Saturday, April 18, 2015
Aprendemos Español..ස්පාඤ්ඤ බස උගනිමු..(Lesson Two- lección dos)
බ්ලොග් අවකාශෙ හැමෝටම සුභ නව වසරක් ප්රාර්ථනා කරන ගමන් අපි වෙඩි වගේ පටන් ගන්න යන්නෙ අපේ දෙවන සතියෙ Spanish පාඩම...
අද ඉගෙන ගන්න යන්නෙ Greetings එහෙම නැත්තම් ආචාර කිරීම්...
පටන් ගමු Hello නැත්තම් Hi කියන එකෙන්...
Hello/Hi - "¡Hola!" ("ඕලා!")
"¡Hola!"- "හෙලෝ", නැත්තම් "හායි" කියන එක Spanish වලින් කියන්නෙ "ඕලා!" කියලා..
(Spanish වලදි අපි H අකුර ශබ්දකරන්නෙ නෑ කොයිම වෙලාවකදිවත්..)
Good Morning! - "¡Buenos Días!" - බුවෙනොස් දියාස්..!
Good Afternoon!/ Good Evening! - "¡Buenas Tardes!" - බුවෙනස් තාර්දෙස්!
Good Night! - "¡Buenas Noches!" - බුවෙනස් නොචෙස්!
Bye - Adiós! (අදියොස්)
See you later! - Hasta Luego! (අස්ත ලුවේගො! )
See you soon! - Hasta Pronto! (අස්ත ප්රොන්තො!)
Thank you! - Gracias! (ග්රාසියාස්!)
Thank you very much! - Muchas Gracias! (මුචස් ග්රාසියාස්!)
You're Welcome - De nada! - (දෙ නාදා!)
I'm sorry! - Lo siento! (ලෝ සියෙන්තො!)
I'm very sorry!- Lo siento mucho! (ලෝ සියෙන්තො මුචෝ!)
Pleased to meet you! - Mucho Gusto! (මුචො ගුස්තො!)
Por favor... - Please...(පොර් ෆවොර්..)
අද ඉගෙන ගත්ත වචන වල උච්චාරණය දැනගන්න...මේ වීඩියෝ 2 බලන්න..
https://www.youtube.com/watch?v=SoPiuMh6lnQ
https://www.youtube.com/watch?v=H0jOKhPrSAU
ඔයා Spanish ඉගෙන ගන්න ආසාවෙන් නම් හිටියෙ, ඔන්න දැන් ඔයා පියවර දෙකක් ඉස්සරහින්..මේ ටික හොදට ප්රැක්ටිස් කර ගන්න..(දිව උළුක්කු කර නොගන්නා ලෙස තරයේ අවවාද කරමි..:/ )
ඊළග පාඩමෙන් හමුවෙමු..
Adiós!
Hasta Pronto!
-උමා-
ප.ලි: අමතර ප්රශ්න තියෙනව නම් ඕනෙම වෙලාවක මට ලියන්න...hansini.madhuranga@gmail.com
Sunday, April 12, 2015
Let's learn spanish..ස්පාඤ්ඤ බස උගනිමු..(First Lesson - lección uno)
"උමා උඹේ අර බ්ලොග දැන් වහලද බන්...?"
මගෙන් යාළු මිත්තරයෝ ඇහැව්වා පහුගිය අවුරුද්ද පුරාම..
"..එක්සෑම් තියනවා බන්..ලියන්න වෙලා නැහැ.."
"..අසයින්මන්ට් එකක් තියනව බන් ලබන සතියෙ ඩෙඩ් ලයින්.."
"..Thesis ලියනවා මචන් දවල් රෑ නැතුව.."
ඔව්ව තමා මම දීපු හේතු..
"මොනවද බන්ස් මෙලෝ රහක් නෑ උඹෙ ලයිෆ් එක..." උන් නිතරම කියපි..
"කරන වැඩේ බොක්කෙන්ම කරන්න එපාය මචන්ලා..."
