අද පාඩමෙන් අපි ඉගෙන ගන්න යන්නෙ තමන්ව අමුත්තෙකුට හදුන්වලා දෙන හැටි...අමුත්තන් දෙදෙනෙක් අතර ඇතිවන මෙන්න මේ සන්වාදය කියවලා ඉමු...
5.
දැන් ඔයාව කෙනෙක්ට අදුන්වලා දෙන්න..ඔන්න මම පටන් ගත්තා..;
Soy Umaa.. Soy de Sri Lanka..(I am Umaa..I am from Sri Lanka)
සොයි උමා..සොයි දෙ ශ්‍රී ලන්කා..(මම උමා..මම ශ්‍රී ලන්කාවෙන්..)
එහෙම නැත්තම්:
Me llamo Umaa..Soy Sri Lankana..(My name is Umaa..I am a Sri Lankan (Female)
මෙ යාමො උමා..සොයි ශ්‍රී ලන්කානා..(මගේ නම උමා..මම ශ්‍රී ලාන්කීය කාන්තාවක්)
(ඔයා පිරිමි කෙනෙක් නම් කියන්නෙ ශ්‍රී ලන්කානො කියලයී)
දැන් නම් අම්බානක කුණුහරපෙන් බනිනවා ඇති..මේ අහවල් එකක්ද කියලා. :D සැලෙන්න එපා, ඔහොම යන්..!
ඉතිරි පාඩමේදි අපි ක්‍රියා පද (Verbs) ඉගෙන ගමු...
ජය වේවා..ලබන සතියෙත් හමුවෙමු...!
Adios!!
බ්ලොග් අවකාශෙ හැමෝටම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරන ගමන් අපි වෙඩි වගේ පටන් ගන්න යන්නෙ අපේ දෙවන සතියෙ Spanish පාඩම...
අද ඉගෙන ගන්න යන්නෙ Greetings එහෙම නැත්තම් ආචාර කිරීම්...
පටන් ගමු Hello නැත්තම් Hi කියන එකෙන්...
Hello/Hi -
"
s! (අදියොස්)
See you later! - Hasta Luego! (අස්ත ලුවේගො! )
See you soon! - Hasta Pronto! (අස්ත ප්‍රොන්තො!)
Thank you! - Gracia
Thank you very much! - Mucha Gracia
I'm sorry! - Lo
I'm very sorry!- Lo
sto! (මුචො ගුස්තො!)
se...(පොර් ෆවොර්..)
අද ඉගෙන ගත්ත වචන වල උච්චාරණය දැනගන්න...මේ වීඩියෝ 2 බලන්න..
https://www.youtube.com/watch?v=SoPiuMh6lnQ
https://www.youtube.com/watch?v=H0jOKhPrSAU
ඔයා Spanish ඉගෙන ගන්න ආසාවෙන් නම් හිටියෙ, ඔන්න දැන් ඔයා පියවර දෙකක් ඉස්සරහින්..මේ ටික හොදට ප්‍රැක්ටිස් කර ගන්න..(දිව උළුක්කු කර නොගන්නා ලෙස තරයේ අවවාද කරමි..:/ )
ඊළග පාඩමෙන් හමුවෙමු..
s!
Hasta Pronto!
-උමා-
ප.ලි: අමතර ප්‍රශ්න තියෙනව නම් ඕනෙම වෙලාවක මට ලියන්න...hansini.madhuranga@gmail.com
"උමා උඹේ අර බ්ලොග දැන් වහලද බන්...?"
මගෙන් යාළු මිත්තරයෝ ඇහැව්වා පහුගිය අවුරුද්ද පුරාම..
"..එක්සෑම් තියනවා බන්..ලියන්න වෙලා නැහැ.."
"..අසයින්මන්ට් එකක් තියනව බන් ලබන සතියෙ ඩෙඩ් ලයින්.."
"..Thesis ලියනවා මචන් දවල් රෑ නැතුව.."
ඔව්ව තමා මම දීපු හේතු..
"මොනවද බන්ස් මෙලෝ රහක් නෑ උඹෙ ලයිෆ් එක..." උන් නිතරම කියපි..
"කරන වැඩේ බොක්කෙන්ම කරන්න එපාය මචන්ලා..."
හැබැයි පිටිපස්ස හැරිල බැලුවම උන් කියන කතාව ඇත්ත..කාලය ගත වෙලා ජීවිතේ ගෙවිලා හැබැයි මම කරන්න ආස දේවල් මුකුත් කරල නැහැ...කරන්න ආස නැති දේවල් කොහොම හරි කෙරෙනවා..ඒ මොකෝ ඒව ගොඩක් ඒවට ඩෙඩ් ලයින් එකක් තියනවා..නැත්තම් පාස් මාක් එකක් තියනවා..
