රතු කිකිළී උදේ නැගිට්ටාය. උදෑසන ඉර පායමින් තිබේ. ඇතැම් කුකුළෝ තවමත් නිදයි. ඒ නිදිමතේ නොව හාමතේය. කූඩුවේ අයිනට ගිය ඇය කම්බි දැලෙන් හොට එළියට දමාගෙන ටික වේලාවක් සිටියාය. කූඩුව ඇතුලේ වාතය අන්තිම අපිරිසිදුය. කුකුළෝ එකා පිට එකා වැටී නිදයි. එහි ඔබ මොබ ඇවිදීමටවත් ඉඩ නැති පුන්චි කූඩුවකි. කුඩා කුකුළ් පැටවුන් ඒ අසල වෙනම කූඩුවකය. රතු කිකිළීට දිය තිබහක් දැණුනි. කූඩුවේ කොනක කුඩා වතුර ටැන්කියකි. පතුළ පෙනෙන එහි බොර පාට වතුර ටිකකි. ඇය හොට හැකි තාක් ටැන්කියේ ගැඹුරට දිගු කොට වතුර ඩින්ගක් බීවාය. එය ඇගේ තිබහට ප්‍රමාණවත් නැත. කූඩුවේ ඇතුළේ ඇති රස්නයට තිබහ වැඩිවෙයි. තිබහටත් වඩා බඩගින්න අධිකය. ඊයේ හවා අර කෙට්ටු මිනිසා ඇවිදින් මොනවාදෝ ඇට වාගයක් විසිකර ගියේය. සියළු කුකුළෝ ඊට පොර කෑහ. ශක්තිමත් එවුන් එහෙ මෙහෙ දුවමින් අහුලන් කෑහ. හාමත නිසා පොර කෑමට ශක්තියක් නැතිකමින් කිසිවක් නොලැබී බඩගින්නේම නින්දට ගිය වුන්ද සිටියහ. රතු කිකිළී පයින් පොරව සූරා බැළුවේ කූඩුවේ බිමෙහි හෑරුණු වළෙකින් පණුවෙක් වත් මතුවී ඇත්ද කියාය.

කුකුළෝ එකා දෙන්නා ඇහැරෙන්නට පටන් ගෙන ඇත. ඔවුන් ඇහැරුණු ගමන් වතුර ටැන්කිය සොයා යති. සමහර උන් 'කොක්' 'කොක්' හඩ නගති. හුගක් එවුන්ට හඩලන්නට තියා 'කොක්' ගාන්ට වත් පණ නැති තරම් දුබලය. කූඩුවේ තද බදය නිසා ඇවිදින්නටව්ත් ඉඩ නැත. පෙරේදා මීට වඩා තද බදයක් තිබුණි. ලොරියකින් ඔවුන් මෙහි ගෙනාවේ එදාය. එහෙත් අර හිස මහත කකුල කොර ගසන මිනිසා ඇවිත් කුක්ළන් කිහිප දෙනා බැගින් උදේ හවා රැගෙන යන බැවින් කූඩුවේ තද බදය දැන් ටිකක් අඩු වී ඇත. එසේ රැගෙන යන විට කුකුළන් මරහඩ තළයි. උන් මිනිසාගේ දෑතට හසු නොවන්නට එහා මෙහා පනී. එවිට අනික් කුකුළ්ලු බිය වී ඒ මේ අත පනින්නට තැත් කරමින් කෑ ගාති. කකුල කොර මිනිසා හසුවන කුකුළන්ගේ කකුල් වලින් ඇද හිස පහළට හැරෙන සේ උස්සාගෙන යයි. කුකුළන් රැගෙන යන්නට මිනිසා පැමිණෙන විට කුකුළන් කරන මරහඩ තැලීම රතු කිකිළී තුළ බිය උපදවයි. කකුල කොර මිනිසා කුකුළන් රැගෙන කොහේදෝ ඇතුළු ගෙයකට නොපෙනී යයි. ඇතැම් විට ඒ දිහාවෙන් කුකුළන්ගේ මරහඩ තැලීම් ඇසේ. ඒ හඩ රතු කිකිළී තුළ මරණ බිය උපදවයි.
ඈ නැවතත් කූඩුවේ කම්බි දැලට හොට තබා ගෙන ටිකක් වෙලා සිටියාය. ඇය සිටින තැනට පුන්චි කුකුළ් පැටවුන්ගේ කූඩුව මෙන්ම මහ පාරද පෙනෙයි.
