අසනි වැස්සෙන් පසුව
එළිය වට අහසට පෑයූ
සද මඩල පින්බරයි
කල්පයක් බලා ඉන්නට තරම්...
කළු වලාකුළු ඇවිත් එසැණින්,
වසා ගත්තත් සද වත,
වලා තිර අතරින් ගලන
සද කැන් රේණු සුන්දරයි..
මගේ හිත පාළුයි
දෑස් සද එන මග බලයි,
එනමුත්...
වලාකුළු වල හැටි එහෙමයි..
කල් බලා ඉන්නම් දකින තුරු ආයෙත්..
එතෙක් සැනහෙන්නම්
සරා සද කිරණින්...
අහා.. ඉක්මනට සඳ පායයි! වළාකුළු අයින්වෙලා... වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න, නැත්තම් කමෙන්ට් කරන්න අමාරුයි!
ReplyDeleteතැන්කු ලහිරු..මගෙ බ්ලොග් එකෙ පළවෙනියට කමෙන්ට් කිරීමේ ගව්රවය ඔයාට හිමිවෙනවා..
ReplyDeleteමම හිතන්නේ දැන් නම් හරි ඇති..සෙටින්ග්ස් ගිහිල්ලා වෙනස් කලා..(අපි මේ අලුත් ළමයි..;) තාම පුරුදු වෙනවා බ්ලොග් කලාවට...) ;)
සෝමතිලක ජයමහ ගායනා කරන මහ වරුසාවට පසුව නැගෙන සඳා ගීතය සිහිවුණා
ReplyDeleteස්තූතිය් හසිත...මේක ලියද්දි මටත් ඒක මතක් උනා..:)
Deleteඒක නෙවෙයි..ඔයාගෙ E අටුවාවනම් ඇත්තටම නියමයි...
Deleteස්තුතියි. මම ලියන අනිත් බ්ලොග් එක "ආගිය කතා"
Delete