Pages

Sunday, June 23, 2013

ගැහැණු ළමෝ...


අද මගේ ජීවිතේ ලොකු හීනයක් හැබෑ උණා...
පුන්චි කාලෙ ඉදන් මගෙ හිතේ ලොකු ආසාවක් තිබුණා...


ඒ තමයි, මෙහෙණින් වහන්සේ නමකගෙන් බණ අහන්න...

අද, ශ්‍රී බුද්ධ වර්ෂ 2557 වූ පොසොන් දින ඒ හීනය හැබෑ වුණා...

අද මම සිල් සමාදන් වුණේ උඩුපිල මහමෙව්නා අනගාරිකා අසපුවෙ. පළවෙනි වතාවට පොසොන් දිනක කසාවත් පෙරවා ගත් මෙහෙණින් වහන්සේලාගෙන් ධර්මය ශ්‍රවණය කළා. තවමත් යොවුන් වියේ උන් උන්වහන්සේලාගේ සුමධුර හඩින් ජීවිතයේ අනිත්යය ශ්‍රවණය කරන විට හිත පැහැදිලා ජීවිතයේ සැබෑ තතු වැටහුණා. ගැඹුරු ධර්ම කරුණු සරලව වටහා දෙන විට උන්වහන්සේලාගේ ප්‍රඥාව කෙතරම්දැයි සිතුණා.

වසර කිහිපයකට කලින් ඒ මෙහෙණින් වහන්සේලාත් අපි වගේම ජීවිත ගෙවන්න ඇති. සාමාන්ය ගැහැණු ළමයි විදියට ජීවිතය ගෙවන්න ඇති..දැන ගන්න ලැබුණු විඩියට හුගක් මෙහෙණිවරුන් ඉතාම ඉහලට ඉගෙනීම ලබපු අය. ඒ අතර ඉන්ජිනේරුවරියකුත් ඉන්නවා. නොපෙනෙන හීන හැබෑ කරගන්න දුවන තරගයෙන් මිදිලා, දුර්ලභ වූ උතුම් මනුෂ්ය ජීවිතයේ පල නෙලා ගෙන භයානක සන්සාරයෙන් මිදෙන්න ඒ ජීවිතයට ලැබුණු දහිරිය හා වාසනාව අපිට නැත්තෙ ඇයි කියලත් හිතෙනවා. අපි සන්සාරයට ඇලිලා. කම් සැපයට ඇලිලා, මුලාවෙලා ඔහේ රවුමක කැරකෙනවා. මෙහෙණි ජීවිතය වෙනුවට ඔවුන් විවාහ ජීවිතය තෝර ගත්තා නම් මිය යනතෙක්ම ගිහි ජීවිතයේ ප්‍රශ්න, දරුවන්ට තියන බැදීම, කරදර, ගැටීම් එක්ක තවත් සසරටම බැදෙනවා...







ඒත්, ඒ මෙහෙණින් වහන්සේලා ජීවිතයේ එක්තරා සන්ධිස්ථානයාක, ලෞකික මාර්ගයත් ලෝකෝත්තර මාර්ගයත් අතරින් ඉතා නිර්භීත විදියට,වඩා දුෂ්කර එහෙත් නිවැරදි වූ ආර්යෂ්ටාන්ගික මාර්ගය තෝරා ගෙන ලොව්තුරා බුදු රජාණන්වහන්සේගේ ශ්‍රාවක දියණියන් බවට පත් වුණා. ඒ ජීවිත ඉතාම වාසනාවන්තයි...


මේ තියෙන්නෙ අනගාරිකා පැවිදි පින්කමේ වීඩියෝ දසුන්..







පින්වත් මෙහෙණි වහන්ස, මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්යය අවබෝධ කරගැනීමට ඔබට වාසනාව ලැබේවා..!



10 comments:

  1. මාත් තාම මෙහෙණින් වහන්සේ කෙනකුගේ බණක් අසා නැත. මෙයින් ඒ ආසාව ඇති වුණා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හරිම සුමධුරයි ඒ ධර්ම දේශනය..මුතුගල හරි උඩුපිල හරි මහමෙව්නා අසපුවට ගියොත් පුළුවන් අහන්න..

      Delete
  2. පස්කම් සැපයටම ඇලිලා දිවි ගෙවන්න හුරු වෙච්ච අපි කවදද ඇත්ත දකින්නේ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත පේන්න තියනවා ඇස් පනාපිටම..ඒත් දකින්න උත්සාහ කරන්නෙ නැහැ අපි..:(

      Delete
  3. මමත් බණ අහල නෑ... මම දන්න අක්ක කෙනෙකුත් මහණ උනා... අනේ මන්ද?? බදින්න මාසයයි තිබුනෙ... කොල්ල වහ බිවුව... ජීවිතේ හැටි....

    ReplyDelete
    Replies
    1. සන්සාරෙ :( ඒකනම් දුක හිතන කතාවක්..

      Delete
  4. අපේ පැත්තෙත් තියනවා අනගාරිකා අසපුවක්. මුතුගල අනගාරිකා අසපුව (මහමෙව්නාවට සම්බන්ධය).

    අපිනං හැම අවුරුද්දෙම දානයක් දෙනවා එහෙට. ඒක හින්දා බණ නං අහලා තියෙනවා ඇති වෙන්න :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මුතුගල යන්න මටත් ආසයි...දානයක් තිබුණොත් කියන්න අපිටත්...:)

      Delete
  5. මමත් තාම මෙහෙණින් වහන්සේ කෙනෙක්ගෙන් බණක් අහලා නෑ.. ඇත්තටම ආසයි..

    ReplyDelete
    Replies
    1. එක පාරක් හරි අහන්නම වටිනවා..!

      Delete