Pages

Saturday, July 7, 2012

දුයිෂෙන් සහ ගී කියන පරවියෝ...



ඒ මනරම් ගිම්හාන සැන්දෑවක්...උණුසුම් කාලගුණය නිසාත් සති අන්තය පටන් ගන්න යන නිසාත්, ප්‍රීතිමත් මිනිසුන්ගෙන් ෆැරැන්ස් චතුරශ්‍රය පිරිලා තිබුණා. ඩැනියුබ් ගග දෙසින් නගරය දිහාට සුළග හමාගෙන ආවෙ අපෙ එළිමහන් සැදෑ සාදයට ආව අමුත්තෙක් වගෙ...හදුනන, නාදුනන ආරාධිතයන් අතරෙ, දුයිෂෙන්ගෙ සිනා මුහුණ දැක්කත්, දයිවය මාව ඒ සාදයට යැව්වෙ ඔහුව මුණගස්සන්නමයි කියලා මට ඒ වෙලාවෙ හිතුණෙ නැහැ. “මම සන්ගීත කරුවෙක්, ගුරුවරයෙක්”. දුයිෂෙන් තමන්ව අදුන්වල දුන්නෙ එහෙමයි. ඔහු මා එක්ක කතා කලෙ වසර ගානක් තිස්සෙ දන්න කෙනෙක් වගෙ. ගීයක් ගයන්නැයි මට ආරාධනා කළ ඔහු මට “පුන්චි පරවියා” කියලා නමක් පට බැන්දා. "පුන්චි පරවියො, නුඹෙ හඩ ඉතාම ලස්සනයි, ඒත් නුඹ හදවතින් ගයන්න ඕනෑ..” දුයිෂෙන් ඔහුගෙ හඩින් ගයලා පෙන්නුවා. ඒ හඩ ආවෙ ඔහුගෙ ආත්මයෙන්මයි කියලයි හිතුණෙ. එදා රෑ ඔහුගෙ නැටීම නම් ඉතාම ලස්සනයි.. සාදය ඉවර වෙලා මම ගියෙ ඔහුට සුබ පතන්න. “නුඹව ආයෙත් මුණගැගෙන බව මට විශ්වාසයි”. දුයිෂෙන් කීවා. එදා රෑ මම වැෂලීනි පාර දිගේ ගෙදර ගියේ ඔහු ගැයූ ගීය මුමුණමින්..

හිතුව හැටියටම අපි දෙවන වරටත් හමුවුණා. “දුයිෂෙන්, ගී ගයන්න ඉගෙන
ගන්න මට ඔබෙ උදව් ඕනේ”. “පරවියො, නුඹට පුළුවන්, නුඹ දන්නවා. නුඹ වගෙ පුන්චි පරෙවියන්ට පුළුවන් ඕනෙ හැටියට ගයන්න”. ඔහු කියයි. “දුයිෂෙන්, මිනිස්සුන්ට ඇහුණොත් උන් හිනාවේවි. පරවියො ගී ගයන්නෙ නැහැ".
“අහපන්, හැම කුරුල්ලෙක්ම ගී ගයනවා. මිනිස්සුන්ට ඇහෙන්නෙ නැහැ, ඔවුන් ආදරය කරන්න දන්නෙ නැහැ. ඔවුන් දන්නෙ තමන්ට ඇහෙන දේ විතරයි.” දුයිෂෙන් මට උගන්වන්න පොරොන්දු වුණා. ඒත් පුදුමයකට වගෙ මට ගයන්න බැරි වෙලා තිබුණා. කොච්චර උත්සාහ කළත්, අර යකඩ කට ඉස්සරහට ගියාම මගෙ හඩ නැති වෙන්නෙ ඇයි...? “නිර්භීත වෙයන්, උඹෙ ආත්මයෙ නිදා ගෙන ඉන්න කුරුල්ලාව එලියට දමාපන්..ඌට නිදහසේ සින්දු කියන්ට ඉඩ දීපන්”..මම උත්සාහ කළා, කිහිප වරක්ම. ඒත් මට ගී කියන්න බැරි වුණා. “ප්‍රශ්නය තියෙන්නෙ නුඹෙ හිතේ. දුයිෂෙන් කෝප වුණා. උඹ උඹෙ හඩ හිරකරගෙනයි ඉන්නෙ. මෝඩ පරෙවියා, නුඹට ඕනෙ තරුවක් වෙන්නද?” දුයිෂෙන් කිව්වෙ කෝපයෙන්.

