Pages

Saturday, January 5, 2013

අපේ රටේ ලින්ගික පීඩනයට හේතුව කුමක්ද...(ගැහැණු ඇසකින්..)

 




ඒ ශරත් සමයෙහි බර්ලින් නුවරයි...මැදියම් රාත්‍රියද පහුවෙලා කෙල්ලන් රන්චුවක් පාර දිගේ නටමින් ගී කියමින් යනවා...ඔවුන් සමරන්නෙ පාසලේ ශරත් නිවාඩුවේ ආරම්භයයි..ඉද හිට අවන්හලේ සිට නිවෙස් බලා යන තරුණයන් රැළක් ඔවුන්ට යමක් කියා සිනාසෙනවා..තරුණියන් ඔවුන්ට පෙරළා විහිළුවක් කර ආයෙමත් ගී ගයනවා...

ඒ අතර ලෝකයේ වෙනත් කෙළවරක...

ඒ දෙසැම්බර් මස අදුරු රාත්‍රියක නව දිල්ලි නගරයයි. ගීර්පූර් බලා ඇදෙන බස් රථයක වයස 23ක් පමණ වූ තරුණියක් සිටියි. එම බස් රථයේම සිය මාරයාද සැගවී සිටින බව ඈ දන්නේ නෑ..පැයක් පමණ පුරාවට ඈ වටේ ඉව අල්ලමින් සිටි ම්ලේච්ඡ්යන් සය දෙනෙකු ඇය අමානුෂික අන්දමින් අතවරයට ලක් කර බසයෙන් ඉවතට විසි කර දමනවා..

මේ සිද්ධීන් දෙකම සිදුවන්නෙ එකම ලෝකෙක. මේ දෙකම වුණේ අපේ රටේ නෙවෙයි. හැබැයි මේ දෙකෙන් අපේ රටේ සිද්ද වෙන්න වැඩි ප්‍රවණතාවයක් තියෙන්නෙ කොයි සිදුවීමද කියලා හිතුවොත්? අපේ සමාජයේ මේ වෙනකොටත් වාර්ථා වෙලා තියන කාම අපරාධ ගණන ගැන බැළුවොත්, ඉහත කියපු දෙවැනි සිදුවීම සිද්ධ වෙන්න තියන සම්භාවිතාවය නම් ඉහළයි..ඒත් ඇයි?? ඇයි කියල තමයි මේ කථා කරන්න යන්නෙ..


අපි අපේ රටේ සන්ස්කෘතිය ගැන බොහොම ආඩම්බරයි. ඒ අනුව සමාජයේ කිරීමට සම්මත හා අසම්මත දේවල් වගේම ප්‍රසිද්ධියේ කතා කිරීමට සම්මත හා අසම්මත දේවල් තියනවා. ලින්ගිකත්වය කියන්නෙ එපේ සන්ස්කෘතියට අනුව අපි වැඩිය ප්‍රසිද්ධියේ කතා නොකරන දෙයක්. ප්‍රශ්නේ කියන්නේ අනිත් මිනිස්සුන්ට වගේම අපිටත් එය මූලික අවශ්යතාවයක් වුණු එකයි. මූලික අවශ්යතාවයක් වෙච්ච දෙයකට තහන්චි පැනෙව්වම ඇතිවෙන්නෙ පීඩනයක් මිසක් වෙන මොකක්ද? ඊ ළගට ඒ පීඩනය එළියට පනින්නෙ සමාජයටම මහා විනාශයක් කරගෙන. දිනෙන් දින වැඩි වෙන ලින්ගික අපරාධ, ළමා අපචාර, පැහැර ගැනීම්, ගබ්සා කිරීම් විතරක් නෙවෙයි දෙදරා යන පවුල් ජීවිත පවා මීට සාක්ෂියි. අනික්වා කෙසේ වුණත් ලින්ගික අපරාධ ගණන අතින් නම් "සදාචාර සම්පන්නයි" කියන අපේ රට ඉන්නේ ගොඩක් රට වල් වලට වඩා ඉදිරියෙන්. ඇයි??