හැබැයි අපේ ජීවිතේ අපි කරන්න ආස දේවල් වලට, නැත්තම් අපි කරන්න ඕනෙ කියලා හැමදාම හීන දකින දේවල් වලට ඩෙඩ් ලයින් නැහැ..ඒක නිසා ඒව කවදට කලින් කරන්න ඕනෙද කියල අපි දන්නෙ නැහැ..කවුරවත් පාස් මාක් දීල නැති නිසා ඒව කොච්චර හොදට කරන්න ඕනෙද කියල එකක් නැහැ..එයින් මෙයින් වෙන්නෙ අපේ හීන, හීනම වෙලා අපි එක්කම දවසක මැරිල යන එක...
එක්සෑම් ඉවරයි..ඉවරයි..දැන් මන් එළම කිරි කියල කරන්නෙ මන් ආස දේවල්...! ජය වේවා!
අද පටන් ගන්න යන්නෙත් ඒ වාගෙ වැඩක්..මම හදන්නෙ බ්ලොග් අවකාශයෙ යාළු මිත්තරයන්ට ස්පාඤ්ඤ බස උගන්නන්න..ස්පාඤ්ඤ බසට කැමති යාළුවෝ ගොඩක් ඉන්නවා කියලා මම දන්නවා..ඒ අය වෙනුවෙනුයි මේ ලියන්නෙ..
අද හා පුරා කියල පටන් ගත්ත වගේම කම්මැලි නොවී දිගටම කරගෙන යන්නත් පුළුවන්
වේවා යන්න මගේ පැතුමයි..නැත්තන් මගේ ස්පාඤ්ඤ පාඩම් පෙළ පිපිඤ්ඤා වෙනවා..
අපි පටන් ගනිමු ගණන් කිරීමෙන්..එකේ සිට විස්සට....හර්ර්ර්රී යාන්...!!!
1 - uno (උනො )
2 - Dos (දොස්)
3 - Tres (ත්‍රෙස්)
4 - Cuatro (ක්වත්‍රො)
5 - Cinco (සින්කො)
6 - Seis (සෙයිස්)
7 - Siete (සියෙතෙ)
8 - Ocho (ඔචො)
9 - Nueve (නුඑවෙ)
10- Diez (දියෙස්)
කොහොමද? පොඩි බ්‍රේක් එකක් අරන් දහයෙ ඉදන් විස්සට ගණිමු..
11 - Once (ඔන්සෙ)
12 - Doce (දොසෙ)
13 - Trece (ත්‍රෙසෙ)
14 - Catorce (කතොර්සෙ)
15 - Quince (කින්සෙ)
16 - Diez y seis (දියෙස් ඉ සෙයිස්)
17 - Diez y siete (දියෙස් ඉ සියෙතෙ)
18 - Diez y ocho (දියෙස් ඉ ඔචො)
19 - Diez y nueve (දියෙස් ඉ නුඑවෙ)
20 - Veinte (බෙයින්ති)
Y කියන්නේ "සහ" නැත්තම් "and" කියන එකට
ඒ කියන්නෙ දහහත කියන්නේ Diez y siete (දියෙස් ඉ සියෙතෙ) නැත්තම් දහයයි හත කියන විදියට..
හරේ...!!!
මේ වීඩියෝව නරඹන්න..අද පාඩම තවත් පැහැදිලි වෙයි..
https://www.youtube.com/watch?v=cd7QDOfeyoc
දැන් මේක කියවලා එකේ ඉදන් විස්සට ගණන් කරනවාද, නැත්තම් මෙලාකටත් කුණුහරපයෙන් බනිනවාද දන්නෙ නෑ..මේ මොන එකක්ද කියලා..
ඒ කොහොම උනත් ඔබලාගෙන් හොද ප්‍රතිචාර ලැබුනොත් මම ලියනවා දිගටම...ආයි ස්පාඤ්ඤයට, මෙක්සිකෝවට, ආජන්ටිනාවට නැත්නම් ග්වාටමාලාවට ගිහින් එහෙ ඉන්න සෙට් එකට ස්පැනිස් උගන්නන්න පුළුවන් වෙන්න..
ජය වේවා..ඊ ළග පාඩමෙන් හමුවෙමු...!
-උමා-
අද මගේ ජීවිතේ ලොකු හීනයක් හැබෑ උණා...පුන්චි කාලෙ ඉදන් මගෙ හිතේ ලොකු ආසාවක් තිබුණා...