එදා ඉදන් මම උත්සාහ කළා මාස ගානක් යනකම්. හදවතින් ගයන්න කියලා දුයිෂෙන් කීවත්, මගෙ හදවත ගල් වෙලා වගෙයි දැණුනෙ. මට දැනෙනෙ විදිය ලෝකෙටම ඇහෙන්න කියන්න ඕනේ වුණත්, මගේ හිතිවිලි හිර වෙලා එළියට එන්න බයේ ඉන්නව වගෙයි දැණුනෙ. දුයිෂෙන්ට මගෙ හිත කියවන්න පුළුවන් නම්…අන්තිමේදි ඔහු මගෙ හිත කියවන්න උත්සාහ කළා.
“පුන්චි පරවියො, නුඹෙ සිතිවිලි වලට නිදහසේ ගලන්න ඉඩ දීපන්”  ඔහු කියන බව මම දැන හිටියා. “මම උත්සාහ කරනවා දුයිෂෙන්. ඒත් මගේ හිත හිර වෙලා”. දුයිෂෙන් මගෙ හිත කියවන්න පටන් අරන් කියලා මට දැණුනා. 

 “පුන්චි පරවියො..උඹ මෙච්චර දුර ඉගිලිලා ආවෙ ඇයි? ඉර එළිය දකින්න නැති, මහ සාගරය දකින්න නැති මේ කාපාතියා කදු වලල්ල උඹට සීතල වැඩි නැද්ද?” ඔහු ඇහුවෙ කරුණාවෙන්. “දුයිෂෙන්, මම ආවෙ ජීවිතය හොයාගෙනයි” මම කීවෙ විශ්වාසයෙන්.
“මේ අහපන් පරවියො, පලයන් උඹ ආපු දිහාවට. උඹ ආපු දූපතට ආපහු ඉගිලිලා පලයන්. සමහර විට එහි ඇති හුරු පුරුදු මල්, ගහ කොළ, ප්‍රීතිමත් හිරු එළිය, මූදෙ ලොකු රළ ගෙඩි දුටුවාම උඹට ගී ගයන්නට හිතේවි. නුඹ ආයෙත් හිනා වේවි”.

“දුයිෂෙන්, ඒත් මට උදව් කරන්න ඔබ එහි නැහැ”

“පරවියා, දෙවියන් උදව් කරනවා. මම ඒක දන්නවා” ඔහු කීවෙ විශ්වාසයෙන්.

“දුයිෂෙන්, ඔව්, විශ්වාසයි, මට පුළුවන් වේවි. කාපාතියා කදු වලල්ලට සමු දීලා මම යනවා. මගේ දූපතේදි මම ගී ගයන්නම්”

“පලයන්, ෆෙරි කන්ද මුදුනින් හැමදාම හවසට ඉන්දියන් සාගරය දිශාවට ඉගිල්ලෙන යෝධ කුරුල්ලාට කියපන්, ඌ උඹව ගෙදර අරන් යාවි”. 

“දුයිෂෙන් මම යන්නම්. මග බලන් ඉන්න කෙනෙක් නැති වුණත්, ඉක්මනටම යන්නම්”

“එහි දැන් වසන්තයද?”

“දුයිෂෙන්, මගෙ දූපතට හැමදාම වසන්තයයි”

දුයිෂෙන් හිනාවුණේ ආදරයෙන්. ඔහු මා වැළද ගත්තා.

