාම ලස්සනයි.. සාදය ඉවර වෙලා මම ගියෙ ඔහුට සුබ පතන්න. “නුඹව ආයෙත් මුණගැගෙන බව මට විශ්වාසයි”. දුයිෂෙන් කීවා. එදා රෑ මම වැෂලීනි පාර දිගේ ගෙදර ගියේ ඔහු ගැයූ ගීය මුමුණමින්..

හිතුව හැටියටම අපි දෙවන වරටත් හමුවුණා. “දුයිෂෙන්, ගී ගයන්න ඉගෙන
ගන්න මට ඔබෙ උදව් ඕනේ”. “පරවියො, නුඹට පුළුවන්, නුඹ දන්නවා. නුඹ වගෙ පුන්චි පරෙවියන්ට පුළුවන් ඕනෙ හැටියට ගයන්න”. ඔහු කියයි. “දුයිෂෙන්, මිනිස්සුන්ට ඇහුණොත් උන් හිනාවේවි. පරවියො ගී ගයන්නෙ නැහැ".
“අහපන්, හැම කුරුල්ලෙක්ම ගී ගයනවා. මිනිස්සුන්ට ඇහෙන්නෙ නැහැ, ඔවුන් ආදරය කරන්න දන්නෙ නැහැ. ඔවුන් දන්නෙ තමන්ට ඇහෙන දේ විතරයි.” දුයිෂෙන් මට උගන්වන්න පොරොන්දු වුණා. ඒත් පුදුමයකට වගෙ මට ගයන්න බැරි වෙලා තිබුණා. කොච්චර උත්සාහ කළත්, අර යකඩ කට ඉස්සරහට ගියාම මගෙ හඩ නැති වෙන්නෙ ඇයි...? “නිර්භීත වෙයන්, උඹෙ ආත්මයෙ නිදා ගෙන ඉන්න කුරුල්ලාව එලියට දමාපන්..ඌට නිදහසේ සින්දු කියන්ට ඉඩ දීපන්”..මම උත්සාහ කළා, කිහිප වරක්ම. ඒත් මට ගී කියන්න බැරි වුණා. “ප්‍රශ්නය තියෙන්නෙ නුඹෙ හිතේ. දුයිෂෙන් කෝප වුණා. උඹ උඹෙ හඩ හිරකරගෙනයි ඉන්නෙ. මෝඩ පරෙවියා, නුඹට ඕනෙ තරුවක් වෙන්නද?” දුයිෂෙන් කිව්වෙ කෝපයෙන්.

එදා ඉදන් මම උත්සාහ කළා මාස ගානක් යනකම්. හදවතින් ගයන්න කියලා දුයිෂෙන් කීවත්, මගෙ හදවත ගල් වෙලා වගෙයි දැණුනෙ. මට දැනෙනෙ විදිය ලෝකෙටම ඇහෙන්න කියන්න ඕනේ වුණත්, මගේ හිතිවිලි හිර වෙලා එළියට එන්න බයේ ඉන්නව වගෙයි දැණුනෙ. දුයිෂෙන්ට මගෙ හිත කියවන්න පුළුවන් නම්…අන්තිමේදි ඔහු මගෙ හිත කියවන්න උත්සාහ කළා.
“පුන්චි පරවියො, නුඹෙ සිතිවිලි වලට නිදහසේ ගලන්න ඉඩ දීපන්”  ඔහු කියන බව මම දැන හිටියා. “මම උත්සාහ කරනවා දුයිෂෙන්. ඒත් මගේ හිත හිර වෙලා”. දුයිෂෙන් මගෙ හිත කියවන්න පටන් අරන් කියලා මට දැණුනා. 

 “පුන්චි පරවියො..උඹ මෙච්චර දුර ඉගිලිලා ආවෙ ඇයි? ඉර එළිය දකින්න නැති, මහ සාගරය දකින්න නැති මේ කාපාතියා කදු වලල්ල උඹට සීතල වැඩි නැද්ද?” ඔහු ඇහුවෙ කරුණාවෙන්. “දුයිෂෙන්, මම ආවෙ ජීවිතය හොයාගෙනයි” මම කීවෙ විශ්වාසයෙන්.
“මේ අහපන් පරවියො, පලයන් උඹ ආපු දිහාවට. උඹ ආපු දූපතට ආපහු ඉගිලිලා පලයන්. සමහර විට එහි ඇති හුරු පුරුදු මල්, ගහ කොළ, ප්‍රීතිමත් හිරු එළිය, මූදෙ ලොකු රළ ගෙඩි දුටුවාම උඹට ගී ගයන්නට හිතේවි. නුඹ ආයෙත් හිනා වේවි”.