ඒ තමයි, මෙහෙණින් වහන්සේ නමකගෙන් බණ අහන්න...
අද, ශ්‍රී බුද්ධ වර්ෂ 2557 වූ පොසොන් දින ඒ හීනය හැබෑ වුණා...
අද මම සිල් සමාදන් වුණේ උඩුපිල මහමෙව්නා අනගාරිකා අසපුවෙ. පළවෙනි වතාවට පොසොන් දිනක කසාවත් පෙරවා ගත් මෙහෙණින් වහන්සේලාගෙන් ධර්මය ශ්‍රවණය කළා. තවමත් යොවුන් වියේ උන් උන්වහන්සේලාගේ සුමධුර හඩින් ජීවිතයේ අනිත්යය ශ්‍රවණය කරන විට හිත පැහැදිලා ජීවිතයේ සැබෑ තතු වැටහුණා. ගැඹුරු ධර්ම කරුණු සරලව වටහා දෙන විට උන්වහන්සේලාගේ ප්‍රඥාව කෙතරම්දැයි සිතුණා.
වසර කිහිපයකට කලින් ඒ මෙහෙණින් වහන්සේලාත් අපි වගේම ජීවිත ගෙවන්න ඇති. සාමාන්ය ගැහැණු ළමයි විදියට ජීවිතය ගෙවන්න ඇති..දැන ගන්න ලැබුණු විඩියට හුගක් මෙහෙණිවරුන් ඉතාම ඉහලට ඉගෙනීම ලබපු අය. ඒ අතර ඉන්ජිනේරුවරියකුත් ඉන්නවා. නොපෙනෙන හීන හැබෑ කරගන්න දුවන තරගයෙන් මිදිලා, දුර්ලභ වූ උතුම් මනුෂ්ය ජීවිතයේ පල නෙලා ගෙන භයානක සන්සාරයෙන් මිදෙන්න ඒ ජීවිතයට ලැබුණු දහිරිය හා වාසනාව අපිට නැත්තෙ ඇයි කියලත් හිතෙනවා. අපි සන්සාරයට ඇලිලා. කම් සැපයට ඇලිලා, මුලාවෙලා ඔහේ රවුමක කැරකෙනවා. මෙහෙණි ජීවිතය වෙනුවට ඔවුන් විවාහ ජීවිතය තෝර ගත්තා නම් මිය යනතෙක්ම ගිහි ජීවිතයේ ප්‍රශ්න, දරුවන්ට තියන බැදීම, කරදර, ගැටීම් එක්ක තවත් සසරටම බැදෙනවා...
ඒත්, ඒ මෙහෙණින් වහන්සේලා ජීවිතයේ එක්තරා සන්ධිස්ථානයාක, ලෞකික මාර්ගයත් ලෝකෝත්තර මාර්ගයත් අතරින් ඉතා නිර්භීත විදියට,වඩා දුෂ්කර එහෙත් නිවැරදි වූ ආර්යෂ්ටාන්ගික මාර්ගය තෝරා ගෙන ලොව්තුරා බුදු රජාණන්වහන්සේගේ ශ්‍රාවක දියණියන් බවට පත් වුණා. ඒ ජීවිත ඉතාම වාසනාවන්තයි...
මේ තියෙන්නෙ අනගාරිකා පැවිදි පින්කමේ වීඩියෝ දසුන්..
පින්වත් මෙහෙණි වහන්ස, මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්යය අවබෝධ කරගැනීමට ඔබට වාසනාව ලැබේවා..!
තරූෂයි ඉශානුයි 2 B පන්තියෙ හිටපු හොද යාළුවෝ. මේ පුන්චි යාළුවො දෙන්නට දෙන්න හරිම ආදරෙයි. ඉශාන් පොහොසත් ගෙදරක හුරතලේට හැදුණු පුන්චි පුතෙක්. තරූෂ ටිකක් දුක් කරදර මැද හැදුණු දුප්පත් දෙමව්පියන්ගෙ දරුවෙක්.
