Pages

Saturday, May 19, 2012

කෙල්ලන්ගේ බැචෙලර් පාටියක් දුටිමි...(අම්මෝ):O






එය ටිකක් හීතල හැන්දෑවකි.ආසාව තිබ්බේ ගෙදර ඉදන් ගුලිවී නිදන්නටය. නමුත් මගේ ගජ මිතුරිය කෝල් කළේ එදා  R&B පාටියක් තියනවා යමු කියාය. කම්මැලි කමක් තිබ්බත් අපිද R&B වලට ආස ළමයි නිසා මම හා කීමි. එහි R&B පාටියට පෙර හිප් හොප් තරගයකි. ඊට තරග කරුවන් හා කාරියන් සැදී පැහැදී සිටියහ. එහෙත් අපි ගියේ නටන්නට නොව නටන්නන්ට හූ කියන්නටය. හෙළ බසින් කියනවානම් චියර් කරන්ටය.


කලින් ගිය අපිට දැන ගන්නට ලැබුනේ තරගය පටන් ගන්නට තව වෙලා තියනවා කියලාය. මමත් මගෙ ගජියත් වාඩිවී කදයක් දැමීමට පටන් ගත්තෙමු. එහෙත් අපේ කතාවට බාධා පැමිණුනේ මේස දෙකක් එහා පැත්තේ සිටි කෙල්ලන් රොත්තකගෙනි. උන් හූ කීහ. කෑ ගැසූහ.මහ පොළොව දෙදරන්නට සිනාසුණහ. කෙටියෙන් කියතොත් මොවුන්ට හොද පදමට වැදී ඇති බවය වැටහුණේ. අම්මෝ..කෙල්ලන් බිව්වාම කොච්චර දරුණු වෙනවද? කොල්ලන් තව හොදය. මන්දයත් කෙල්ලන් බිව්වාම හිනාවන්නේ ලොවටම ඇහෙන්ටය. එය ළදුන් සාමාන්යයෙන් නොබීපු වෙලාවට දමන මිණි කින්කිණි පරයන හිනාව නොවේ. මහ දරුණු හිනාවකි. එයට භූමි කම්පා හා සුනාමි ඇති කළ හැක. ඒ හිනාව ලග ඉන්නා අයගේ කන අස්සට රින්ගා මොළය කා දමයි.


තව ටිකකින් උන්ගෙන් ඇසුණේ දෙදරා යන සිනාව ඉක්මවා හිය අත්පුඩි හඩකි. තරගය පටන් ගන්න තව වෙලා ඇත. මුන් අප්පුඩි ගහන්නේ ඇයිදයි මම හැරී බැලීමි. එවිට මා දුටුවේ ඇදුම් එක එක ගලවා දමන ලස්සන කොල්ලෙකි.! කෙල්ලන් අප්පුඩි ගැහුවේ ඒකටය. බොලේ..මූට මක්වෙලාද..:O?? මැජික් බලන්නා වගේ පුදුම වී ඒ දෙස බලා සිටි මට මගේ ගජිය කීවේ 'ආ ඕක මේ කෙල්ලන්ගේ බැචෙලර් පාටියක්නේ' කියාය. කොල්ලන්ගේ බැචෙලර් පාටි ගැන මා අසා තිබුණි..ඔබද අසා ඇතයි සිතමි. අසා නැති හොද ළමයින්ට මා එය මෙසේ විස්තර කරමි. (එහෙත් එහෙම වුන් මෙහි නැති බව දනිමී.එසේ උවද කෙටියෙන් විස්තර කරමී)


ඒ කෙසේද යත්, බටහිර රටවල කොල්ලන් යුග දිවියට පිවිසීමට කලින් දිනයේ මෙවන් බැචෙලර් පාටි දමත්. එය සාමාන්යයෙන් මනමාලයාගේ ගානේ මිතුරන්ට දෙන පාටියක් වන අතර එහි අරමුණ වන්නේ මනාලයාගේ ජීවිතයේ "නිදහසේ අවසන් රාත්‍රිය" හෙවත් උගේ තනිකඩ ජීවිතයේ අවසන් රාත්‍රිය සැමරීමයි.මෙම පාටියේ අන්තර්ගතය 18+ විය යුතුමය. එසේ නැතහොත් එය බැචෙලර් පාටියක් නොවේමය. බොහෝවිට ස්ට්‍රිප් ක්ලබ් නොහොත් කෙල්ලන් ඇදුම් ගලවන සමාජ ශාලා වලට යාම හෝ ස්ට්‍රිප් කෙල්ලකට/කෙල්ලන්ට ඉන්වයිට් කිරීම මෙහි අනිවාර්ය අන්ගයකි. සැබවින්ම කසාද බැදීමට පෙර දවසේ මෙවන් අළුකුත්තේරු පාටි දමන්නේ නෝටි ඇමරිකන්ලා මිසක් අපේ රටේ කොල්ලන් නොවේමයැ. අපෙ රටේ අයියලා මල්ලිලා හැදිච්ච අහින්සක උන් නිසා ඔව්ව නොකරන්නාහුය. ස්ට්‍රිප් ක්ලබ් යාමට තබා කෙල්ලක් නේත්තරා ඉදිරියටම පැමින ඇදුම් ගැලෙව්වත් උහු අහක බලාගන්නවාය. නැතහොත් දෙනෙත් පියාගෙන පිළිකුල් භාවනාවේ යෙදෙන්නාහුයැ. ඒ අපෙ උන්ය. ඒ ගැන හිත්ද්දී මට ඇඩේ. එබැවින් ආපහු කතාවට යමි.