“දුයිෂෙන්, ඒත් මට උදව් කරන්න ඔබ එහි නැහැ”

“පරවියා, දෙවියන් උදව් කරනවා. මම ඒක දන්නවා” ඔහු කීවෙ විශ්වාසයෙන්.

“දුයිෂෙන්, ඔව්, විශ්වාසයි, මට පුළුවන් වේවි. කාපාතියා කදු වලල්ලට සමු දීලා මම යනවා. මගේ දූපතේදි මම ගී ගයන්නම්”

“පලයන්, ෆෙරි කන්ද මුදුනින් හැමදාම හවසට ඉන්දියන් සාගරය දිශාවට ඉගිල්ලෙන යෝධ කුරුල්ලාට කියපන්, ඌ උඹව ගෙදර අරන් යාවි”. 

“දුයිෂෙන් මම යන්නම්. මග බලන් ඉන්න කෙනෙක් නැති වුණත්, ඉක්මනටම යන්නම්”

“එහි දැන් වසන්තයද?”

“දුයිෂෙන්, මගෙ දූපතට හැමදාම වසන්තයයි”

දුයිෂෙන් හිනාවුණේ ආදරයෙන්. ඔහු මා වැළද ගත්තා.

“දුයිෂෙන්, ස්තූතියි ඔබෙ කරුණාවට”

“පුන්චි පරෙවියො, පරෙස්සමින් හිටපන්. දෙවියන් ඔබ සමග රැදේවි. නුඹෙ හඩ නුඹ තුළම තියනවා. එය හොයා ගත් දවසට, ලෝකෙටම ඇහෙන්න ගයාපන්…”


(සැබෑ කථාවක් ඇසුරිණි...)

10 comments:

  1. ස්තූතියි දේදුනු අයියෙ..;)

    ReplyDelete
  2. ඈ..........මගේ කලින් comment එක උමා මකලා වගේ.වැරදි දෙයක් වත් කියවිලා තිබුනද ?

    ReplyDelete
  3. හෆොයි නැතෝ..! අර ඩුප්ලිකේට් වෙලා තිබ්බ කොමෙන්ටුවෙ කලින් එක මැකුවෙ..comments දෙකම ගිහිල්ලා කියලා දැනුයි දැක්කෙ :( තරහා අවසර...නැතුව comments මකන්න මම? :ඕ

    ReplyDelete
    Replies
    1. හනේ හනේ...!! සෙල්ලම් කරනවද? :)

      Delete
  4. ඇත්තටම‍ ලස්සනයි අක්කියෝ...
    ගොඩ කාලයක් සෑහෙන වැඩ ගොඩක් එක්ක හිර වෙලා ඉඳලා දැන් ‍ටිකක් නිදහස්. දැන් ආපහු මේ පැත්තේ එන්න පුළුවන්. ඔයා ටික කාලයකට ගොඩක් දේ කරලා. ඇත්තටම අපූරුයි.

    ReplyDelete
  5. ඇත්තටම‍ ලස්සනයි අක්කියෝ...
    ගොඩ කාලයක් සෑහෙන වැඩ ගොඩක් එක්ක හිර වෙලා ඉඳලා දැන් ‍ටිකක් නිදහස්. දැන් ආපහු මේ පැත්තේ එන්න පුළුවන්. ඔයා ටික කාලයකට ගොඩක් දේ කරලා. ඇත්තටම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. කැමීලියා, අනේ ස්තූතියි නගේ..ඉඩ තියන වෙලාවක මේ පැත්තෙ ඇවිත් යන්න...ඔයානෙ ඉතින් මාව බ්ලොග් අවකාශෙට අදුන්වලා දුන්නෙ...

      Delete
  6. අක්කේ.. මේකෙ ෆලෝ කරන්න තැනක් නෑනෙ.ඔයාගෙ බ්ලොග් එක ලස්සනයි.. ලියැවෙන දේවලුත් ලස්සනයි..පුළුවන් හැමදාම ඇවිදින් කියවනවා.ෆලෝ කරන්න බැරි එක කරදරයිනේ.ඒක නිසා ෆලෝවර් ගැජට් එකක් දාන්නකෝ.

    ReplyDelete
  7. ගොඩක් ස්තූතියි නන්ගො...ඉක්මනටම දාන්නම්...ඉඩ තියන වෙලාවක ඇවිත් යන්නකො...:)

    ReplyDelete