Pages

Sunday, April 8, 2012

පරාජය...



සොදුරු සන්ග්‍රාමය නිමාවිය…
අවසාන සටනින් පැරදී,
අවමන් වින්ද සිහිනයෙන් අවදි වී,
ලේ ගලන හදවතත් කුදලගෙන,
පසුබසිමි හිස් අතින්...


දොරගුලු දමා තිබු හිත ලගට
අනවසරයෙන් අවුත්
නුඹ පෑ පෙලහරට වශී වී…
ගත වුනා කල්පයක්..
මම සිහින දැල් වියුවා මකුලු හුයකින්..
කුණාටුව එන බව දැන දැනම…


අපරාහ්ණයේ රශ්මියෙන් දැවී
මේඝ වර්ශාවෙන් තෙමී,
දුක් ගී කුරුටු ගෑ කැටපත් පවුර
සුණුවිසුණු කරගෙන...
පසුබසිමි හිස් අතින්..
තවත් කල්පයකින් මහලු වී….

3 comments:

  1. ස්තූතිය් හසිත..

    ReplyDelete
  2. පසුබසිම් හිස් අතින්..

    සම්පුර්ණ බොරු..
    ඇයි අත්දැකිම් වලට මොකද වුනේ ?

    ජය වේවා..

    ReplyDelete