හැබැයි පිටිපස්ස හැරිල බැලුවම උන් කියන කතාව ඇත්ත..කාලය ගත වෙලා ජීවිතේ ගෙවිලා හැබැයි මම කරන්න ආස දේවල් මුකුත් කරල නැහැ...කරන්න ආස නැති දේවල් කොහොම හරි කෙරෙනවා..ඒ මොකෝ ඒව ගොඩක් ඒවට ඩෙඩ් ලයින් එකක් තියනවා..නැත්තම් පාස් මාක් එකක් තියනවා..
හැබැයි අපේ ජීවිතේ අපි කරන්න ආස දේවල් වලට, නැත්තම් අපි කරන්න ඕනෙ කියලා හැමදාම හීන දකින දේවල් වලට ඩෙඩ් ලයින් නැහැ..ඒක නිසා ඒව කවදට කලින් කරන්න ඕනෙද කියල අපි දන්නෙ නැහැ..කවුරවත් පාස් මාක් දීල නැති නිසා ඒව කොච්චර හොදට කරන්න ඕනෙද කියල එකක් නැහැ..එයින් මෙයින් වෙන්නෙ අපේ හීන, හීනම වෙලා අපි එක්කම දවසක මැරිල යන එක...
එක්සෑම් ඉවරයි..ඉවරයි..දැන් මන් එළම කිරි කියල කරන්නෙ මන් ආස දේවල්...! ජය වේවා!
අද පටන් ගන්න යන්නෙත් ඒ වාගෙ වැඩක්..මම හදන්නෙ බ්ලොග් අවකාශයෙ යාළු මිත්තරයන්ට ස්පාඤ්ඤ බස උගන්නන්න..ස්පාඤ්ඤ බසට කැමති යාළුවෝ ගොඩක් ඉන්නවා කියලා මම දන්නවා..ඒ අය වෙනුවෙනුයි මේ ලියන්නෙ..
අපි පටන් ගනිමු ගණන් කිරීමෙන්..එකේ සිට විස්සට....හර්ර්ර්රී යාන්...!!!
1 - uno (උනො )
2 - Dos (දොස්)
3 - Tres (ත්රෙස්)
4 - Cuatro (ක්වත්රො)
5 - Cinco (සින්කො)
6 - Seis (සෙයිස්)
7 - Siete (සියෙතෙ)
8 - Ocho (ඔචො)
9 - Nueve (නුඑවෙ)
10- Diez (දියෙස්)
කොහොමද? පොඩි බ්රේක් එකක් අරන් දහයෙ ඉදන් විස්සට ගණිමු..
11 - Once (ඔන්සෙ)
12 - Doce (දොසෙ)
13 - Trece (ත්රෙසෙ)
14 - Catorce (කතොර්සෙ)
15 - Quince (කින්සෙ)
16 - Diez y seis (දියෙස් ඉ සෙයිස්)
17 - Diez y siete (දියෙස් ඉ සියෙතෙ)
18 - Diez y ocho (දියෙස් ඉ ඔචො)
19 - Diez y nueve (දියෙස් ඉ නුඑවෙ)
20 - Veinte (බෙයින්ති)
Y කියන්නේ "සහ" නැත්තම් "and" කියන එකට
ඒ කියන්නෙ දහහත කියන්නේ Diez y siete (දියෙස් ඉ සියෙතෙ) නැත්තම් දහයයි හත කියන විදියට..
හරේ...!!!
මේ වීඩියෝව නරඹන්න..අද පාඩම තවත් පැහැදිලි වෙයි..
https://www.youtube.com/watch?v=cd7QDOfeyoc
දැන් මේක කියවලා එකේ ඉදන් විස්සට ගණන් කරනවාද, නැත්තම් මෙලාකටත් කුණුහරපයෙන් බනිනවාද දන්නෙ නෑ..මේ මොන එකක්ද කියලා..
ඒ කොහොම උනත් ඔබලාගෙන් හොද ප්රතිචාර ලැබුනොත් මම ලියනවා දිගටම...ආයි ස්පාඤ්ඤයට, මෙක්සිකෝවට, ආජන්ටිනාවට නැත්නම් ග්වාටමාලාවට ගිහින් එහෙ ඉන්න සෙට් එකට ස්පැනිස් උගන්නන්න පුළුවන් වෙන්න..
ජය වේවා..ඊ ළග පාඩමෙන් හමුවෙමු...!
-උමා-
Subscribe to:
Posts (Atom)