 

 "බටහිර රටවල ළමයි වයස 15 - 16 වෙද්දි සියළු දේ අත්දැකලා ඉවරයි. ඒ නිසා ඔවුන්ට ලින්ගිකත්වය කියන්නෙ අමුතු දෙයක් නෙවෙයි" ..ඒ එක්කම "ඉස්ලාම් රටවල් වල තියන නීතිමය තහන්චි වල හැටියට සහ කාන්තාවට තියන සීමාවල් එක්ක එබදු අපරාධ වලට ඉඩක් නැහැ" කියලා ඔබට කියන්න පුළුවන්. කතාවනම් ඇත්ත. නමුත් ඔය අන්ත දෙකටම අපිට යන්න බැහැ. අපි ඔය සන්ස්කෘති දෙක මැද ඉන්න සමාජයක්. අපි දියුණු වෙමින් පවතින රටක්. ඒත් අපි දියුණු වෙන්න ඕනෙ අපේ සාරධර්මත් එක්කයි. ලින්ගික අපරාධ වලට විසදුමක්ය කියලා අපිට බටහිර සන්ස්කෘතිය වැළද ගන්න බෑ. ඒ එක්කම අපිට අරෙහෙම පොරවා ගෙන ඇස් දෙක විතරක් ඇරගෙන ඉන්නත් බැහැ. එහෙනම්..??

 


 "ගණිකා වෘත්තිය නීතිගත කිරීම තමා විසදුම" කියලා උගත් මහත්මයෙක් ලගදී ප්‍රකාශයක් කරලා තිබුණා. ඒකට හොදවයෙන් ප්‍රතිචාරත් ලැබුණා. ඒ වගේ පැලැස්තර විසදුම් වලින් වෙන්නේ ඊට වැඩිය ලොකු විනාශයක් කියලා මොළේ ටිකක් හරි තිබ්බනම් තේරෙනවා. ඒකෙන් හොදට තියන පවුල් කැඩේවි, පාසල් ළමුන් එය අත් හදා බලන්න යාවි, ගැහැණු දැරිවියන්ගේ ජීවිත ගනනාවක් අදුරු වේවි.

එහෙනම් මොකක්ද ඔබ යෝජනා කරන විසදුම..?

අපේ දරුවන්ට පාසල් වියේදීම හොද ලින්ගික දැනුමක් ලබාදීම මිසක් වෙන යමක් නෙවෙයි. අපේ රටේ ලින්ගිකත්ව කියන්නෙ පොතේ හැටියට විවාහයට සීමා වූ දෙයක්. එයි පරිබාහිර ලින්ගික හැසිරීම් "අසම්මත දෙයක්" විදියටයි සැලකෙන්නෙ. ඒත් ලින්ගිකත්වය කියන්නෙ තරුණ වයසෙදිම මිනිසාට ඇතිවන ජීව විද්යාත්මක අවශ්යතාවයක්. එහෙම නැති කෙනා සාමාන්ය කෙනෙක් නෙවෙයි. එබදු වූ සාමාන්ය අවශ්යතාවයකට වැට කඩුළු දමලා තියනවා විතරක් නෙවෙයි එය කතා කිරීමට තහනම් මාතෘකාවක් බවට පත් කරලයි තියෙන්නෙ. නොසන්සිදුන ලින්ගික අවශ්යතාවයට තහන්චි දැමීමෙන් අනවශ්ය කුතුහලයකුත් ඇතිවෙනවා. එහෙම තහනම් කළාට ළමයි විවිධ ආකාරයෙන් එම "දැනුම" සොයා ගෙන යනවා. භයානක දේ තමයි එම "දැනුම" ලබා ගන්න මාද්ය වලින් ඔවුන් වැරදි දේවල් ඉගෙන ගන්න එක. කුතුහලය නිසා ඔවුන් එය අත්හදා බලන්න යාමෙන් ලමයි ජීවිත පවා අදුරු කර ගන්නවා. දෙයක් වහලා තියන කොට ඒකෙ අගය වැඩි වෙනවා. එතකොට තව හාරවුස්සන්නමයි හිතෙන්නෙ. මෙම අනවශ්ය කුතුහලය නැති කරන්න නම් පාසල් වියේ ලබාදෙන දැනුම ඉතාම වැදගත් වේවි. ලින්ගික දැනුම සදහා අපට ඇති අවශ්යතාවය කොයිතරම්ද කියන එක කියන්න ඕන නැහැනෙ. ඒ ගැන ගූගල් පඩිතුමාගෙන් අපි කොච්චර අහනවද කියලා එතුමාම ලෝකයට කියල තිබුණනෙ..:D