“දුයිෂෙන්, ස්තූතියි ඔබෙ කරුණාවට”

“පුන්චි පරෙවියො, පරෙස්සමින් හිටපන්. දෙවියන් ඔබ සමග රැදේවි. නුඹෙ හඩ නුඹ තුළම තියනවා. එය හොයා ගත් දවසට, ලෝකෙටම ඇහෙන්න ගයාපන්…”


(සැබෑ කථාවක් ඇසුරිණි...)

Thursday, June 14, 2012

දළඹු ගීතය..



මම පුන්චි දළඹුවෙක්..
හෙමි හෙමින් ඇවිදින
කවුරුවත් ආස නැති කැත බූව වලින් පිරි

දළඹුවෙක්..
ඒ වුනත් කවද හරි...
සමනළෙක් වෙනවලු මමත්
පාට පිහාටු තියන
මලින් මලට ඉගිලෙන
ලස්සන පාට සමනළයෙක්...
එතකොට..
මගෙ තටු මොන පාට වේවිද..
කොයි තරම් ඈතට ඉගිලෙන්න හැකිවෙයිද.. 
එදාට හැමෝම මන් දිහා බලාවි..
ඉතින් තව කොච්චර කල් යයිද..
සමන
යෙක් වෙන්න…
සතියක්-මාසයක්-නෑ ඊටත් වැඩි වේවි
ඊට කලින් මම මැරේවිද..
ඒ වුනත්..
සමනල් පිහාටු ලස්සන වුනාට
හරිම සියුමැලියිලු
යන්තමට බිදිල ගියොතින්
මැරිල යන්නත් හැකිලු
ඒ වු
ත් කමක් නෑ..
දළඹුවෙක් වෙලා ගෙවන
මේ ජීවිතේට වඩා,
සමනළයෙක් වෙලා මැරෙන එකත් හොදයි... 
අඩු ගනනෙ මට ලෝකෙන්
ආදරේ  වත් ලැබේවි නෙ…
එ වුනත් මම තාම දළඹුවෙක්...
කවුරුවත් ආස නැති කැත බූව වලින් පිරි
දළඹුවෙක්...

Thursday, June 7, 2012

කතන්දර..



මේ තරම් කතන්දර..
කොහෙන්දෝ හිතට
කතා නොකරම හිටියද 
කල්ප ගානක්.. 
වදන් නොමැතිව හිටියද 
කියා ගන්නට..
කෙනෙක් නැතිවම හිටියද..
කියා දෙන්නට..
හිතේ තිබුනද..මේ හැම කතන්දර..
මුදා ලන්නට හැකිනම් 
මේ කතා හිස් අහසට.. 
කුරුල්ලන් වගේ ඉගිලිලා යන්නට..
කෑ ගසා කියන්නට
ලෝකෙටම ඇහෙන්නට...
අඩු තරමෙ නුඹට වත් ඇහෙන්නට....
හිතේ ගුලි වුණු කතන්දර...

Thursday, May 24, 2012

මම බයයි උඹට...



මම පොඩි කාලෙ ඉදලම උඹට තිබුනෙ පුදුම බයක්. මම කොහේ ගියත් හැමතිස්සෙම බය උනා උඹ මගෙ ළගට එයි කියලා. උඹ මගෙ ලගට එනවා කියලා දැනුනොත් මම දුවගෙන යනවා කාව හරි හොයාගෙන. පොඩි කාලෙ ඉදන්ම උඹෙ තියන නපුරු කම මම දැනන් හිටියාමම වෙලාවකට හිතුවා කවුරුවත් උඹට කැමති නැති නිසා මාව හොයන් එනවද කියලාඒත් මම දැක්ක සමහරු උඹට කැමති බව. මම හිතුවේ උන්ට පිස්සු කියලා."උඹත් එක්ක මනුස්සයෙකුට ඉන්න පුළුවන්ද..?" මම එහෙම හිතුවා.අපේ අම්මලා මම පොඩි කාලේ කවදාවත් මාව උඹ එක්ක තියල ගියෙ නෑ. ඒත් ටිකක් ලොකු වෙද්දි ගොල්ලන් උඹව විශ්වාස කරන්න පටන් ගත්තා. මාව උඹ එක්ක තියලා, මාව දාලා ගියා. කරන්න දෙයක් නැති කමට මම උඹ එක්ක හිටියා.  