ඉදින් නෝටි ඇමරිකන්ලාගේ ඉහත කී විකාර රූපී පාටි ගැන මා අසා තිබ්බත් ඒ හුදෙක් කොල්ලන්ගේ පාටි ගැන පමණි. දැන් මෙහි මේ සිද්ද වන්නේ එහි ෆීමේල් වර්ෂන් එකය. එනම්,හෙට කෙල්ලක් දීග යයි; මේ ඇගේ බැචෙලර් පාටියයි. (බැචෙලර්ගේ ගැහැණු සතා බැචිලී කියා සිතන් සිටියත් එය "බැචෙලරෙට්" යනුවෙන් වර නැගිය යුතු බව ගූගල් පඩිතුමෝ මේ දැන් පැවසූහ.) එනම් ඈ ඇගේ මිතුරියන් හා එක්ව කොල්ලෙක්ගේ ඇදුම් ගලවයි.:O


මා එදෙස බැලුවද වටේ ඉන්නා කාටවත් එහි වගේ වගක් නැත. උන්ට එව්වා දැක පුරුදු හැඩකි. මගේ ගජිය කීවේ එව්ව මෙහි සුලබ බවයි. සුදු පාට ඈට මෙව්වා නෝමල්ය. අපිටනම් මැජික්යැ. එබැවින් මම මහා පහන් කූඩු රාජයා නරඹන්නාක් මෙන් බලා සිටියෙමි. කොල්ලා ගැන කියනවානම් ඌ හැන්ඩියෙකි. මුහුණ ඉතා සුන්දරය. බීමත් කෙල්ලන් ඉදිරියේ ඌ මෙලහටත් ටොප්ලස්ය. ඒකාටද එක අතකින් එය ෆන්ය. මූ එක්වරම කලිසමද ගැලවීය..! අම්මෝ! මම ඇස්පියාගතිමි. පියාගෙන හොරෙන් පමණක් බැලීමි. කෙල්ලෝ චියර් කරති. මා හිතුවේ මූ ඉතුරු එකද ගලවයි කියාය. එහෙම ගැලෙව්වොත් අරක පෙනෙන්නේය. ඒකට අපෙ මල්ලී පොඩි කාලේ කීවේ රන් කුරුල්ලා කියාය. මෙරටෙහි යමෙකු ප්‍රසිද්දියෙහි රන් කුරුල්ලා පෙන්නුවොත් දඩය රුපියල් වලින් නම් 10000කි. හොදටම අමාරු වුවද පාරේ චූ කිරිම තහනම් එබැවිනි. ස්ට්‍රිප් කොල්ලා යට එක ගැලෙව්වේ නැත්තේ එනිසා වෙන්ට ඇත. ඒ මොනවා උනත් ඒකා ලස්සනය. මේ උගේ පාට්-ටයිම් ජොබ් එක වෙන්ට ඇත. එහෙත් කවුරුත් එව්වා ගැන ඉන්ට්‍රස්ට් නැත. මන්ද යත් මෙයද තවත් රස්සාවක්ම බැවිනි. ස්ට්‍රිප් ෂෝ එක අවසානයේ ඒකා වෙන්ට මනමාලිය ඇතුළු කෙල්ලන් පිරිසට හාදු දුන්නේය. උන්ට වෙරිය. එනමුත් එන්ජෝයි කළ බව පෙණුනි. මනමාලියට තැන්කූ වෙන්න අපිත්-නෑ-මමත් ඒක එන්ජෝයි කළෙමු.


ප.ලි. අනේ මම මේ නිකමට  කියන ආගිය කතා අසා අපෙ අක්කලා/නන්ගිලා නරක ආදර්ශ නොගනිතැයි බලාපොරොත්තු වෙමි..

17 comments:

  1. මේ නෝටි ඇමරිකා විගඩම් ලංකාවටද ගලාගෙන නොයේ්‍යැයි සිතිය නොහැක. බොහෝවිට සුපිරි බාලිකාවක් මේ වැඩේට අතගහයි.....