 

සන්ගනණයක් කරලා බැළුවොත් පෙනේවි ලින්ගික අපරාධ වැඩියම සිද්ධ වෙන්නෙ ඉගෙනුම් මට්ටම අඩු කොටස් අතින් කියලා. නොසන්සිදුන ආශාවල්වලට නූගත් කමත් එකතු වුනාම වෙන විනාශය තමයි ඒ. එම නිසා නව යොවුන් වියේදිම පාසල් ළමයින්ගෙ විශය නිර්දේශයට මෙම දැනුම යම් තරමින් හෝ ඇතුළත් කිරීම හැර වෙන විසදුමක් නෑ.

ඉස්සර අපේ විෂය නිර්දේශයෙ ප්‍රජනක පද්ධතිය ගැන පිටු 4-5ක් විතර තිබුණා. ඒක ඉගෙන ගන්න ළමයි සැදී පැහැදී ඉන්නෙ. හැබැයි ටීචර්ලා ඒකවත් හරියට කියා දෙන්නෙ නෑ ලැජ්ජයි. පුදුමෙ කියන්නෙ ඒ බොහොමයක් ගුරුතුමීල විවාහ වුණු අය :P  ඵ් එක්කෝ "හිපොක්‍රසි" කියන එක. එහෙම නැත්තම් ඒ ටීචර්ලගෙ සැමියන් ගැන මට දුකයි.:D තමන් කරන වැඩේ භයානක කම ඔවුන් ඇත්තටම දන්නෙ නෑ. ළමයෙක් වැඩෙන්න ශාරීරික සුවතාවය වගේම ඒ ළමයව හොද පුරවැසියෙක් කරන්න මානසික සුවතාවයද අවෂ්යයි. අපේ රටේ තියන තරගකාරී රටාව නිස අපේ දරුවො කොහොමටත් ඉන්නේ පීඩනයෙන්. ඒ පීඩනයට තවත් පීඩනයක් එකතු වෙනවා විතරයි. තව වසර 10කින් අපේ රට මොන වගේ වෙයිද කියල මවා ගන්න උත්සාහ කරන්න. ඒ කාලය වන විට බටහිර සන්ස්කෘතියෙන් එන බලපෑම් මීටත් වඩා වැඩි වෙයි. එදාට අපි "අතරමන්" නොවූ ජාතියක් ගන්න නම් අද මේ පියවර ගන්නම වෙනවා.

"ඔය මොන ලින්ගික අද්යාපනයක්වත් නැතුව අපේ රට හොදට තිබ්බ කාලයක් තිබුණා" කියල කෙනෙක්ට කියන්න පුළුවන්. ඇත්ත. මැණිකක් ගත්ත ලස්සන තරුණියකට දෙවුන්දර තුඩුවෙ ඉදන් පේදුරුතුඩුවට තනියම ආපදාවක් නැතිව යන්න පුළුවන් කම තිබ්බලුනෙ. ඒත් දැන් 70 පැනපු ආච්චි කෙනෙකුට පේදුරුතුඩුවෙ නෙවෙයි, තමන්ගෙ ගේ ඇතුළේ බයක් නැතිව ඉන්න පුළුවන්ද? ඉස්සර වගේ නෙවෙයි, තරගකාරීත්වයෙන් පිරුණු ජීවන අරගලයෙන් වගේම ගෝලීයකරණයෙන් අපේ රට ඔද්දල් වෙලයි තියෙන්නෙ. ඒ හානිය වෙලා ඉවරයි. ඒ නිසා අතීතය ගැන තැවෙනවා වෙනුවට විසදුමක් හොයා ගනිමු. ඒක ගණිකා වෘත්තිය නීතිගත කිරීම හෝ කාන්තා විලාසිතා තහනම් කිරීම වගේ පැලැස්තර විසදුමක් නෙවෙයි, පාසල් පද්ධතිය තුළින් එන විධිමත් විසදුමක් විය යුතුයි.

ජාතියේ දරුවන්ට ඇති ආදරය නිසා අන්තර්ජාලයේ තිබූ ටියුබ් ගනනාවක්ම තහනම් කළ ආඩම්බරකාර තාත්තලාට මෙබදු දෙයක් කිරීමටද මොළය පෑදේවායි පතමු.