මම ටිකක් ලොකු වෙද්දි උඹ මගෙන් පලා ගියා. මට යාළුවො ගොඩක් හිටපු නිසා වෙන්න ඇති. අපේ මිත්‍ර සමාජයට උඹට එන්න ඉඩක් තිබ්බෙම නෑ. කාලෙදිත් මට උඹට තිබුණු අකමැත්ත වැඩි මිසක් අඩු උණෙ නෑ. කාලෙදි මට එක එක අය මුණ ගැහුණා. මම කා එක්කත් ආශ්‍රය කළා. කවුරු උණත් උඹට වැඩිය හොදයි , උඹ එක්ක ඉන්නවට වැඩිය ඕන කෙනෙක් එක්ක ඉන්න එක හොදයි කියලයි මම හිතුවෙ. මම දැනගෙන හිටියා, මගේ යාළුවො මාව දාලා ගියොත් උඹ මාව හොයාගෙන එනබව. ඒක හින්දා මම සමහරු නපුරු යාලුවොත් එක්කත් හිටියා, උන්ගේ කෙණෙහිළිකම් විදගෙන. පුළුවන්කමකට නෙවෙයි. උඹට තියන අකමැත්ත නිසා. උඹ මගෙ ළගට එනවට කැමති නැති නිසා. ඇත්ත, අකමැත්තටත් වැඩිය මට තිබුණෙ බයක්. මම මේ ලෝකෙ බයම කෙනා උඹ වෙන්න ඇති. අනිත් ගොඩක් අය වගේ මමත් කැමති පුළුවන් තරම් උඹව අඩුවෙන් ආශ්‍රය කරන්න.

 ඒත් කොහොම උනත් අන්තිමේදි හැමෝම මාව දාලා ගියා. උඹ හෙමිහිට මට කිට්ටු වෙනවා මට දැණුනා. මම උඹව අදුරන්නෙ නෑ වගෙ මග අරින්න හැදුවා. ඒත් හරි ගියෙ නෑ. දරුණු, නපුරු, අදුරු ගති ඇති උඹෙන් බේරෙන්න ලේසි නැහැ. උඹෙන් පලා යන්න මට බැරි වුනා. උඹ මගෙ ඔළුව ඇතුළට රින්ගලා මගෙ මොළය කා දමනවා වගෙ මට දැණුනා. මම මගේ යාළුවන්ගෙ නම් කියලා කෑ ගැහුවා. ඒත් කාටවත් ඇහුණෙ නැහැ.

ඒත් ටික කාලයක් ගියාම මම උඹට හුරු උණා වගෙ. පොඩි කාලෙ ඉදන් හිතපු තරම්ම උඹ නපුරු නෑ වගෙ කියලා ටික ටික හිතෙන්න පටන් ගත්තා. අඩු තරමින් අර උඹ එක්ක ඉන්න වෙනවට කියල මම හිටපු දරුණු මිනිස්සුන්ට වඩා උඹ හොදයි. උඹට තියන බයට, මම උන් එක්ක ඉදලා කර ගත්තෙ මෝඩ කමක්. උන් මගෙ කාලය විතරක් නෙවෙයි ජීවිතෙත් නාස්ති කරලා කියලා මට දැණුයි තෙරෙන්නෙ. උන් දැනන් හිටියා මම උඹට බය බව. ඒකෙන් උන් කොච්චර ප්‍රයෝජන ගත්තද. අපරාදෙ එහෙම වුනේ. ඒත් තාමත් මම උඹට එහෙමටම කැමති නැහැ. කොහොම උණත් සමහර වෙලාවල් වලට උඹ එක්ක ඉන්න මම කැමතියි. සමහර විට මගෙ වටේ ගොඩක් අය ඉදිද්දිම උඹත් මා එක්ක ඉන්නවා. සමහර විට මම උන්ට බොරු හිනාවක් එක්ක හොද මූනක් පෙන්නලා උඹ එක්ක කතා කර කර ඉන්නවා. සමහර වෙලාවට වැඩ වලින් පීඩනයට පත් වුණාම පැත්තකට වෙලා හිත සන්සුන් කර ගන්න උඹ මට උදව් කරනවාමට මන් ගැනම ගොඩක් දේවල් උඹ කියලා දුන්නා. පාඩම් වෙන කිසිම යාළුවෙක්ගෙන් ඉගෙන ගන්න බැරුව ඇති. මම ඉස්සරට වැඩිය උඹ එක්ක හොද යාළුකමක් ඇති කරගෙන කියලයි හිතෙන්නෙ. කොහොම වුණත්, උඹේ තියන අදුරු ගතිය නිසා, මට උඹ එච්චරම ප්‍රිය මනාප නම් නැහැ. මොකක් හරි හේතුවක් නිසා උඹ එක්ක ගොඩක් වෙලා ඉන්නත් මම බයයි. ඒත් කවුරු හරි ඇහුවොත් මම කියනවා උඹ මගෙ හොද යාළුවෙක් කියලා. ඔව්උඹ මගෙ හොද යාලුවෙක්..............................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................හුදෙකලාව....