    ReplyDelete
  2. ඊයා....? ඊය නෙවෙයි මේ විය හැකි දෙවල්

    2002-2004 යූ එන් පී ආණ්ඩුව කාලේ රවි කරුනානායගම් වගේ ලුම්පන් ඇමතිවරුන්ගේ මැදිහත් වීමෙන් නටපු "රෝයල් ස්ටැග් නයිට්" ගැන ඔබ නොදන්නවා විය හැකියි.ස්කෝලෙ ප්‍රින්සිපල්, ප්‍රධාන ශීෂ්‍ය නායක ( මොහු සහබාගී වී සිටියේ නිල ඇදුමෙනි) ආදි ශිෂ්‍යයන් ඇතුළු විශාල පිරිසක් මේ කාලකන්නි වැඩේට සහභාගී වෙලා හිටියා. සංගීතය සැපයුනේ එවකට එ ජා ප කලා සංගමයේ ලොක්කා වුන සමන් ද සිල්වාගේ "සමන් ඇන්ඩ් ද ක්ලෑන්" වෙතිනි.( දැන් සමන් ද සිල්වා ඉන්නෙත් මේ ආණ්ඩුවේ)
    ගායනා- සුනිල් පෙරේරා සමග රොනී ලීච් (අමු තිත්ත කුණුහරුප)
    රංගනය- මරදානේ අක්කලා සමග රුසියානු ෆොරීන් අක්කලා ( සම්පූර්ණ නිරුවතිනි)
    විශේෂ අවස්ථා- රුසියානු අක්කා කෙනෙකු විසින් රෝයල් කොඩියෙන් සිය "ජම්බාලිය" පිස දැමීම.
    මේ විගඩම VCD එකක් විදියට හැමතැනම විකුණන්න තිබුණා.බලන්න බැරිවුනානම් අලට කරන්න දෙයක් නෑ.
    ඒ ආණ්ඩුව දිගටම තිබුණනම් ඔබගේ මෙම පෝස්ටුව ලියන්න තරම් වැදගත් දෙයක් නොවෙන්න තිබුණා.

    ඉතා වැදගත්- මෙයින් අදහස් වෙන්නෙ නෑ මේ ආණ්ඩුව හරිම ෂෝක් කියන එක. මේකෙ ඉන්නෙත් ඒකෙ හිටපු කාලකන්නි ටිකමයි.පොඩි ප්‍රමාදයක් විතරයි තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. සුමිත් නිරිඇල්ල මහත්තය නොදන්න ටික තමයි ඒ දවස් වල වගේම තාමත් රෝයල් වගේම තවත් "සිංහල බෞද්ධ" කියාගන්න ඉස්කෝලත් ඔය වැඩේ කරන බව. ආණ්ඩුව ස්ටැග් නයිට් දාල දෙනව කියල අනුමාන කලේ ඇයි කියලයි හිතාගන්න බැරි.

      Delete
  3. මට මතකයි ඒක, අපි ඒ දවස්වල A/L. ක්ලාස් එකෙ හිටපු රෝයල් කොල්ලන්ව බයිට් කලා මාස ගානක් යනකන්. VCD එක නම් දැක්කෙ නෑ. පත්තරේ පල වුණු ලිපියක් කියෙව්වා මතකයි..

    ReplyDelete
  4. ඕවා මෙහෙත් නොවෙනවාම නෙවෙයි ඉහල පංතියේ!

    ReplyDelete
  5. රට යන අත දැක්කම එහෙම නොවෙනවනම් ඒකත් පුදුමයක්..:(

    ReplyDelete
  6. ෂා නියමයිනේ...හොද අත්දැකීමක්...ඕක තවත් හොද වෙන්නේ අර කොල්ලා ගැලෙව්වට වඩා පාර්ටි එකේ අයිති කාරා.. ගර්ල් ගේ බෝයි ගලෙව්වනම් තමයි.. කොහොමද මගේ අදහස..:p

    ReplyDelete
  7. ඒකිට ඒකෙ අළුත් දෙයක් නැතුවා වෙන්ඩැ...

    ReplyDelete
  8. ඔන්න මාත් අහම්බෙන් වගේ මේ පැත්තේ ආවා....ඇත්තම කිව්වොත් ඔය වගේ දේවල් දැකලා තිබ්බට (ෆිල්ම් වලින්) බැචෙලර් පාටි ගැන මම අහලා තිබ්බේ නෑ...ලංකාවෙත් මේ වගේ දේවල් අනන්තවත් වෙනවා ඇති..ඒත් එලියට එන්නේ එකයි දෙකයි..ඔය රන්කුරුල්ලා පෙන්නන්න තහනම් රට මොකක්ද අනේ...එකකොට රන්කිරිල්ලි පෙන්නුවට තහනමක් නැද්ද???

    ReplyDelete
    Replies
    1. පොතේ හැටියට තහනම් වෙන්න ඕනෙ...හැබැයි පාරෙ දිගට තියන කට් අවුට්ස් දැක්කම හිතෙනවා තහනම් නැතුවත් ඇති කියලා..

      Delete
  9. මොකක්ද ඔයා ඉන්න රට :D

    ReplyDelete
  10. Replies
    1. Mala magulai nennam...nara lowa holman kiyannet mewwa thamayi

      Delete
  11. හයියෝ මුදල්! පිස්සු බම්ප් වෙනවා මේවා ඇහෙද්දීත්!!!!

    ReplyDelete
    Replies
    1. කියලා පලක් නැත මලේ...:(

      Delete