ඒ එක්කම ඔබේ අදහස මෙහි දක්වා යාමටත් අමතක කරන්න එපා. :)

17 comments:

  1. ටියුබ් දැම්මට වැඩක් නෑනේ අක්කේ...ඕනේ තරම් proxy දාලා යන්න පුළුවන්නේ!
    ඇත්ත! මේකට හේතුව තමයි අධ්‍යාපන ක්‍රමයේ මෙහෙම දේවල් හංගලා තියෙන එක! අනිත් එක මේකට දෙමව්පියොත් වග කියන්න ඕනේ! මොකෝ ඒ අයත් දැන ගන්න ඕනේ ළමයින්ට ඒ ගැන නිවැරදි දැනුමක් ලබා දෙන්න...

    ReplyDelete
  2. ඇත්ත. අතීසාරෙට අමුඩ ගහනවා වැඩක් තමා ඔය තහනම් කිරිල්ල...ලෙඩේටයි බෙහෙත් කරන්න ඕන..

    ReplyDelete
  3. හිකිස් මරු ලිපිය ඈ... අඩම්බර කාර තාත්තා මේක දකීවා... අදයි මේ පැත්තේ මුලින්ම ආවේ..

    අපේ පැත්තෙත් එන්න ඈ කැරකෙන ලෝකේ....

    ReplyDelete
    Replies
    1. හප්පේ හිච්චි කොලුත් ඇවිල්ලනෙ බොලේ..මෙව්ව ළමයින්ට කියවන්න හොදද මන්ද..හික්ස්...කැරකෙන් ලෝකෙට අනිවා එනවා අපි..ස්තූතියි කොමෙන්ටුවට මලේ..

      Delete
  4. අදයි ආවේ මේ පැත්තට. තව ටිකක් කියවලාම බලමු කමෙන්ටුවක් දාන්න. දිගටම කියවන්න එනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින්.ඔව් ඔව් හිතට එන අදහස් කියලම යන්න..

      Delete
  5. මමත් අදයි ආවේ... නියම ලිපියක්... දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මේ පැත්තෙ ආවට යාළුවෙ..

      Delete
  6. Human nature is being curious about hidden things. But what's the proof for reduction in teen pregnancies or rate of abuse to go down with sex education? If the children were taught about sex, will they stop googling? will they stop being curious? How far are we gonna teach? At what stage are we going to introduce? Sex is a sensitive issue and it's natural. Is is not taught by anyother species to their younger generation. Human are not taught on how to piss or shit. Human also have basic instincts. So the researchers have sadly failed to prove that sex education at a young age or at school will reduce the rate of abuse. Instead of they've found out that they become even more curious and those who had never known such things gonna experiment. The end result is they have to put a huge bowl of condoms in the common room just to cut down the teen pregnancies.
    Sex is a basic human need and comes with hormonal rise which means it comes with age. So the challenge is not to educate on sex. But to educate on cultural values and norms of a civilized society. Like elders teach children on manners of taking a leak, or using sanitary facilities. There are norms in a highly civilized society like monogamy and even religions teach us on how to tame untamed desires. So instead of social and religious approach, selecting sex education might just worse the scene.
    Comparing the two cultures, the free western and tightened up eastern, it's not that they have less sexual distress, it's that they have released it and their attitudes towards that have normalized. 2/3 of US people thought the president Clinton should remain in the seat despite his Monica problem.
    The Indian girl died because of the cultural values she believed, she did not want to have sex. In the west they'd have turned it in to a group sex event, a research has showed that there are a lot of women who fantasize about rape and even gang rape or group sex. So the problem is with the perception. We must not let the sex education go free polluting little minds at a stage they are not ready to take. Because in a class there are students with various biological ages with varying hormone levels. Do not make Sri Lanka a radical country like west, so that the perception of rape becomes a role-play sex.

