Pages

Sunday, April 22, 2012

වන වදුලු පුරා...


වන වදුලු පුරා ගිය සුවද හමා 
මුළු ගම්මානෙම කිරි සුවද කළා 
මගෙ පුන්චි පැලේ සද පහන නිවී 
රෑ අමාවකේ තරු ඉකි බිදිනා...

ඔය ළමැද පුරා ගැලු සෙනේ ගගින් 

ගත රැදි ඩා බිදු මුතු අහුරු වුනේ, 
හද ඇවිලි දුකින් ලිප ගිනි මෙලවී 
නුඹෙ කදුළු සහල් රජ බොජුන් වුනේ..

ගෙයි මිදුල කොනේ සුදු ඉද්ද සමන් 

පිණි කදුලු පිරී පෙති ගිලිහෙන්නා,
අද පහන් පැලේ ඉඩ නැති හන්දා 
මල් සුවද ලිහී බිම විසිරෙන්නා...

මුදු නයන වැසී සිල් සුවද ඉරී 

මේ මතක බණින් අද පැන් වඩනා,
නුඹෙ ළතෙත් සෙනේ මල් සුවදක් වී 
මේ සසර ඉමේ මට තනි රකිනා...

1 comment:

  1. හැම ගැහැනියක්ම කවදා හෝ මවක්.
    හැම මවක්ම සෙනෙහසින් පිරෙන්නේ නම්,
    මවක් වන්නට පෙර,
    හැම ගැහැනියක්ම සෙනෙහෙන් නෙපිරෙන්නේ මන්ද?

    ReplyDelete