Pages

Sunday, April 22, 2012

ශිශිර තරණය..



හිම කුණාටුව ගලයි...
පලා පැහැ සැගවුනු ශිශිරයේ
වියරු වූ වාතලය අතරින්
හිම කුණාටුව ගලයි...
ඝන මීදුම් පටල අස්සෙන්
අදුරු සේයා මැවෙයි...


කිසිවෙකුත් නැති
පාළු සීතල කුටිය තුළ හිදගෙන
ගෙල මිරිකා දමන සුළු
මරණීය හුදෙකලාව තුළ
කිමිදී මියෑදෙමි...


ගැහෙන දෑගිලි අතර පන්හිදක් සිරකර
එකදු අකුරක් කුරුටු ගෑ නොහැකි ලෙස
චිත්ත සන්තානයේ
සියළු සිතිවිලි ගල් ගැහුණු,
තුවාල ලත් හදවතින්
ගලන ලේ කැටි ගැහෙන,
ආත්මය විනිවිද ගැලූ
කදුලු පවා අයිස් බවට හැරෙන
නපුරු වූ ශිශිරය...
නිදන්නට හැකිනම් මට
කාල තරණ නින්දක්..
නුඹ පලා යන තුරු..
ලෝකයෙන්...

2 comments:

  1. "නිදන්නට හැකිනම් මට
    කාල තරණ නින්දක්..
    නුඹ පලා යන තුරු..
    ලෝකයෙන්..."

    නියමම කොටස

    ReplyDelete
  2. පහුගිය සීත කාලෙ නම් ඇත්තටම එහෙම හිතුනා..

    ReplyDelete