Pages

Saturday, May 18, 2013

විශ්වයේ ඇති අරුම පුදුම යන්තරේ...!!




එක්තරා යන්ත්‍රයකි..එය එක්තරා ආකාරයේ පරිගණකයක්. එහි දත්ත ගබඩාව අති විශාලය..! මෙම යන්ත්‍රය සෑදී ඇත්තේ තවත් කුඩා තැනුම් ඒකක බිලියන 100කින්..ඒ එක ඒකකයක් එක කුඩා පරිගණකයක් සේ ක්‍රියා කරනවා. ඒ එක කුඩා පරිගණකයක් සකසන දත්ත ප්‍රමාණය මිලියන 1ක්. ඒ කියන්නේ මෙම යන්ත්‍රයට වරකට හුවමාරු කල හැකි දත්ත ප්‍රමාණය 100,000,000,000,000,00 ක්! එනම් තත්පරයට GB මිලියන....??? 

මෙම අරුම පුදුම යන්ත්‍රයේ බර 1.5Kg ක්. එය තම උපරිම විභවයෙන් වැඩ කරන්න වැය කරන ශක්තිය  20Wක් පමණයි!!



මේ යන්තරේ ඔබ සතුද????


මට ඒ යන්තරේ හම්බ වුනා! හැබැයි කීයක්වත් වියදම් වුණෙ නෑ..මට ඒක ලැබුණෙ උපන් දින තෑග්ගකට! ඒත් අවාසනාවකට දීපු කෙනාට ඒකෙ User Manual එක දෙන්න අමතක වෙලා!

.
.
.
.
.
.
.
.
.
.
.
.




ඔව් ඔබ හිතුවා හරි..


නින්දේදිත්, අවදියේදිත් දිවා රෑ නැතිව වැඩ කරන මේ යන්ත්‍රය හැදිල තියෙන්නෙ නියුරෝන නම් මොළ සයිල බිලියන ගණනකින්..එක නියුරෝනයක් අසල්වැසි නියුරෝන 1000ක් එක්ක සම්බන්ධ වෙනවා. මේ නියුරෝන එකිනෙක හා සන්නිවේදනය කරන්නෙ එකිනෙක හා සම්බන්ධ වීමෙන්..එහෙම සම්බන්ධ කරන ස්නායු තන්තු සියල්ල දිග ඇරියොත් එහි මුළු දිග කිලෝ මීටර 180,000ක්. ඒ කියන්නෙ පෘතුවියේ වටේ වට 4ක් ඔතන්න පුළුවන් දිගක්! 

මොළයේ වම් පැත්තෙන් කරන්නෙ තර්ක කිරීම, ගණිතය, නිගමනයන්ට එලඹීම වගේ බැරෑරුම් දේවල්..දකුණු පැත්ත හැගීම් දැනීම්, සන්වේදනය, කලාත්මක හැකියාවන්, නිර්මානශීලී බව, මානව සම්බන්ධතා වලට වග කියනවා.
 

මොළය මිනිස් සිරුරේ මුළු බරෙන් 2%ක්. සිරුරට ලැබෙන මුළු ඔක්සිජන් ප්‍රමාණයෙන් 20%ක් පාවිච්චි කරන්නෙ මොළයේ ක්‍රියාකාරීත්වයට. ඉහත කී ක්‍රියාවන් සියල්ල ඉටුකරන්න අවශ්ය වෙන්නෙ ග්ලුකෝස් සුළු ප්‍රමාණයක් සහ ඔක්සිජන් ටිකක්.

ඔබේ මොළයේ ධාරණය කරගත හැකි කරුණු ප්‍රමාණය 360,000,000,000,000,000,0000 ක්! එනම් ජීවිත කාලයක් තුළ ඉගෙන ගත හැකි කරුණු ප්‍රමාණය...???