    ReplyDelete
  7. And if you see the statistics, how many rapes, abuses are done by under 18 people? Very few. So According to above facts, my suggestion is extensive sex education is not needed at younger stage, But having discipline on sex related issues should be done like teaching toddlers to shit. Best thing would be educating the couple before they get married. Because in Sri Lanka there are people who doesn't enjoy their married life which creates the major sex depression. The main responsibility's in the hand of women. Because the good qualities they were brought up, the good qualities which taught them abstinence is good firing back. People get married not to cook and eat, people get married to have a sexual relationship which is considered as the utmost pleassure for every species. So after waiting more than a two decades finally got "license" to do it in a socially accepted and lovable way, the women (very rarely man) refuses, or not enjoying it. So sexually deprived men at home looks for extra marital relationships, rape, child abuse etc etc.
    Another thing the men (rarely women) must understand the word satisfaction. Hope you heard the story about the pradeshiya sabha minister who celebrated his 100th women. So there's no really a limit unless you tame yourself up and satisfied with what you have.
    Today Sri Lankans don't know how to eat, so the eat as much as unhealthy food and eventually get diabetes and cholesterol, same as they don't know how to have sex. They seek a lot of unhealthy and fast sex. So eventually ending up in a corrupted and polluted society. We can't solve this problem by sex education but promoting a more religious and cultural propaganda leads to a society which respects others dignity with creating satisfied environment at home. A society with tender loving care backed up with our good eastern cultures and religions.

    ReplyDelete
    Replies
    1. http://www.telegraph.co.uk/health/healthnews/9497270/Sex-education-doesnt-cut-teen-pregnancy-rate-claims-academic.html

      http://www.dailymail.co.uk/news/article-2193127/Sex-education-little-impact-teen-pregnancy-figures-remained-unchanged-40-years.html

      http://zeenews.india.com/news/health/sexual/sex-education-doesn-t-cut-teen-pregnancy-rate-study_18504.html

      Delete
  8. //"ගණිකා වෘත්තිය නීතිගත කිරීම තමා විසදුම" කියලා උගත් මහත්මයෙක් ලගදී ප්‍රකාශයක් කරලා තිබුණා. ඒකට හොදවයෙන් ප්‍රතිචාරත් ලැබුණා. ඒ වගේ පැලැස්තර විසදුම් වලින් වෙන්නේ ඊට වැඩිය ලොකු විනාශයක් කියලා මොළේ ටිකක් හරි තිබ්බනම් තේරෙනවා. ඒකෙන් හොදට තියන පවුල් කැඩේවි, පාසල් ළමුන් එය අත් හදා බලන්න යාවි, ගැහැණු දැරිවියන්ගේ ජීවිත ගනනාවක් අදුරු වේවි.//

    තමන් ලියපු මේ කොටස වචනයක් නෑර කියවල බැලුවනං publish කරන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අහ් මම ඉතින් මට හිතෙන හැටියට කිව්වෙ සහෝ..අතීසාරෙට අමුඩ නොගහ ලෙඩේට බෙහෙත් කරමු කියල..

      Delete
  9. ගොඩක හොද අදහස් ටිකක්.
    ලිංගික අද්‍යාපනය නියම විදියට නොලබිම නිසාම ඒ දේ වරදි තනකින් හරි ලබනව.එකට වරද්දක් කියන්නත් විදියක් න.
    මොනව උනත් ගනිකාව නීති ගත කලොත් ලංකාවෙ අහින්සක කෙල්ලෝ දහස්ගනක් බලහත්කරෙන් ඒ අපායට දාලා සල්ලි හොයන්න නම් ඔනත‍රම් මිනිස්සු ඉදීවි.

    ReplyDelete
    Replies
    1. මගෙ මොළේට දැනෙන්නෙත් ඒකමයි සහෝ..sexual frustration එක උපරිමයෙන් වැඩි වෙලා තියන මේ සමාජෙ, නීතිය අවනීතිය වෙලා තියන මේ වගෙ කාලෙක ඔය වගෙ විසදුමක් ගේන එක නිකන් වදුරට දැලි පිහිය දුන්න වගේ තමා..

      Delete
  10. ඇත්ත මමත් හිතන්නේ මේ වගේ ප්‍රශ්නෙකට, මේ වගේ පොඩි පොඩි විසදුමි හරි යන්නේ නැහැ. වැදගත්මෙ දේ ලිංගිකත්වය පිලිබඳ අවබෝධයක් ලබාදීමයි. ඉන් ඉදිරියට මිනිස්සුන්ගේ මනස හදන එක ඉතා වැදග්ත් වෙනවා. ඒවට තමයි ආගම දහම තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. මේකත් බලන්නකො
      http://onlinedoctorsl.lk/blogs/%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA-%E0%B7%83%E0%B6%B8%E0%B6%9F-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9-%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%94%E0%B6%B1/

      Delete