Saturday, April 18, 2015
Aprendemos Español..ස්පාඤ්ඤ බස උගනිමු..(Lesson Two- lección dos)
බ්ලොග් අවකාශෙ හැමෝටම සුභ නව වසරක් ප්රාර්ථනා කරන ගමන් අපි වෙඩි වගේ පටන් ගන්න යන්නෙ අපේ දෙවන සතියෙ Spanish පාඩම...
අද ඉගෙන ගන්න යන්නෙ Greetings එහෙම නැත්තම් ආචාර කිරීම්...
පටන් ගමු Hello නැත්තම් Hi කියන එකෙන්...
Hello/Hi - "¡Hola!" ("ඕලා!")
"¡Hola!"- "හෙලෝ", නැත්තම් "හායි" කියන එක Spanish වලින් කියන්නෙ "ඕලා!" කියලා..
(Spanish වලදි අපි H අකුර ශබ්දකරන්නෙ නෑ කොයිම වෙලාවකදිවත්..)
Good Morning! - "¡Buenos Días!" - බුවෙනොස් දියාස්..!
Good Afternoon!/ Good Evening! - "¡Buenas Tardes!" - බුවෙනස් තාර්දෙස්!
Good Night! - "¡Buenas Noches!" - බුවෙනස් නොචෙස්!
Bye - Adiós! (අදියොස්)
See you later! - Hasta Luego! (අස්ත ලුවේගො! )
See you soon! - Hasta Pronto! (අස්ත ප්රොන්තො!)
Thank you! - Gracias! (ග්රාසියාස්!)
Thank you very much! - Muchas Gracias! (මුචස් ග්රාසියාස්!)
You're Welcome - De nada! - (දෙ නාදා!)
I'm sorry! - Lo siento! (ලෝ සියෙන්තො!)
I'm very sorry!- Lo siento mucho! (ලෝ සියෙන්තො මුචෝ!)
Pleased to meet you! - Mucho Gusto! (මුචො ගුස්තො!)
Por favor... - Please...(පොර් ෆවොර්..)
අද ඉගෙන ගත්ත වචන වල උච්චාරණය දැනගන්න...මේ වීඩියෝ 2 බලන්න..
https://www.youtube.com/watch?v=SoPiuMh6lnQ
https://www.youtube.com/watch?v=H0jOKhPrSAU
ඔයා Spanish ඉගෙන ගන්න ආසාවෙන් නම් හිටියෙ, ඔන්න දැන් ඔයා පියවර දෙකක් ඉස්සරහින්..මේ ටික හොදට ප්රැක්ටිස් කර ගන්න..(දිව උළුක්කු කර නොගන්නා ලෙස තරයේ අවවාද කරමි..:/ )
ඊළග පාඩමෙන් හමුවෙමු..
Adiós!
Hasta Pronto!
-උමා-
ප.ලි: අමතර ප්රශ්න තියෙනව නම් ඕනෙම වෙලාවක මට ලියන්න...hansini.madhuranga@gmail.com
Subscribe to:
Post Comments (Atom)
මුචස් ග්රාසියාස්..
ReplyDeleteDe nada! :) ස්තූතියි දිනේෂ් ආවට...
ReplyDeleteස්තුතියි ඈ!
ReplyDeleteමේවා මතක තියා ගන්න එකනේ අමාරු! :D
ඒකනම් ඉතින් ප්රැක්ටිස් එකෙන්ම තමා නාඩියෝ......ස්තූතියි ආවට..
Deleteඩෝරා දී එක්ස්ප්ලෝරර් බලලා සමහර වචන දන්නවා. පොඩි එකී බලද්දී අපිටත් නිකම්ම බලන්න වෙනවානේ.
ReplyDeleteකලින් පෝස්ට් එකෙත් මේ කමෙන්ට් එක,, අනේ අනේ...
Deleteපොඩි එකිත් දැනටම වචන සෙට් එකක් අල්ල ගෙනයි ඇත්තෙ..පොඩි අය ඉගෙන ගන්නවා නිකන් වෙඩි වගේ..
ReplyDeleteඩෝරා දී එක්ස්ප්ලෝරර් දිගටම බලන්න..ඉදල හිටල අපේ බ්ලොග් එක පැත්තෙ ආවොත් තවත් ඉගෙන ගන්න පුළුවන්..ස්තූතියි සුදීක අයියෙ..
තැන්ක්ස් උමා,
ReplyDeleteවෙල්කම් ඔමා..ආයෙත් එන්න..
Delete