හිත පුරාවට මේ සුවද,
මද පවන් රැළි එක්ක හමා එන..
කුණාටුව එන්නට කලින්..
දෙනෙත් හරින්න...
නිශාන්තයේ මෝදු වන තරු කැට
නිවී යන්නට කලින්...
හිනැහෙන්න...
තුරු අග නලියන පිණි බින්දු
වියැකී යන්න කලින්...
ජීවිතය මැසිවිලි නගයි කවදත්
කොහොමටත්..
ඒත් රැකගන්න ඔය කවි හිත..
මිලින වී යා නොදී..
ආදරෙන්.. මලක් සේ..
බලාපොරෙත්තුව ආදරය
ReplyDeleteනම්,
හිනැහෙයි ජීවිතය.
නොලැබුනත් ආදරය,
සරසයි,
විරහවෙන්ම ඒ ජීවිතය