Pages

Sunday, April 12, 2015

Let's learn spanish..ස්පාඤ්ඤ බස උගනිමු..(First Lesson - lección uno)



"උමා උඹේ අර බ්ලොග දැන් වහලද බන්...?"

මගෙන් යාළු මිත්තරයෝ ඇහැව්වා පහුගිය අවුරුද්ද පුරාම..

"..එක්සෑම් තියනවා බන්..ලියන්න වෙලා නැහැ.."

"..අසයින්මන්ට් එකක් තියනව බන් ලබන සතියෙ ඩෙඩ් ලයින්.."

"..Thesis ලියනවා මචන් දවල් රෑ නැතුව.."

ඔව්ව තමා මම දීපු හේතු..

"මොනවද බන්ස් මෙලෝ රහක් නෑ උඹෙ ලයිෆ් එක..." උන් නිතරම කියපි..

"කරන වැඩේ බොක්කෙන්ම කරන්න එපාය මචන්ලා..."



හැබැයි පිටිපස්ස හැරිල බැලුවම උන් කියන කතාව ඇත්ත..කාලය ගත වෙලා ජීවිතේ ගෙවිලා හැබැයි මම කරන්න ආස දේවල් මුකුත් කරල නැහැ...කරන්න ආස නැති දේවල් කොහොම හරි කෙරෙනවා..ඒ මොකෝ ඒව ගොඩක් ඒවට ඩෙඩ් ලයින් එකක් තියනවා..නැත්තම් පාස් මාක් එකක් තියනවා..

හැබැයි අපේ ජීවිතේ අපි කරන්න ආස දේවල් වලට, නැත්තම් අපි කරන්න ඕනෙ කියලා හැමදාම හීන දකින දේවල් වලට ඩෙඩ් ලයින් නැහැ..ඒක නිසා ඒව කවදට කලින් කරන්න ඕනෙද කියල අපි දන්නෙ නැහැ..කවුරවත් පාස් මාක් දීල නැති නිසා ඒව කොච්චර හොදට කරන්න ඕනෙද කියල එකක් නැහැ..එයින් මෙයින් වෙන්නෙ අපේ හීන, හීනම වෙලා අපි එක්කම දවසක මැරිල යන එක...

එක්සෑම් ඉවරයි..ඉවරයි..දැන් මන් එළම කිරි කියල කරන්නෙ මන් ආස දේවල්...! ජය වේවා!

අද පටන් ගන්න යන්නෙත් ඒ වාගෙ වැඩක්..මම හදන්නෙ බ්ලොග් අවකාශයෙ යාළු මිත්තරයන්ට ස්පාඤ්ඤ බස උගන්නන්න..ස්පාඤ්ඤ බසට කැමති යාළුවෝ ගොඩක් ඉන්නවා කියලා මම දන්නවා..ඒ අය වෙනුවෙනුයි මේ ලියන්නෙ..



අද හා පුරා කියල පටන් ගත්ත වගේම කම්මැලි නොවී දිගටම කරගෙන යන්නත් පුළුවන් වේවා යන්න මගේ පැතුමයි..නැත්තන් මගේ ස්පාඤ්ඤ පාඩම් පෙළ පිපිඤ්ඤා වෙනවා..

අපි පටන් ගනිමු ගණන් කිරීමෙන්..එකේ සිට විස්සට....හර්ර්ර්රී යාන්...!!!

1 - uno  (උනො )  
2 - Dos  (දොස්)
3 - Tres  (ත්‍රෙස්)
4 - Cuatro (ක්වත්‍රො)
5 - Cinco (සින්කො)
6 - Seis (සෙයිස්)
7 - Siete (සියෙතෙ)
8 - Ocho (ඔචො)
9 - Nueve (නුඑවෙ)
10- Diez (දියෙස්)

කොහොමද? පොඩි බ්‍රේක් එකක් අරන් දහයෙ ඉදන් විස්සට ගණිමු..

11 - Once (ඔන්සෙ)
12 - Doce (දොසෙ)
13 - Trece (ත්‍රෙසෙ)
14 - Catorce (කතොර්සෙ)
15 - Quince (කින්සෙ)
16 - Diez y seis (දියෙස් ඉ සෙයිස්)
17 - Diez y siete (දියෙස් ඉ සියෙතෙ)
18 - Diez y ocho (දියෙස් ඉ ඔචො)
19 - Diez y nueve (දියෙස් ඉ නුඑවෙ)
20 - Veinte (බෙයින්ති)
 


Y කියන්නේ "සහ" නැත්තම් "and" කියන එකට
ඒ කියන්නෙ දහහත කියන්නේ Diez y siete (දියෙස් ඉ සියෙතෙ) නැත්තම් දහයයි හත කියන විදියට..


හරේ...!!!

මේ වීඩියෝව නරඹන්න..අද පාඩම තවත් පැහැදිලි වෙයි..   

https://www.youtube.com/watch?v=cd7QDOfeyoc

දැන් මේක කියවලා එකේ ඉදන් විස්සට ගණන් කරනවාද, නැත්තම් මෙලාකටත් කුණුහරපයෙන් බනිනවාද දන්නෙ නෑ..මේ මොන එකක්ද කියලා..

ඒ කොහොම උනත් ඔබලාගෙන් හොද ප්‍රතිචාර ලැබුනොත් මම ලියනවා දිගටම...ආයි ස්පාඤ්ඤයට, මෙක්සිකෝවට, ආජන්ටිනාවට නැත්නම් ග්වාටමාලාවට ගිහින් එහෙ ඉන්න සෙට් එකට ස්පැනිස් උගන්නන්න පුළුවන් වෙන්න..