එහා පැත්තේ කුකුළු පැටවුන්ගේ කූඩුවේ පැටවුන් කෙදිරි ගායි. ලගකදී සිට සෑඩුනු බෝවන රෝගයකින් උන් පීඩා විදිති. උන්ගේ ඇගේ තුවාලය. කිහිප දෙනෙකු වේදනාවෙන් කෙදිරි ගාති. එක් පැටවෙක් තුවාල කුණු වීමෙන් මරණාසන්නව සිටී. ඌට ඇවිදීමට නොහැක. ඌ අමාරුවෙන් වතුර ටැන්කිය දෙසට ඇදෙයි. ඒ දිය පිපාසය නිසාය. එහෙත් ඌට යාමට පණ නැතිව ඇද වැටෙයි. උගේ තුවාලවල පණුවන්ය. ඇතැම් කුඩා පැටවෙක් එම පණුවන් හොටින් ඇහිද කයි. ඌ ඉන්නේ බඩගින්නේ වන්නට ඇත.
රතු කිකිළී මහ පාර දෙස බැළුවාය. පාරෙන් එහා පැත්තේ ඇත්තේ කෑම කඩයකි. එහි කෑම කන්නට මිනිසුන් නිතර යනු පෙනෙයි. එහි කුකුළෙකුගේ පින්තූරයක් ඇද ඇත. ඊට යටින් අකුරු පේළියකි. එහි ලියා ඇත්තේ "රෝස් කරන ලද කුකුළෙක් රු. 750/=" යනුවෙන් වුවද ඈට එය කියවිය නොහැක. ඈ කිකිළියකි. ඇගේ ජීවිතයේ වටිනා කම විවිද පාටින් පාට කළ කඩදාසි කිහිපයකට හුවමාරු කළ හැක. බිත්තරයෙන් එලියට පැමිණීමේ සිට අවුරුදු ගනණක් තුළ වැඩුණු කිකිළියක් බවට පත් වීම, අලුත් පැටවුන්ට ජීවය දීම, උන්ව රැක බලා ගැනීම, දැමූ බිත්තර බලෙන් රැගෙන යාම, වෙනත් කුකුළන් සමූහයක් හා ලොරියක බොහෝදුර පටවාගෙන විත් හාමතේ අපිරිසිදු කූඩුවක දමා තිබීම, මොහොතක් පාසා මර බිය විදීම පමණක් නොව මරණ වේදනාව විදීමද යන සියළු දෙයෙහි වටිනාකම ඊට ඇතුළත් වේ. එම කඩදාසි කිහිපයට ඉතා ලොකු බලයක් ඇතුවා වන්ට ඇත. එම කඩදාසි වල එකතුව මිනිසුන්ට නම් රු. 750/= කි. එහෙත් රතු කිකිළිට ගණන් කිරීමට බැරිය. ඈ කිකිළියකි.
ටිකකින් තවත් ලොරියක් පැමිණෙයි. ඈ එදෙස බැළුවාය. ලොරියේ පසුපස ඇති කූඩුවක කුකුළන් පටවා තිබේ. උන්ව පටවා ඇත්තේ එකා පිට එකාය. කුකුළෝ කූඩුවේ කම්බි දැල් වලින් හොටවල් එළියට දමාගෙන යති. ඔවුන් ගෙනියන්නේ අනිත් පැත්තේ ඇති කූඩුවක් දෙසටය. කුකුළන්ව බිමට බානවා ඇතැයි සිතු නේ කලබල වූ කුකුළන් නගන හඩිනි. ලොරි කරුවා තව ටිකකින් පිටව යයි. හිස මහත කකුල කොර මිනිහා ලොරි කරුට පාට කඩදාසි කිහිපයක් දෙයි. ඒ අර ලොරියේ සිටි සියළු කුකුලන්ගේ වටිනාකම් වෙන්නට ඇත. ඈ බලා සිටියාය....
********************
දින සති ගනන් ගත විය.. රතු කිකිළිය දැන් කූඩුවේ නැත.එක්තරා උදෑසනක ඈව රැගෙන යනු ලැබිණි.. හිරු නැගී තිබුණු ඒ උදෑසන ඈට අර භයානක බිත්තියෙන් එපිටදී මරණ දඩුවම හිමිවිය. ඒ කිකිළියක වීමේ වරදට වන්ට ඇත. කුදලාගෙන යද්දී ඈට තදින් දිය පිපාසයක් දැණුනි. ඈ මරු විකල්ලෙන් කෑ ගෑවාය. ඈ දැගළුව නමුත් එක් මොහොතක සියල්ල නතර විය..අපේ කථා නායිකාව අවසන් ගමන් ගියාය...දුකෙන් කෙසේ වුවත් ඈ සිය කුකුල් ජීවිතයෙන් මිදුණාය...
රතු කිකිළීගේ මරණයෙන් දින දෙකකට පසු කුකුළන් මැරූ කකුල කොර මිනිසාද හෘදයාබාධයකින් මිය ගියේය...
සති කිහිපයක් ගත විය. තවත් දිනක කුකුළු කූඩුවට හිරු උදාවිය. කුකුළන්ට කෑම දෙන කෙට්ටු මිනිසා කුඩා කුකුළු පැටවුන්ගේ කූඩුවට අලුත උපන් පැටවෙකු ගෙනත් දැම්මේය. ඌ අමුතුය. උගේ හිස මදක් මහත වූ අතර එක් කකුලක් කොරය..