2 වසරෙදි යාළුවෝ දෙන්නම හරි හරියට වගෙ ලකුණු ගත්තා උණාට තරූෂ ඉශාන්ට වඩා දක්ෂයි. ඉශාන් ගත්ත තරමක් ලකුණු ගත්තෙ නම් තරූෂගෙ උදව්වෙන් තමයි. ඉශාන් ගෙදර වැඩ කරගෙන ආවෙ නැති දවස්සට තරූෂ ඒව කරල දෙනවා. ඉශාන්ට බැරි ගණන් වලට තරූෂ උදව් කරනවා. 2 වසරෙ පන්තියෙ ගුරුතුමී හැමදාම තරූෂගෙ රචනාව පන්තියටම ඇහෙන්න කියවනවා. ඒ වගේම ඉශානුත් එයාට පුළුවන් විදියට තරූෂට උදව් කරනවා. ඉශාන්ගෙ අම්මයි තාත්තයිත් තරූෂට ගොඩක් ආදරෙයි. තරූෂ ඉගෙන ගන්න දක්ෂයි කියලවත් ඉශාන්ට සල්ලි තියෙනවා කියලවත් ඒ දෙන්නා අතරෙ කවදාවත් තරගයක්වත් ඉරිසියාවක්වත් තිබුණෙ නෑ. 2 වසර පන්තියෙ ගුරුතුමී මේ දෙන්නටම හරිම ආදරෙයි.
2 වසර පන්තියෙන් 3 වසර පන්තියට යනකොට පන්ති වෙන් කළාට කොහොම හරි තරූෂ සහ ඉශාන් එකම පන්තියට වැටුණා. පන්ති භාර ගුරුතුමිය අනූෂා කියලා ලස්සන උස සුදු ටීචර් කෙනෙක්. යාළුවො දෙන්න අළුත් අවුරුද්දේ අළුත් වාරයෙ පන්තියෙ වැඩ පටන් ගත්තෙ හරිම ආසාවෙන්. 3 වසර ගුරුතුමී හරිම ලස්සනයි, තරුණයි. හැබැයි ටිකක් වසයි. ළමයි ගෙදර වැඩ කරන්නෙ නැතුව ඉස්කෝලෙ එන්න හරි බයයි ටීචර් ගහන නිසා. තරූෂට නම් අමුතුවෙන් බය වෙන්න දෙයක් තිබුණෙ නැත්තෙ එයා පන්තියෙ වැඩ හොදට කරන දක්ෂ ළමයෙක් නිසා.
හැබැයි ටික කාලයක් යද්දි තරූෂගෙ පුන්චි හිතට හේරුණු දෙයක් තිනුණා. 2 වසර පන්තියෙ ගුරුතුමී වගේ නෙවෙයි, අනූශා ටීචර් පන්තියේ හැම ළමයෙකුටම "එක හැන්දෙන් නෙවෙයි බෙදන්නෙ" කියලා. ටීචර්ට එයාගෙ "ෆේවරිට්" ළමයි හිටියා. ඒගොල්ලො පන්තියෙ වැඩ කළත් නැතත් ටීචර්ට ඒගොල්ලන්ව හොදයි. අනික් ළමයි වැඩ කළත් නැතත ඇයට ගානක් නැහැ. වැඩ නොකළොත් බනිනවා. ඒත් හොදට වැඩ කළත් අගය කිරීමක් නැහැ. මේ අතර තව කාණ්ඩයක් හිටියා. ඒ ළමයි ටීචර්ට පේන්නෙ තරහ කාරයෝ වගේ. ඒ ළමයි මොනවා කළත් ඈට වැරදි. තමන්ගෙ "ෆේවරිට්" ළමයින්ව නම් හැමතිස්සෙම හුරතල් කර කර ඉන්නවා. වැඩේ කියන්නෙ ඒ කාණ්ඩෙ හිටියෙ එක්කෝ ඉශාන් වගේම ඉස්කෝලෙ ගාවට කාර් එකෙන් ඇවිත් බහින ළමයි. එක්කෝ සුදු ළමයි, ලස්සන ළමයි, එහෙමත් නැතිනම් ඉස්කෝලෙ අනික් ටීචර්ලගෙ ළමයි. ටීචර් අකමැති කණ්ඩායමේ හිටපු ළමයි එක්කෝ දුප්පත් දෙමව්පියන්ගෙ ළමයි, නැත්තම් ඒතරම් ලස්සන නැති ළමයි, නැත්තම් කළු ළමයි. ටීචර් පන්ති නායක කම දෙන්නෙත් එයා කැමති ළමයින්ට.
පන්තියෙ පුන්චි එව්වොන්ට මේ දේවල් පේනවා,පුන්චි හිත් වලට මේව දැනෙනෙනවා. අපේ ඉශාන් හිටියෙ ටීචර්ගෙ ෆේවරිට් ළමයි ගොඩේ. ගණන් හැදුවත් නැතත්, ගෙදර වැඩ කළත් නැතත්, ටීචර් ඉශාන්ට බනින්නෙ නැහැ. මොනව හරි දග වැඩක් කළත් කම්මුල මිරිකලා නිකන් ඉන්නවා.
