Pages

Sunday, April 22, 2012

වරා මලක්...


වරා මලක් සේ උඩු සුළගේ.. 
පාවී ගිය සිත ලැගුම් සොයන්නට
සීතල නිම්නෙක නතර වෙලා...


සමනල තටුවක පිණි කැට තවරා

සිත්තම් කර සුබ සිහින අරන්
වස්සානේ අග නොහිම් නිමේශෙක
සද ඇවිදින්...


ඉකිලන පැතුමක් කදුලක දියවී

නෙතු අග නිම්හිම් සොයන වෙලේ... 
සද තුරුලට විත් සැගවෙන්නද යළි 
හොර රහසේ...

1 comment:

  1. ඉකිලන පැතුමක් කදුලක දියවී
    නෙතු අග නිම්හිම් සොයන වෙලේ...
    සද තුරුලට විත් සැගවෙන්නද යළි
    හොර රහසේ..

    ලයික් හොදේ !

    ReplyDelete