Pages

Saturday, January 19, 2013

ඔබේ සැමීව සැකද? එහෙනම් මේ කරුණු 20 කියවන්න.



ළගදී ටිකක් දුක හිතෙන දෙයක් සිද්ධ උනා. මගේ ළගම මිතුරියක් ඇගේ සැමියාගෙන් වෙන් උනා. ඊට හේතුව? නොගැළපීමලු...මම ඇයව හමුවෙන්න ගියා....

ඇගේ අදහස නම් ඔහු වෙනත් කතක් ඇසුරු කරන බවයි. ඈ කියන්නෙ ඔහු ගැන මාස ගාණක් තිස්සෙ ඇහැ ගහගෙන හිටියයි කියලා. ඔහුට එන කෙටි පණිවිඩ පවා ඇය කියවලා! ක්‍රෙඩිට් කාඩ්, දුරකථන බිල් ඔක්කොම බැලුවලු. ඒත් මුකුත් හොයාගන්න බැරිවුනාලු. මේ අතර හදිස්සියෙම ඔහු ඇගෙන් වෙන්වෙන්න තීරණය කරලා...


විවාහ ජීවිතයට ඔබ පිවිසෙන්නෙ දහසක් බලාපොරොත්තු ඇතිව නේද? ඒත් කාලයත් එක්ක තමයි තේරෙන්නෙ විවාහය කියන්නෙ කොච්චර සන්කීර්ණ දෙයක්ද කියලා. ඒ අතරට එන ලොකුම අභියෝගයක් තමයි සැමියා සහ බිරිය අතර සබදතාවය වෙනස් නොවී පවත්වාගෙන යන එක. හුගක් විවාහක බිරින්දෑවරුන්ට තියන සැකයක් තමයි තම සැමියා අන් ළදක් සොයා යයි කියන බය. ඒකට ඔවුන් නොයෙක් දේවල් කරනවා. හැමතිස්සෙම ඔහුගෙ දුරකතනයට අමතමින් කොහෙද ඉන්නෙ කියලා අහනවා. ඕනෑවට වඩා හැමදේම හාරාවුස්සමින් ඔහුට හිසරදයක් වෙනවා. මේ ඔක්කොම කරන්නෙ ඔහුව නැතිවෙයි කියන බයට. ඔහුව තමා ළගම රදව ගන්න. ඒත් අවාසනාවට වගේ වෙන්නෙ අනිත් පැත්ත. මේ බොරු බිය නිසාම හුගක් විවාහ ජීවිත අසාර්ථක වෙනවා. ඊට වඩා හොදයි ඔහු වෙනත් කාන්තාවක් සොයා යන්නෙ නැති වෙන විදියට ඔබේ විවාහ දිවිය ලස්සන කර ගන්න එක. පහතින් ඇති කරුණු සමහර විට උදව් වේවි.

1. ඔහුව අගය කරන්න. හැම කෙනෙක්ම ප්‍රශන්සාවට කැමතියි. ඉදහිට හරි ඔහුගෙන් ලැබෙන උදව්වකට ස්තූති කරන්න, නැත්තම් අගය කරන්න. ඔහු කලින්ට වඩා උනන්දුවෙන් උදව් කරන්න පටන්  ගන්න බව පෙනේවි. පුන්චි වචනෙකට ඉතාම ලොකු වෙනසක් කළ හැකියි.

2. හැමතිස්සෙම ඔබ කියන දේ හරි කියලා ඔප්පු කරන්න හදන්න එපා. ඔහු කියන්නෙ ඇත්තක් තියනවා නම් "ඔව් ඔයා කියන එකත් හරි" කියන්න තරම් නිහතමානී වන්න. වචන හුවමාරුවකට ඉබේම නැවතීම තිත තියන්න මේ වචන කිහිපයට තියන බලය ඔබට පෙනේවි! 

3. ඔහුට තරහ ගිය වෙලාවට දේවල් තේරුම් කරන්න උත්සාහ කරන්න එපා. ඒකෙන් තත්වය තවත් නරක් වෙනවා නම්. ඕනෙම නම් ඔහුගෙ තරහ නිවිල හොදින් ඉන්න වෙලාවක කියන්න.

4. සතුටින් ගත කරන මොහොතක ප්‍රශ්න කතා කරන්න එපා. ඒ වෙලාව සතුටින් ගත කරන්න.

5. ඔහුට ඇහුම් කන් දෙන්න. ඔහු කියන දේ ඉතාම සාවධානව අසා සිටින්න. තේරුම් ගන්න. ඔහුගෙ ප්‍රශ්න කියන්න පුළුවන් හොදම හිතවතිය බවට පත්වන්න. ඔබ ඉබේම ඔහුගෙ විශ්වාසය දිනා ගන්න.

6. ඔහු කැමතිම කෑම වර්ගයයෙන් ඉද හිට සන්ග්‍රහ කරන්න.

7. ඔහුට සුබ පතන්න.