අවාසනාවකට වගේ පුන්චි තරූෂ හිටියෙ ඇය අකමැතියි කියලා වෙන් කරපු ළමයි ගොඩේ. තරූෂගෙ පවුලේ විස්තර ටීචර් දැනගෙන හිටියා. ඒත් කිස්ම අනුකම්පාවක් නෑ. තරූෂ කොච්චර හොද උණත් කිසිම අගය කිරීමක් නැහැ. තරූෂගෙ පොත ටීචර් බැලුවෙත් ඕනවට එපාවට. ඒකත් පුන්චි හරි වැරැද්දක් හොයන්න බලාගෙන.
මේ වෙනස පුන්චි හිත් වලට හොදටම දැණුනා විතරක් නෙවෙයි, ඒ ගොල්ලන්ගෙ ජීවිත වලට තදින්ම බලපෑවා. ඉශාන්ට ඉගෙන ගන්න තිනුණු ඕනෙ කම නැත්තටම නැති වෙලා ගිහින් හොදටම දග ළමයෙක් උණා. ඉස්සර ටීචර්ට බයේ ගෙදර වැඩ, පන්තියෙ වැඩ කරපු ඉශාන් දැන් කිසිම දෙයක් ගණනකට ගත්තෙ නැත්තෙ තමන් මොනව කළත් ටීචර් මොනවත් කියන්නෙ නෑ කියලා දන්න නිසයි. ගුරුතුමීගෙ සැලකිලි නිසා ඉශාන් දැන් ටිකක් ආඩම්බරයි. දග වැඩ කරනවා. නිතර ටීචර්ට කේළම් කියනවා.
අනිත් අතට තරූෂ පන්තියේ වැඩ කරන එක ටිකත් අඩු වෙලා ගියේ තමන් මොනවා කළත් ගුරුතුමී බනින බව තේරුම් ගත්ත නිසයි. ඔහුට තමන්ගෙ අඩු පාඩු පෙනෙන්න ගත්තා. එක දවසක් ටීචර් බැන්නෙ පරණ පොත් වල නොලියපු පිටු එකතු කරලා හදාගත්තු පොතක ලියනවා දැකලා..ගෙදරින් අලුත් පොත් අරන් දෙන්නෙ නැද්ද කියලා ඇය උපහාසයෙන් හිනා උණා..මේ ඔක්කොම දුප්පත් කම නිසා නේද කියලා හිතපු පොඩි එකා මානසිකව වැටුණා...
ඒ මදිවට දැන් ඉශාන්ගෙයි තරූෂගෙයි යාළු කමත් වැට උඩ වගෙයි. ඉශාන්ට අළුත් යාළුවො ඉන්නවා. තරූෂගෙ ලෝකය තවත් කඩා වැටුණා.
පන්තියෙ තීන්ත ගාන දවසෙ ඉශාන්ගෙ දෙමව්පියන්ටයි, තරූෂගෙ දෙමව්පියන්ටයි එන්න බැරි උණා. ටීචර් ඉශාන්ට වචනයක්වත් කිව්වෙ නැහැ. ඒත් තරූෂට ළගට අඩගහලා ඔහුගෙ දෙමාපියන්ට හොදටම දෙස් තිබ්බා, ළමයා ගැන වගකීමක් නෑ කියලා. අම්මලාට බනින කොට තරූෂගෙ පුන්චි හිතට ආවෙ ලොකු දුකක්."ඇති" තැනයි "නැති" තැනයි වෙනස පුන්චි එකාට දැන් හොදට තේරෙනවා.
ටික දවසකින් වාර විභාගය ආවා. ඉශාන්ගෙයි තරූෂගෙයි ලකුණු කවදාවත් නැති විදියට හොදටම අඩුයි. ලකුණු පරීක්ෂා කිරීමේදි 3 වසර භාර ගුරුතුමිය මේ ගැන හොයලා බැලුවා. තරූෂ හුගක් දක්ෂ ළමයෙක් බව ඇය දැනගෙන හිටියා. පන්තියේ සිද්ද වෙන වෙනස් කම් ගැන ඇයට දැන ගන්න ලැබුණා. කතන්දරේ විදුහල්පතිතුමිය ගාවටම ගියා. විදුහල්පතිනිය ළමයි දෙන්නගෙම දෙමව්පියන් එක්ක කතා කළා. එහෙන් ඉශාන් අකීකරු, කියන දේ අහන්නෙ නැති ඉස්කෝලෙ වැඩ නොකරන දග ළමයෙක් වෙලා. තරූෂ හැම තිස්සෙම ඉන්නෙ දුකෙන්, කේන්තියෙන්. හැම වෙලේම කල්පනා කරනවලු. කවදාවත් නොකරපු විදියට අම්මලා එක්ක රණ්ඩු වෙනවලු, අළුත් පොත්, ඇදුම්, සපත්තු එහෙම ඉල්ලලා.