 ඒ යන්ත්‍රය ඔබ සතුයි..කිසිම වියදමක් නොදරා ඔබ මව් කුස උපන් දවසෙම සොබාදහමෙන් ලැබුණු අපූරු උපන් දින තෑග්ග එයයි..මිනිස් ජීවියෙක් සතු වටිනාම යන්ත්‍රය එයයි..ලෝකයේ ඇතැම් මිනිස් ප්‍රාණීන් මෙන් මන්ද බුද්ධික නොවී, ජාන විපර්යාස වලට ලක් නොවී, අනෙකුත් මොළයේ ආබාධ වලට ලක් නොවී, හදිසි අනතුරු වලට ලක් නොවී යන්තම් "ඔළුව බේරා ගත්" ඒ වාසනාවන්ත ජීවියා ඔබයි...විශ්වයේ ඇති අරුම පුදුම යන්ත්‍රය ඔබ සතුයි..! 


දැන් මෙච්චරවිස්තර දැන ගත්ත එකේ හෙට ඉදලවත් මේක පාවිච්චි කරන්න පටන් ගන්න ඕන :P





18 comments:

  1. අැත්තටම හරිම පුදුමයි. හරිම පුදුමයි.

    ReplyDelete
    Replies
    1. මොළයේ හැකියාවන් නම් අරුම පුදුමයි තමා..ස්තූතිය් සෙන්නා

      Delete
  2. පාවිච්චි කොරනව නම් නියම යන්තරේ තමා උමා..

    ReplyDelete
    Replies
    1. ඒක තමා සෑම් මාත් බැලුවෙ Recondition කරලවත් ගන්න..:P

      Delete
  3. මන්ද බුද්ධික නොවි නේ....
    හාකෝ...
    බලන්නම් පාවිච්චි කරන්න

    ReplyDelete
    Replies
    1. මමත් මේ ට්‍රයි කරනවෝ..!

      Delete
  4. තව කෑල්ලක් අඩුයි බං ලිපියේ.. ඒ තමා මිනිහෙක් ජීවිතේ අඩුවෙන්ම පාවිච්චි කොරන අවයවේ කියන එක!

    ReplyDelete
    Replies
    1. හප්පා ඔවු නේන්නම්! ඊට වඩා පාවිච්චි කරනවා ආමාශය, වකුගඩු, අක්මාව එහෙම..

      Delete
    2. ඔක්කටම වඩා පාවිච්චි කරන්නේ ලිංගික සහ ප්‍රජනක අවයව නේ.. ඉතිං කොහෙද?

      Delete
  5. මොලේ නැතුව හිටියේ ඔන්න දැන් වැඩ පටන් ගන්නවා

    ReplyDelete
    Replies
    1. නියමයි අයියෙ..දාන්න පහක්! මාත් ට්‍රයි එකක් දෙනවා..

      Delete
  6. අද ඉදන්වත් පොඩ්ඩක් පාවිච්චි කරන්න ඕනේ....

    ReplyDelete
    Replies
    1. අන්න වැඩේ නාඩියා...මාත් බැළුවෙ පොඩ්ඩක් ඒකෙන් වැඩක් ගන්න..නැත්තම් මළකඩ කනවා..:P

      Delete
  7. මම නම් මේකෙන් තමා මේ දවස් වල ගේම ගහගෙන යන්නෙ...බොලා කවදාවත් මගේ ඉසව්වට ඇවිල්ලා නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. ෂහ් සිරා අයියා සිරා මොළ කාරයා...! මොකෝ ඇවිත් නැත්තෙ? මන් එනවා..ළගදී එන්න නම් බැරි උනා...:( ඉක්කමටම එනවා..

      Delete
  8. හරියට පාවිච්චි කරනවනම් නියම යන්තරේ..

    ReplyDelete
  9. කරනවනම් හොදයි..පාවිච්චි නොකරන එකනෙ ප්‍රශ්නෙ :(

    ReplyDelete