8. සතුටින් සිටින්න. සතුටින් හිනාවෙලා ඉන්නා විට ගෙදර සතුටුදායක පරිසරයක් ඇතිවෙනවා. ඔහු ඔබව ප්‍රය මනාප ලෙස දකීවි. හැම තිස්සෙම මුහුණ එල්ලා ගෙන ඉන්න කොට ඔහු සතුට තියන වෙන තැනකට ඇදී යාවි.

9. හිතේ ප්‍රශ්නයක් තියන විට ඒක හිතේ තියාගෙන ඔහු අහනකන් මුහුණ එල්ලා ගෙන ඉන්න එපා. එය කතා කරල විසදගන්න. ඔහු ඔබේ හිත කියවයි කියල බලාපොරොත්තු වෙන්න එපා. ඒ වෙනුවට ඔහුගෙ හිත සතුටින් ඉන්න වෙනත් කෙනෙකු වෙත යාවි.

10. ඔහුගේ මව්පියන්ට ආදරෙන් සලකන්නෙ. ඔවුන්ගෙ හොද කියන්න. විශේෂයෙන් ඔහුගෙ මවව කවදාවත් විවේචනය කරන්න එපා.

11. ඔහු කැමති දේවල් වලට, රසාස්වාදයන්ට ගරු කරන්න. ඔබ කොච්චර අකමැති වුණත් එය නිතර විවේචනය කරන්න එපා. ඒ වගේම ඔහු අකමැති දේවල කරන්න කියා බල කරන්න එපා. සාප්පු යන්න ඔහු අකමැති නම් බලෙන් ඇදගෙන යන්න එපා.

12. ඔහුගෙ නිදහසට ගරු කරන්න. හැමතිස්සෙම ඔහුව සැක කරන බව පෙන්නන්න එපා. ඔහුගෙ කෙටි පණිවිඩ, මුදල් පසුම්බි ආදිය පරීක්ෂා කරමින් ඔහුගෙ පුද්ගලික නිදහස අනවශ්ය විදියට ආක්‍රමණය කරන්න එපා. ඔබව එපා වෙන්න පළවෙනි හේතුව එය වෙන්න පුළුවන්.

13. ගෙදර අණ දෙන නිලධාරිණිය ඔබද? උස් හඩින් කෑ ගසා ඔහුට අණ දෙනවාද. එය ඔහු අකමැති තවත් හේතුවක්. ඔහු ඔබට යටත් වෙලා ඉන්න කැමති නැහැ. විවාහය කියෙන්නෙ එකිනෙකාගෙ අදහස් වලට ගරු කිරීම මත් පවතින දෙයක්.

13. ආත්ම විශ්වාසයෙන් සිටින්න. තමන්ව අගය කරන්න. තමන්ට ගරු කරන්න. එවිට ඔහුත් ඔබට ගරු කරාවි.

14. අන් ළදුන් සමග ඇති ඉරිසියාව හැම විටම ප්‍රකට කරන්න එපා. එතකොට එය ඔබේ ආත්ම විශ්වාසයේ අඩුවක් ලෙස ඔහු දකීවි.

15. නිදහස්, සවිමත් කතක් වන්න. හැම දේටම ඔහුගෙ උදව් ඉල්ලන්න එපා. ඔබේ නෑ මිතුරු සබදකම් ඒ අයුරින්ම පවත්වාගෙන යන්න. ඔබට ආදරය කරන තවත් අය සිටින බව ඔහු දැන ගත යුතුයි.

16. ලස්සනට සිටින්න. ලස්සනට අදින්න. ගොඩක් අය විවාහ උනාම රූපය ගැන සැලකීමක් නැති වෙනවා. ඔබ කෙරේ ඔහුගෙ ආකර්ෂණය දිගටම පවත්වා ගෙන යන්න එය උදව් වෙනවා. නැත්නම් ලස්සන කතුන් දැක්කම ඒ දිහා බැලෙන එක ඔහුටම නවත්වා ගන්න බැරි වේවි.

17. සාර්ථක ලින්ගික ජීවිතයක් පවත්වාගෙන යන්න. හුගක් බිරින්දෑවරු හිතන්නෙ ඒක ඔහුගෙ වැඩක් කියලා. අවාසනාවකට වගේ ගොඩක් සැමියන් වෙනත් ඇසුරක් සොයා යාමට විතරක් නෙවෙයි, නිතර මත්පැන් බොන්නත් හේතුවන් තමයි ඔහුගෙ මුදුන්පත් නොවූ ලින්ගික අවශ්යතාවයන්. කාන්තාවන්ට එය හැගීම් මූලික කරගෙන ඇතිවෙන දෙයක්. එක්තරා වයසකට පස්සෙ ඇය හිතනවා එය අවශ්ය නැහැ කියල. ඒ උනත් පිරිමි අයට එය වඩාත් ශාරීරික අවශ්යතාවයක්. එය විවාහ ජීවිතයෙන් නොලැබුණාම ඔවුන් එය හොයා ගෙන යාම හරි, මත්පැන් බීම හරි නවත්වන්න අමාරුයි.

18. ලින්ගික ජීවිතයේදි ආත්ම විශ්වාසයෙන් සිටින්න. එය ඔහුගේ වැඩක් කියලා නිකම් ඉන්න එපා. ඉතා හොද ලින්ගික දැනුමක් ලබා ගන්න. ඔහු එය ඉතා අගය කරාවි. ;) වෙනදාට වඩා ඔහු සතුටින් සිටීවි...