කරුණාවන්ත විදුහල්පතිනියට සිද්ද වෙලා තියන දේ තේරුණා. ඈ පන්ති භාර ගුරුතුමිය ගෙන්නලා අවවාද කළා. ළමා කාලය කියන්නෙ ජීවිතයෙ පදනම, ඒ කාලයෙ ළමයින්ගෙ මනසට වැටෙන දේවල අනුවයි ජීවිතය හැඩ ගැහෙන්නෙ. තමන්ගෙ පුද්ගලික කැමැත්ත, හැගීම් අනුව වැඩ කිරීමෙන් ගුරුතුමී මේ කරන්නෙ පුන්චි එවුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කිරීමක් කියලා විදුහල්පතිනිය පැහැදිලි කළා.
ඒ කතාව අහගෙන හිටියත් ගුරුතුමියට කියන්න හේතු තිබුනා. තමන්ගෙ වැරැද්ද පිළිගන්න ඇය ලෑස්ති නැහැ. ඒ විතරක් නෙවෙයි, අහින්සක ළමයින්ට බනින්න ඇයට තිබුණු "සාධාරණ" හේතුත් ඉදිරිපත් කළා. හිතුවක්කාර ගුරුවරියක් නිසා අසරණ දරුවන්ගෙ ජීවිත නාස්ති වෙන හැටි ඇයට පෙනුණා.
පුන්චි ළමයිනුත් සමනල්ලු වගේ. උන්ට එක එක පාට පියාපත් තියනවා. සමහරක් පිහාටු හරිම ලස්සනයි. දැක්කම ආස හිතෙනවා. සමහර උන්ගෙ පිහාටු එච්චරම ලස්සන නෑ. ලස්සන උණත් නැති උණත් මේ පිහාටු හරිම සියුමැලියි..පිහාටු කැඩිලා බිදිලා ගියොත් උන්ට නැති වෙන්නෙ ජීවිතේමයි..පිහාටු ලස්සන උණත් නැතත් උන් පියාඹනවා..ඒ උන් සමනල්ලු නිසා....
මේක ඉතින් වෙන කාටවත් නෙවෙයි මටම වෙච්ච ඇබැද්දියක්. එකපාරක් මගේ යාළු කොල්ලෙක් ඒකගෙ වෙඩින් එකට මට ආරාධනා කරලා තිබුණා. එතකොට අපි 3rd ඉයර් එකේද කොහෙද. බොරු කියන්නෙ මොකටද ඒ කාලෙ මම සාරි අදින්න දන්නෙ නෑ. වෙඩින් එකකට යනවනම් පාටි ඩ්‍රෙස් එකක් හරි ෂල්වාර් කමීස් හරි තමා ලේසියට අදින්නෙ. සාරි නොඇදම බැරි එකක් නම් ඉතින් කාට හරි කියල අන්ද ගන්නවා. අනිත් එක මට දවසම හරි වරුවක් හරි ඔය යාර හයක් පටල ගෙන ඉන්නව කියන එක ඒ දවස් වල හිතා ගන්න බැරි දෙයක්. ඉතින් සාරියත් එක්ක මගෙ තිබ්බෙ බොහොම දුරස්ථ සම්බන්ධයක්. ඒකයි ලේසියට අර වගෙ එකක් ඇදන් ගිහින් ෂේප් වෙන්නෙ. ඒක මගෙ යාළුවොත් දන්නවා.
වැඩේ කියන්නෙ මේ කොල්ලා එක්ක එහෙම බෑ. වෙඩින් එකට ඉන්වයිට් කරන ගමන් මූ කියපි "උඹ මගෙ වෙඩින් එකට සාරියක් ඇදන් වරෙන් තේරුණාද? නයි නළගන වගේ සර්වාරිද වල්සාරිද මොනාද ඇදන් ඇවිල්ල තිබ්බොත් බලාගෙනයි!" කියලා. එහෙම තර්ජනය කරාම ඉතින් තවත් කොහෙද. මොනව කරන්නද ඉතින් ඒ පාර සති ගානක් තියා සාරි හැට්ට මහන්න ඕඩර් දීල, මිමි අරගෙන, ඩිසයින් හොයාගෙන, බ්ලොක් හදාගෙන, මස්සවලා, ෆිට් ඔන් කරලා, ආයෙ ලොකු කරලා පුන්චි කරලා හදා ගත්තා. හයියූ...සාරිය වූකලී එබදු වූ දුක් ගැහැට රැසකි. අනික් ඇදුම් වගෙ කලින් දවසෙ රෑට ලෑස්ති කරන්නයැ ඉතින්.