ජය වේවා..ඊ ළග පාඩමෙන් හමුවෙමු...!

 -උමා-







20 comments:

  1. අප්පේ... ආයේ ආවා එහෙනං ඈ! අල්ලගන්න ඕනේ බෙල්ලෙන්ම!
    ඔය භාෂාව නම් හරිම වැදගත් එකක්! මට අර මයාමි වලට බැහැලා මන්ඥ්ගන් උනා මේක දන්නේ නැතිව!

    ReplyDelete
    Replies
    1. ආ නාඩි දැක්ක නේද..ආයෙ එහෙම යනවනම් මේක ඉගෙන ගෙනම යන්න...

      Delete
  2. ඉතාලි වලට ටිකක් ලගින් යන හන්දා ඒ හැටි ලොකු අවුලක් නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. Italiano වලට ලගින්ම යන්නෙ Español...ඒක නිසා හරිම ලේසියි..





      Delete
  3. අපේ පොඩි එකී මේ ටික දන්නවා ඩෝරා ද එක්ස්ප්ලෝරර් බලලා. මටත් පොඩ්ඩක් පුළුවන්. :)

    ReplyDelete
    Replies
    1. නියමයි..තව සමහර කට්ටිය spanish වලින් ගනන් කරන්න ඉගෙන ගත්තා පිට් බුල්ගෙ සින්දු අහලා!

      Delete
    2. මට මතක් උනෙත් පිට් බුල් ගේ සිංදුව හෙහ් හෙහ්

      Delete
  4. //
    හැබැයි පිටිපස්ස හැරිල බැලුවම උන් කියන කතාව ඇත්ත..කාලය ගත වෙලා ජීවිතේ ගෙවිලා හැබැයි මම කරන්න ආස දේවල් මුකුත් කරල නැහැ...කරන්න ආස නැති දේවල් කොහොම හරි කෙරෙනවා..ඒ මොකෝ ඒව ගොඩක් ඒවට ඩෙඩ් ලයින් එකක් තියනවා..නැත්තම් පාස් මාක් එකක් තියනවා..

    හැබැයි අපේ ජීවිතේ අපි කරන්න ආස දේවල් වලට, නැත්තම් අපි කරන්න ඕනෙ කියලා හැමදාම හීන දකින දේවල් වලට ඩෙඩ් ලයින් නැහැ..ඒක නිසා ඒව කවදට කලින් කරන්න ඕනෙද කියල අපි දන්නෙ නැහැ..කවුරවත් පාස් මාක් දීල නැති නිසා ඒව කොච්චර හොදට කරන්න ඕනෙද කියල එකක් නැහැ..එයින් මෙයින් වෙන්නෙ අපේ හීන, හීනම වෙලා අපි එක්කම දවසක මැරිල යන එක...//

    මේ ටික නම් අමුම අමු ඇත්ත. කියලා වැඩක් නෑ.

    මමත් දැන් කාලෙක ඉඳන් වැඩ කරන්නෙ ස්පාඤ්ඤ කෙනෙක් එක්ක. ඒත් ඉතින් අකුරක්වත් දන්නේ නෑ. සමහර ස්පාඤ්ඤ වචන එහෙම අකුරු ටිකෙන් දන්නවා උච්චාරණය දන්නෙ නෑ. ස්තුතියි මේ ලිපියට.

    ඔයා කොහොමද ස්පාඤ්ඤ ඉගෙනගත්තේ? ඒ පැත්තෙද පදිංචිය..?

    ReplyDelete
    Replies
    1. හැබෑට මමත් ඒ කෑල්ල නම් බොක්කෙන්ම ලියපු එකක්..

      මම ඒ කිට්ටුව හිටියා කාලයක්..දැන් ආපහු ඇවිල්ලා ඉන්නෙ..මම ඒ කිට්ටුව හිටියා කාලයක්..දැන් ආපහු ඇවිල්ලා ඉන්නෙ..දිගටම එන්න හරියෝ..

      Delete
  5. bienvenidos de nuevo a los blogs. Ahora entiendo español .......!

    ReplyDelete
    Replies
    1. yo también .. le gustaría aprender español .. por favor estar en el blog .gracias google traductor .

      Delete
    2. නියමයි දුමී..!! ඔය කතා කරන්නෙ එළකිරි කියලා..! hablas español muy bien!

      Delete
    3. ඔහොම යන් පුතා!! දිගටම එන්න...Puedes aprender más en futuro!!

      Delete
  6. ශබ්ද වෙන තාලේ නිසා මම නම් වෙනත් භාෂා වලින් හින්දි ලඟට ඊලඟට කැමතිම ස්පාඥ්ඥ භාශාවට . .
    සුදීක කිව්වත් වගේ ඩෝරා ද එක්ස්ප්ලෝරා නිසා එක දෙක තුන නම් මාත් දන්නවා

    ReplyDelete
    Replies
    1. මගෙ ටේස්ට් එකත අන්න ඒකමයි දුකා..ස්තූතිය් මේ පැත්තෙ ආවට..ආයෙත් එන්න!

      Delete
  7. මේක අමතක වෙන්න කලින් ඉතිරි පාඩම් ටිකත් දාන්න .. එල

    ReplyDelete
    Replies
    1. එළ..ආයෙත් එන්න පැතුම්

      Delete
  8. බුදු අක්කේ උඹ දෙයියෙක්..

    ReplyDelete
  9. මං අද ආවේ උමා. දෙවැනි ලිපිය දැකපු නිසා මේකත් කියෝලම යන්න හිතුවා.. දිගටම ලියන්න මං ආසයි භාෂා ඉගෙන ගන්න.. තැන්ක්ස්

    ReplyDelete