19. විවාහයේ ලොකුම සතුරා මමත්වය බව තේරුම් ගන්න. විවාහයේ පදනම එකිනෙකාව අවබෝධ කරගැනීමයි. වැරැද්දක් සිදු වූ විට සමාව ඉල්ලන්න. රණ්ඩුවකදි ඔබ දිනුවා කියල හිතුවට ඔබ ඒ දාගත්තෙ රිණ ලකුණක්.

20. ඔබ දෙදෙනා පුද්ගලයන් දෙදෙනෙකු බව මතක තබා ගන්න. දෙන්නෙක් කවදාවත් එක වගේ වෙන්නෙ නැහැනෙ. ඔබ හිතන විදිය, ජාන සන්යුතිය, හැදී වැඩුණු විදිය වෙනස්නෙ. ඒ වෙනස් කම් තේරුම් ගන්න.

හැම සාර්ථක මිනිසෙක් පසුපසම ගැහැනියක් ඉන්නවලු. ඔබත් ඒ ගැහැනිය වන්න. ඒ සාර්ථක මිනිසා වෙන්න ඔහුට උදව් කරන්න

17 comments:

  1. ගැහැණු කෙනෙක්ට මේ දේවල් කියනවා උනාට ගොඩාක් දේවල් පිරිමියාටත් අදාලයි වගේ... තාම නම් ඉතින් ඕක අදාළ නැ එහෙම උනාම බලමුකෝ......

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අනිවාර්යෙන්ම දේවා..ඒක දෙන්නටම අදාළයි...හැම තිස්සෙම අනිත් කෙනාගෙ පැත්තෙන් හිතන්න පුළුවන් නම් ඒක තම සාර්ථක විවාහයේ රහස..ස්තූතියි අදහසට..ඔයාටත් ඉක්මනටම මේක අදාළ වේවායි පතමි ;)

      Delete
  2. හ්ම්ම්...ඔන්න මම බුක් මාක් කරලා තියා ගත්තා... ;)

    ReplyDelete
    Replies
    1. අන්න හොදයි නාඩි තුමා...:P

      Delete
  3. උමා කසාද බැදලද?මසුරං වදන් ටික ඒත් එවයින් කියෙන් කියද දිර්ඝ කාලිනව කෙරෙන්නේ.

    ReplyDelete
    Replies
    1. තාම නම් බැදල නෑ නලින්..බැදපු අයගෙ ජීවිත දිහා පිටින් බලලා තමයි ඉගෙන ගත්තෙ...

      Delete
  4. බැදපු උංට විතරක් නෙමේ ලවු කරන ඈයංටත් වැදගත් වගේ සමහරක් එවුවනං...

    ReplyDelete
    Replies
    1. මමත් හිතුවෙ ඒකයි..ස්තූතියි කමෙන්ටුවට තරි...

      Delete
    2. @ තරියා - අනුශ්කාට කියලා දීපන් මේ ටික ..... ඩී

      Delete
  5. ආහ් එහෙමද ???????? ...... ඩී
    අපි නං දන්නේ නෑලු ඕවා .... ඒ නිසා වටිනවලු ........

    ReplyDelete
    Replies
    1. අහ් වටිනව නේන්නන්..දැන්මම ලියල තියාගන්න වෙයි..;) ස්තූතියි මේ පැත්තෙ ආවට දිනෙල්ක..

      Delete
  6. රත්තරන් කතාව.. දැන් "අර සීන් එක" හරි ගියොත් උමාත් ඔය ටික පිලිපදින්ට ඕන හරිය?

    ReplyDelete
  7. මොන සීන් එකද මලයා ඔය කියන්නෙ..::O බොලේ මම දන්නෙ නැති එකක් වත්ද?

    ReplyDelete
  8. ගොඩාක් වටින ලිපියක් උමා..ඹයා දක්වලා තියෙන කාරණා 20 කාන්තාවකට දිර්ඝ කාලිනව ආසවෙන් පිලිපදින්න පුලුවන් නම් විවාහ දිවිය හෝ ආදර සම්බන්ධයක් අසාර්ථක වෙන්න තියෙන හැකියාව බොහොම අල්පයි..බොහෝ ප්‍රශ්න වලට මුල සැකයයි..ඕනවට වඩා හිරකරලා තියාගන්න උත්සාහ කලොත් වෙන්නේ සදහටම අහිමි විමයි..ඒක හරියට ගිරවෙක් කුඩු කරලා හදනවා වගේ වැඩක්..නිදහස ලැබුන ගමන් හිතාගන්නවත් බැරි දුරකට පියාඹලා යාවි...

    ReplyDelete
    Replies
    1. ඔය 64න් 20ක් තමාකියල තියෙන්නෙ..තව තියෙනවා..;)

      ගොඩක් ස්තූතියි කමෙන්ටුවට ගවේශක...සැකය තමා ඕනම සම්බන්ධකමක විනාසයට මුල..විශවාසය නැති තැන ආදරයක් නැත...

      Delete