Saturday, May 19, 2012

කෙල්ලන්ගේ බැචෙලර් පාටියක් දුටිමි...(අම්මෝ):O






එය ටිකක් හීතල හැන්දෑවකි.ආසාව තිබ්බේ ගෙදර ඉදන් ගුලිවී නිදන්නටය. නමුත් මගේ ගජ මිතුරිය කෝල් කළේ එදා  R&B පාටියක් තියනවා යමු කියාය. කම්මැලි කමක් තිබ්බත් අපිද R&B වලට ආස ළමයි නිසා මම හා කීමි. එහි R&B පාටියට පෙර හිප් හොප් තරගයකි. ඊට තරග කරුවන් හා කාරියන් සැදී පැහැදී සිටියහ. එහෙත් අපි ගියේ නටන්නට නොව නටන්නන්ට හූ කියන්නටය. හෙළ බසින් කියනවානම් චියර් කරන්ටය.


කලින් ගිය අපිට දැන ගන්නට ලැබුනේ තරගය පටන් ගන්නට තව වෙලා තියනවා කියලාය. මමත් මගෙ ගජියත් වාඩිවී කදයක් දැමීමට පටන් ගත්තෙමු. එහෙත් අපේ කතාවට බාධා පැමිණුනේ මේස දෙකක් එහා පැත්තේ සිටි කෙල්ලන් රොත්තකගෙනි. උන් හූ කීහ. කෑ ගැසූහ.මහ පොළොව දෙදරන්නට සිනාසුණහ. කෙටියෙන් කියතොත් මොවුන්ට හොද පදමට වැදී ඇති බවය වැටහුණේ. අම්මෝ..කෙල්ලන් බිව්වාම කොච්චර දරුණු වෙනවද? කොල්ලන් තව හොදය. මන්දයත් කෙල්ලන් බිව්වාම හිනාවන්නේ ලොවටම ඇහෙන්ටය. එය ළදුන් සාමාන්යයෙන් නොබීපු වෙලාවට දමන මිණි කින්කිණි පරයන හිනාව නොවේ. මහ දරුණු හිනාවකි. එයට භූමි කම්පා හා සුනාමි ඇති කළ හැක. ඒ හිනාව ලග ඉන්නා අයගේ කන අස්සට රින්ගා මොළය කා දමයි.