***********************
අරූ කොර කුකුල වෙලා ඉපදිලා එහෙනම්..
ReplyDeleteකර්මය ඵල දීම නම් සත්‍යයමය.
එය තමා ලෝකයේ සනාතනික සත්යය...
Deleteහරකා පසු පස බැඳුනු ගැල මෙන් කර්මය අපි පසුපස පැමිණීම සිකුරුය...
ReplyDeleteඇයි ඇත්තට අපි මේ මස් මාංශ වලට ගිජු???????
අසීමිතව දිව පිනවීමට ඇති ආශාවට තව කෙනෙක්ගේ ජීවිතය බිලි ගන්නවා..ඒක සදාචාර නැහැ කියලා පේන්නෙ නැති තරම් රස තණ්හාවෙන් අන්ධ වෙලා
Deleteමාර සිරා....
ReplyDeleteමේක හරිම සංවේදීයි.....
කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වේ ගිනි සේ ලු...
ඒක තේරුන් නොගන්න නිසා නෙවෙද මේ සේරම...අපි අමතක කරලා අපි මැරෙන වග සහ පින් පවු අපි පසුපස එන බව.
Deleteමට දැන් තඩි රෝස් කුකුලෙක් කෑමට ඕනෑය :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අහෝ මම ඇගිලි කඩාගෙන ටයිප් කොරපු සේරම වතුරෙ බොල...මීට හොදයි ලැප් එක ගලක ඉලුව නම්..අයියෝ සල්ලි :( ...රජුන් නම් කුකුලු මරුවෝමයැ..හැක හැක..
Deleteමම චිකන් මස් නොකමි කන්නේ කුකුළු මස් ය. බොරුනම් සමියගෙන් අහලා බලන්න..මගේ කෑම වර්ගයට ඌ දාගත්තේ k අකුරය.
ReplyDeleteලස්සන කථාවක්...උමා වෙජිටේරියන් නිසා මේ සංසිද්ධියට කිසි ලෙසකින් දායක නොවීමේ සතුට ඔබට විදිය හැකියි....මේ වගේම ලිපියක් මෙතැනින් බලන්න
ReplyDeleteබටහිර වෙද්දුන්ගේ මතය නම් ශාක ආහාර අලින් අපේ පෝෂන අවශ්යතා සම්පූර්ණ වෙන්නේ නෑ කියලා..ඒත් උපන්දා පටන් නිර්මාන්ශ අය ඔය හොදට ඉන්නෙ..එහෙම උනත්, ඇමයිනෝ අම්ල කිහිපයකට කාගෙවත් ජීවිතයක් උදුර ගන්නෙ ඇයි..
Deleteඋමා වෙජිටේරියන්?????
Deleteඑතකොට රෝල්ස් කෑවේ??
ඊ මියා බලන්නකො...ඉන්න මන් ඒකත් නවත්තනව ඉක්කමට...
Deleteඅවංකවම කියනවා නං මස් කන එක ගැන මටම ලැජ්ජා හිතුනා.
ReplyDeleteහොඳ ලියමනක්.
ස්තූතියි තීර්ථ..එක්කෙනෙකුට හරි එහෙම හිතුන නම් මගේ ඉහත උත්සාහය සාර්ථකයි..නොදන්නා කාලෙ අපිත් නොහිතා කොච්චර සතුන්ගේ මරණ බයේ "රසය" විදින්න ඇත්ද? මගෙ ජීවිත කාලය ඇතුළත එක සතෙක්ගෙ හරි ජීවිතය බේරන්න පුළුවන් නම්..
Deleteකර්මය ක්ෂණිකවම පල දීලා.. සෝචනීය කතාවක් උමා..
ReplyDeleteහැමදාම නවත්වන්න ඕනා කියලා හිතුනට නවත්වන්න බෑ.. ඒ තරමට ඒකට ගිජු වෙලා.. දිව පිනවීමට වහල් වෙලා... මස් කන මමත් ඔය පාපයට හවුල්..
මම ඔන්න යන්තන් ට්‍රයි කරලා නවත්තගත්තා...
Deleteබුදු බණ බොරුවෙන්නේ නැහැ කවදාවත් කර්මය ගොනා පිටිපස බැඳී ගැල මෙන් තමා පිටිපස ඒ.
ReplyDeleteඒකනෙ, අපිත් මොනව කරල තියනද දන්නෑ..:(
Deleteඅපිට අනුන්ගේ මස් කාලා කවදාවත් සෙතක් වෙන්නේ නෑ
ReplyDeleteනෑ නේන්නන්..මෙච්චර ෂෝක් එළවළු තියෙද්දි මොකටද මස්?
Delete