Pages

Saturday, May 19, 2012

පමා වී ආවත්..වසන්තය..



ඉරිතැලුණු මහ පොළොව අතුරා
සිහින වර්ෂා ඇද හැලේවී..
නිදා වුන් කොවුලන් අවදි වී 

ගී ගයන්නට හඩ ගසාවී...
නුහුරු නුපුරුදු වස්සානයේ
මියුරු රිද්මෙට හද ගැහේවී..
කුරවි නිම්නෙට ළහිරු කැන් වැද
සුබ දසුන් තව අරන් ඒවී..

4 comments:

  1. පමාවි එන වසන්තයට වඩා තිබෙන ගිම්හානය සුවදායකයි...

    ReplyDelete
  2. පමා වෙලා හරි එනකම් මම නම් බලා ගෙන ඉන්නවා..;)

    ReplyDelete
  3. "කුරවි නිම්නෙට"

    මොකක්ද මේ කුරවි කියන්නේ ???

    ReplyDelete
  4. කුරවි කියන්නෙ කෝකිලයාට සමාන පදයක්..(මම දන්න තරමින් :O)

    ReplyDelete