වෙඩින් එක තිබ්බෙ සතියෙ දවසක. උදේ ලෙක්චර්ස් නම් කට් කරන්න පුළුවන්. ඒත් බ්‍රහස්පතින්දා හවස 3ට තියන ලෙක්චර් එක කට් කරන්නම බැරි එකක්. ඒ හින්දා මම වෙඩින් එකට "හාෆ් ඩේ" යන්න හිතාගන ඇදුනුත් අරගෙනම ආවා. "හාෆ් ඩේ" කිව්වට මනාල යුවළ පිටත් වෙන්න පැයකට කලින් ගියාම මට ඇති.
මොනා වුනත් අපරාදෙ කියන්න බෑ සාරියට හොද කමෙන්ට්ස් ටිකක් නම් හම්බ උණා ;) වෙච්ච මහන්සිය ගොඩක්ම අපතෙ ගිහිල්ලම නෑ වගෙ. සමහරු මම සාරි ඇදන් ඉන්නව දැකල උඩ ගිහිල්ලා. අද වහීද කියලා කුඩ හොයනවා!
ලෙක්චර් එකට යන්න වෙලාව ඇති කියලා හිතුවට හැමෝටම බායි කියලා, ෆොටෝස් සීයකට විතර මූණ දාලා, මනාල යුවලට සුබ පතලා, කලින් යන එකට යාළුවගෙන් බැණුනුත් අහලා යන්න ලෑස්ති වෙනකොට හිතුවට වඩා පරක්කු වෙලා. ඇයි දෙයියනේ මම ඇදුම් මාරු කර ගන්නත් එපාය. දැන් ඉතින් බස් එකේ යන්න වෙලා නෑ. ට්‍රයිෂෝ එකකවත් යනවා කැම්පස් එකට. තවත් අදුරන කවුරු හරි සෙට් වෙන්න කලින් මම හෝල් එකෙන් එළියට පැන ගතෙතෙ පරක්කු වෙන නිසාමයි. හෝල් එකට එනකොට මම මගෙ පොත් දාපු බෑග් එකයි ඇදුම් දාපු බෑග් එකයි රිසෙප්ෂන් එකේ තියලා ආවෙ. ඇදුම් බෑග් එක විතරක් අරගෙන මම ලේඩීස් වොෂ් රූම් එක ගියේ අනික් බෑග් එක එන ගමන් ගන්නම් කියල රිසෙප්ෂන් එකේ ගර්ල්ට කියලයි.
වොෂ් රූම් එකට පැනගත්ත ගමන් මම කලේ අර ඔතාගෙන හිටපු යාර හයෙන් නිදහස් වෙන්න හිතාගෙන සාරිය ගලවල දාන එකයි. ඇයි වදේ කවද කාපු ටකරන්ද? සාරිය නවලා දාගෙන මම මාරු කරන ඇදුම හොයන්න ගත්තා. එතකොට තමා කෑ ගැස්සුනේ....හත්වලාමේ! කෝ මගෙ ඩෙනිම? මම උදේ දා ගත්තා හොදට මතකයි. ඒත් මම දාගෙන තියෙන්නෙ ටී ෂර්ට් එක විතරද? බෑග් එක අනිත් පැත්ත ගැහුවා. ඩෙනිම නෑ..! දැන් සාරියත් ගලවලා..සාරිය ආපහු අදින්න දන්නෙත් නෑ.*&*(^&$#%#
දැන් ඉතින් කාපන්කො ටින් කිරි! ඒත් මට මතකයි මම ඩෙනිම බෑග් එකට දා ගන්නවා.....
හරි..ෂුවර් එකටම මම ඩෙනිම දා ගන්න ඇත්තෙ පොත් බෑග් එකට. පොත් බෑග් එක කෝ ඉතින්? රිසෙප්ෂන් එකේ. #$#%$^%&!@
මම ගත්ත ෆෝන් එක, යළුවෙක්ට කෝල් කරලා රිසෙප්ෂන් එකෙන් බෑග් එක ගෙන්න ගන්න. ෆෝන් එක ගන්නෙ නෑ. තව එකෙක්ට ගත්තා. ඒත් ගන්නෙ නෑ. යාළුවෝ සෙට් එකටම ගත්තත් එකෙක් නෙවෙයි ආන්සර් කරන්නෙ. @#$#$%%
හැබැයි ඉතින් අපෙ උන් වාඩි වෙලා හිටියෙ ඩී. ජේ ගෙ කණ අස්සෙ තිබිච්ච ටේබල් එකේ. ඒ කරච්චලේට ෆෝන් රින්ග් වෙනව තියා හෙණ ගැහුවත් ඇහෙයිද?