තව ටිකකින් උන්ගෙන් ඇසුණේ දෙදරා යන සිනාව ඉක්මවා හිය අත්පුඩි හඩකි. තරගය පටන් ගන්න තව වෙලා ඇත. මුන් අප්පුඩි ගහන්නේ ඇයිදයි මම හැරී බැලීමි. එවිට මා දුටුවේ ඇදුම් එක එක ගලවා දමන ලස්සන කොල්ලෙකි.! කෙල්ලන් අප්පුඩි ගැහුවේ ඒකටය. බොලේ..මූට මක්වෙලාද..:O?? මැජික් බලන්නා වගේ පුදුම වී ඒ දෙස බලා සිටි මට මගේ ගජිය කීවේ 'ආ ඕක මේ කෙල්ලන්ගේ බැචෙලර් පාටියක්නේ' කියාය. කොල්ලන්ගේ බැචෙලර් පාටි ගැන මා අසා තිබුණි..ඔබද අසා ඇතයි සිතමි. අසා නැති හොද ළමයින්ට මා එය මෙසේ විස්තර කරමි. (එහෙත් එහෙම වුන් මෙහි නැති බව දනිමී.එසේ උවද කෙටියෙන් විස්තර කරමී)


ඒ කෙසේද යත්, බටහිර රටවල කොල්ලන් යුග දිවියට පිවිසීමට කලින් දිනයේ මෙවන් බැචෙලර් පාටි දමත්. එය සාමාන්යයෙන් මනමාලයාගේ ගානේ මිතුරන්ට දෙන පාටියක් වන අතර එහි අරමුණ වන්නේ මනාලයාගේ ජීවිතයේ "නිදහසේ අවසන් රාත්‍රිය" හෙවත් උගේ තනිකඩ ජීවිතයේ අවසන් රාත්‍රිය සැමරීමයි.මෙම පාටියේ අන්තර්ගතය 18+ විය යුතුමය. එසේ නැතහොත් එය බැචෙලර් පාටියක් නොවේමය. බොහෝවිට ස්ට්‍රිප් ක්ලබ් නොහොත් කෙල්ලන් ඇදුම් ගලවන සමාජ ශාලා වලට යාම හෝ ස්ට්‍රිප් කෙල්ලකට/කෙල්ලන්ට ඉන්වයිට් කිරීම මෙහි අනිවාර්ය අන්ගයකි. සැබවින්ම කසාද බැදීමට පෙර දවසේ මෙවන් අළුකුත්තේරු පාටි දමන්නේ නෝටි ඇමරිකන්ලා මිසක් අපේ රටේ කොල්ලන් නොවේමයැ. අපෙ රටේ අයියලා මල්ලිලා හැදිච්ච අහින්සක උන් නිසා ඔව්ව නොකරන්නාහුය. ස්ට්‍රිප් ක්ලබ් යාමට තබා කෙල්ලක් නේත්තරා ඉදිරියටම පැමින ඇදුම් ගැලෙව්වත් උහු අහක බලාගන්නවාය. නැතහොත් දෙනෙත් පියාගෙන පිළිකුල් භාවනාවේ යෙදෙන්නාහුයැ. ඒ අපෙ උන්ය. ඒ ගැන හිත්ද්දී මට ඇඩේ. එබැවින් ආපහු කතාවට යමි.


ඉදින් නෝටි ඇමරිකන්ලාගේ ඉහත කී විකාර රූපී පාටි ගැන මා අසා තිබ්බත් ඒ හුදෙක් කොල්ලන්ගේ පාටි ගැන පමණි. දැන් මෙහි මේ සිද්ද වන්නේ එහි ෆීමේල් වර්ෂන් එකය. එනම්,හෙට කෙල්ලක් දීග යයි; මේ ඇගේ බැචෙලර් පාටියයි. (බැචෙලර්ගේ ගැහැණු සතා බැචිලී කියා සිතන් සිටියත් එය "බැචෙලරෙට්" යනුවෙන් වර නැගිය යුතු බව ගූගල් පඩිතුමෝ මේ දැන් පැවසූහ.) එනම් ඈ ඇගේ මිතුරියන් හා එක්ව කොල්ලෙක්ගේ ඇදුම් ගලවයි.:O


මා එදෙස බැලුවද වටේ ඉන්නා කාටවත් එහි වගේ වගක් නැත. උන්ට එව්වා දැක පුරුදු හැඩකි. මගේ ගජිය කීවේ එව්ව මෙහි සුලබ බවයි. සුදු පාට ඈට මෙව්වා නෝමල්ය. අපිටනම් මැජික්යැ. එබැවින් මම මහා පහන් කූඩු රාජයා නරඹන්නාක් මෙන් බලා සිටියෙමි. කොල්ලා ගැන කියනවානම් ඌ හැන්ඩියෙකි. මුහුණ ඉතා සුන්දරය. බීමත් කෙල්ලන් ඉදිරියේ ඌ මෙලහටත් ටොප්ලස්ය. ඒකාටද එක අතකින් එය ෆන්ය. මූ එක්වරම කලිසමද ගැලවීය..! අම්මෝ! මම ඇස්පියාගතිමි. පියාගෙන හොරෙන් පමණක් බැලීමි. කෙල්ලෝ චියර් කරති. මා හිතුවේ මූ ඉතුරු එකද ගලවයි කියාය. එහෙම ගැලෙව්වොත් අරක පෙනෙන්නේය. ඒකට අපෙ මල්ලී පොඩි කාලේ කීවේ රන් කුරුල්ලා කියාය. මෙරටෙහි යමෙකු ප්‍රසිද්දියෙහි රන් කුරුල්ලා පෙන්නුවොත් දඩය රුපියල් වලින් නම් 10000කි. හොදටම අමාරු වුවද පාරේ චූ කිරිම තහනම් එබැවිනි. ස්ට්‍රිප් කොල්ලා යට එක ගැලෙව්වේ නැත්තේ එනිසා වෙන්ට ඇත. ඒ මොනවා උනත් ඒකා ලස්සනය. මේ උගේ පාට්-ටයිම් ජොබ් එක වෙන්ට ඇත. එහෙත් කවුරුත් එව්වා ගැන ඉන්ට්‍රස්ට් නැත. මන්ද යත් මෙයද තවත් රස්සාවක්ම බැවිනි. ස්ට්‍රිප් ෂෝ එක අවසානයේ ඒකා වෙන්ට මනමාලිය ඇතුළු කෙල්ලන් පිරිසට හාදු දුන්නේය. උන්ට වෙරිය. එනමුත් එන්ජෝයි කළ බව පෙණුනි. මනමාලියට තැන්කූ වෙන්න අපිත්-නෑ-මමත් ඒක එන්ජෝයි කළෙමු.


ප.ලි. අනේ මම මේ නිකමට  කියන ආගිය කතා අසා අපෙ අක්කලා/නන්ගිලා නරක ආදර්ශ නොගනිතැයි බලාපොරොත්තු වෙමි..

සද නුඹ...




නිමක් නැති අහසට
එළිය දී ගලා එන
සුමුදු සද එළිය නුඹ
මහද උතුරා ගලන…

කුමුදු මල් හිනාවෙන

රෑ යාමෙ කළුවරක
තනිව නුඹ දෙස බලන්
හෙලන සුසුමන් බෝම…

සියවසක් මහලු වුව

කුලුදුල්ය හැගුම් තව
රැයක තනි කම දරන්
හීන පොදි නිදිවරන…

දහස් තරු පිරිවරන්

සිනාසෙනු දැක දැකම
බලා උන්නත් තාම
නුඹ මගෙන් බෝ දුරය…

තරු වලට ඉඩ ඇතත්

මට ඉඩක් නැති හැඩයි
මමයි අහසයි සදයි
යාවෙන්නෙ නැති හැඩයි…

පමා වී ආවත්..වසන්තය..



ඉරිතැලුණු මහ පොළොව අතුරා
සිහින වර්ෂා ඇද හැලේවී..
නිදා වුන් කොවුලන් අවදි වී 

ගී ගයන්නට හඩ ගසාවී...
නුහුරු නුපුරුදු වස්සානයේ
මියුරු රිද්මෙට හද ගැහේවී..
කුරවි නිම්නෙට ළහිරු කැන් වැද
සුබ දසුන් තව අරන් ඒවී..