දැන් මොකෝ කරන්නෙ? ඊළගට වොෂ් රූම් එකට කවුරු හරි එනකම් ඉදලා රිසෙප්ෂන් එකෙන් බෑග් එක ගේන්න කියනවා. ඒත් කාගෙවත් බෑග් එකක් එහෙම කාටවත් දෙයිද? කමක් නෑ ට්‍රයි කරනවා කියලා විනාඩි දෙකක් විතර හිටියා. එකෙක්වත් ආවෙ නෑ වොෂ් රූම් එකට. මේ වෙලාවෙ හැටියට විනාඩි දෙක අවුරුද්දක් වගෙ දැණුනෙ. මෙතන වෙන අවශ්යතාවයකට ආවනම් පෝලිමක ඉදලයි යන්න වෙන්නෙ. ඕනෙ වෙලාවට මැස්සෙක් වත් නෑ. &#%$## මම හිතෙන් බනිනවා. තවත් විනාඩියක් යන්න කලින් වොෂ් රූම් එකේ දොර ඇරුණා. දෙයියො එව්ව වගේ ඒ ආවෙ මගෙ යාළුවා හර්ෂි..! මට ඒ වෙලාවෙ දැණුන සැනසීම විස්තර කරන්න මම දන්න වචන මදි. හර්ෂි මාව දැකල පුදුම උණා. "මෙන්න! ලෙක්චර්ස් යන්න කියලා පෙරළගෙන ආපු ගෑණි තාම අන්ඩර්ස්කර්ට් එක පිටින්? මොකද බන් කරන්නෙ? යන්නෙ නැද්දෙ?"
"යන්න ඕනෙ හර්ෂි මගෙ ඩෙනිම නෑ"
"හුටා!"
"ඕව් මචෝ. ඔයා හොද වෙලාවට ආවෙ. ඒක ඇත්තෙ මගෙ පොත් බෑග් එකේ. බෑග් එක රිසෙප්ෂන් එකේ, මට ගේන්න අමතක උණා. අනේ කෙල්ලෙ ඒක ගෙනත් දීපන්"
"මට දෙයිද එහෙම කාගෙවත් බෑ එකක්"
"අනේ ට්‍රයි කරපාන්.." මම කන් කෙදිරි ගෑවා.
"බැරි උණොත් ආපහු සාරිය ඇදගෙන එළියට යමු."
"මම සාරි අදින්න දන්නෙ නෑ ඕයි." මම කිව්වා.
"මළා. වෙලාවට මම දන්නෙත් නෑ හරියටම. මටත් අක්කා කෙනෙක් ඇන්දුවෙ. හරි හරි..මම ෂේප් එකක් දාල බෑග් එක ගන්න බලන්නම්" කියල හර්ෂි එළියට ගියා. හර්ෂි ආපහු එනකම් මම සියළු දෙවි දේවතාවුන්ට පින් දුන්නා.
විනාඩි ගානකට පස්සේ හර්ෂි ආවෙ මගෙ බෑග් එකත් අරගෙන..හම්මේ ඇති යන්තම්. මම ඊට පස්සෙ දැක්කෙ රිසෙප්ෂන් එකේ හිටපු අනිත් ගර්ලුත් ඇවිල්ල කියලා.! හපෝයි..වස නෝන්ඩිය! මොනා උණත් අනුන්ගේ බෑග් එකක් කාට හරි දෙනකොට වගකීම තියෙන්නෙ එයාටනෙ. හර්ෂි කොහොමහරි දන්න තුරුම්පු සේරම දාල බැරිම තැන එයාවත් එක්ක ගෙනම එන්න ඇති. මට වෙච්ච දේ අහල එයාටත් හිනා. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. කමක් නෑ එයත් ගෑණු පරාණයක්නෙ.
"මීට පස්සෙ වත් ඇදන් ඉන්න ඇදුම ගලවන්න කලින් මාරු කරන ඇදුම තියනවද කියල බලලා ඉන්න. විශේෂයෙන්ම ගලවන ඇදුම ආයි අදින්න දන්නෙ නැති එකක් නම්."
හර්ෂි ප්‍රොෆෙෂනල් විදියට නෝන්ඩි දානවා එකසිය ගානට. හෙට කැම්පස් ඇවිල්ල ඉවරයි වගෙ. මම ටිෂු එකකින් මේක්-අප් පිහිද ගෙන අඩියට දෙකට එළියට පැන්නා..